(පාලිත ආරියවංශ)
ආර්යාව භාර්යාව කතාවක් අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට සමාජ ජාලවලින් විනාශයක් කිරීමට උත්සාහ කළද ගමේ මිනිස්සුන්ට එය ප්‍රශ්නයක් නොවන බවත් ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (15) බදුල්ලේදී පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී ඇමතිවරයා මෙසේද පැවැසීය,
"මේක එක්සත් ජාතික පක්ෂයට හා අපේ රටට දේශපාලන වශයෙන් එපා වුණ කාලයක්. ඒකට සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කිසි බලාපොරොත්තුවක් ඇතිකරගන්න හැකියාව තිබෙනවා.
මොකද පැරණි ගතානුගතික ක්‍රමවේදයන්ට වඩා ලංකාව අවරුදු 52 ක නායකයෙකුට යනවා කීම තුළ මිනිසුන්ට රට ගැන විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුලුවන්.
කතාවක් අල්ලාගෙන නොයෙකුත් සමාජ ජාලාවලින් මහා විනාශයක් කරන්න උත්සාහ කළත් ගමේ මිනිස්සු ආදරේ සජිත්ට. ඒක ආර්යාවද භාර්යාවද කියලා ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ඒක්ක.
ඒ වගේම රටේ බහුතරයක් ඉන්නේ සජිත්ට. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා වැටිච්චි වලෙන් ගොඩ යන්න නම් රට ගැන බලාපොරොත්තුවක් තියන්න නම් එකම පවුලකට බලය දෙනවාට වඩා අයියගෙන් මල්ලිට, මල්ලිගෙන් බාප්පාට අම්මගෙන් පුතාට යනවාට වඩා ප්‍රේමදාස කියන අරුත්බර නමක් තිබෙන 1995 ඉදලා පූර්ණ කාලීනව කටයුතු කර ඇති ගම්මු ආදරේ පුද්ගලයෙක් තමයි සජිත් ප්‍රේමදාස.
ඒනිසා මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු කැමති නායකයෙකුට අපි ඉඩ දෙන්න ඕන.ඒකයි හරි ක්‍රමවේදය‘‘ බව ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ මේක මතක තියාගන්න. ඔය කියන කෙනාත් ඉන්න ආණ්ඩුවෙන් තමයි මේ රටට මෙච්චර විනාශයක් කලේ. පවුල්වාදය කතා කරන ඔයාලට අමතක වුනාද ප්‍රේමදාස කියන්නේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් බව..
ඔව් ඔව් මෙයාගෙ ගමේ මිනිස්සු නම් තරහ නැතිව ඇති.මෙයාගෙ ගම කොහෙද හැබෑට.
ප්‍රේමදාස මැතිතුමා නරකමත් නැහැ ඒත් ඔය පක්ෂයේ අයම නේද එයාගේ කකුලෙන් අදින්නේ, ජනතාව බලාගෙන ඉන්නේ සුදුස්සාට තැන දෙන්න. එනිසා දැම්ම පුරසාරම් දොඩවන එකනම් කාට කාටත් නවත්වන්නේ වේවි.
අපිත් ගමේ. අපට නම් ඔය ඔක්කොම එපා වෙලා ඉන්නේ. මෙයා කියන්නෙ කොහේ තියන ගමක් ගැනද දන්නෑ.
සජිත්ට වඩා නවීන් නරකද? එයාට බුද්ධිමත්කමත් උගත්කමත් තියෙනවා, මහවැලි ප්‍රදේශ වල ජනතාව තවමත් ගාමිණී දිසානායක මැතිතුමාට ගරුකරනවා, උඩරට ඡන්දත් වැටෙනවා, පක්ෂයේ විශ්වාසයත් තිබෙනවා, කුණු නාමෙකුත් නැහැ, එයාගේ පියාත් රට වෙනුවෙන් පක්ෂේ වෙනුවෙන් දිවි පිදු පක්ෂයේ ජ්යෙෂ්ටයෙක් විශ්වාසය තැබියහැකි පක්ෂයේ තරුණ නායකයෙක්, නේද?
සජිත්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඔහු ප්‍රේ මදාස මහත්තය තරම් දක්ෂයෙක්ද ? ඔහුට රටක් කරගෙන යන්න පුලුවන්ද
බොරු කියන්න එපා! ගමේ අපි ඉන්නේ ගෝටාභය එක්ක. ඔයාල මොනව කිවුවත් රට බේර ගත්තේ රාජපක්ෂවරුන්! ගමේ මතය ඒකයි.
සජිත් ඉන්නේ මෛත්‍රිත් එක්ක. මෛත්‍රී ඉන්නේ පොහොට්ටුවත් එක්ක. අන්තිමට ඔය සෙට් එකත් පොහොට්ටුවට. ඔහෙලට හුලං .
එතකොට රවිත් එක්ක ඉන්නේ කවුද?
සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයට ගමේ පමණක් නොව කොළබත් චන්ද තිබෙනවා , එජාපෙ ඉන්න ජනප්‍රියම පුද්ගලයා සජිත් , නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ ප්‍රහාර වලින් පසු එජාප , ශ්‍රී ලනිප , පොහොට්ටුව කියන පක්ෂ 3 ම නායකයෝ මුස්ලිම් ඡන්ද වලට පෙරේතකමින් හැසිරුණ ආකාරය ගැන ජනතාව ඉන්නේ විශාල කලකිරීමකින් , මෙම මහා පක්ෂ 3 ටම නැති කෙනෙකුට ජනපතිවරණය ජයගන්න 40% විතර අවස්ථාවක් ඇතිවෙලා තිබෙනවා , එජාපෙ දැන් ඉදන්ම සජිත්ව නම් කරලා එකට එකතුවෙලා වැඩ කලොත් සහ මෛත්‍රිපාල ජනාධිපති තුමා ශ්‍රී ල නි පෙන් ඉල්ලුවොත් සජිත්ට ජනාධිපතිවරණෙ දිනලා එම ගැම්මට එජාපෙට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න අවස්ථාව තිබෙනවා , එජාපෙට වෙන විකල්පයක් නැත .
ගමත් එක්ක නිතර .ගැවසෙන අපිටත් දැනෙන්නේ හරින්ගේ කතාව හරි බවයි.
මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය වලේ වැටි නැත. වලේ වැටි ඇත්තේ කව්ද කියා රටම හොදින් අවබෝධ්දවී තිබේ. ඔබට සත්‍ය වශයෙන්ම දේශපාලන අවබෝධයක් සහ උගත් කමක් තිබේද ? එසේ තිබේනම් රටක අනාගතය බාර දියයුත්හේ කාටද කියා හොදින් සිතා බලන්න .
නිකම්ම සජිත් නොවෙයි හලෝ අනාගත ජලනි ආර්යාවගේ සැමියා වන ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස.
පොඩි පොඩි වැරදි අල්ලගෙන නටන අයගේ ලොක්කගේ භාරයව නම් අඩුගානේ වචන දහයක් කතා කරනවා අපි නන් දැකලා නෑ. එයා ඉස්සර උත්සව වලට ආවාත් කතා කරන්නේ නැතුවම තමා යන්නේ. එහෙම බලද්දී මෙහෙම හරි සජිත්ගේ නෝනා මිනිස්සු වෙනුවෙන් මහන්සි වෙන එක හොද දෙයක්.
කවුද තාත්තාද කිවුවේ
සමාජ ජාලා බොරුද කියන්නේ?
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න හා හිටපු එක්කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා
සජිත් ප්‍රේමදාස මැතිතුමා හොද වෙන්න පුළුවන්. නමුත් මහත්තයෝ ජනපති ප්‍රේමදාස තරම් නම් හැකියාවක් නැති බවයි පෙනෙන්නේ. කදිම නිදසුන නම් රට කරවන්න කලින් තමන්ගේ පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබාගන්න හැකියාව තියෙන්නේ ඕනේ. නමුත් මේවෙනතුරුත් ඒකවත් ගන්න බැරි සජිත් කොහොමද රටක් එකතු කරන්නේ..!
හරින් රටේ වැඩිදෙනා බුද්ධිමත් මිනිස්සුද මෝඩ මිනිස්සුද?
ඔය මේ "ගමේ මිනිස්සු" කියන්නේ එයා ගෙවල් හදල දෙන අය ගැනනේ. "දිය කිරි වලට බළලුත් සාක්කි දෙනවා" කියන්නේ මේ වගේ කතා වලට වෙන්න ඇති කියලා හිතනවා. නායකයෝ ඔහොම බිහි වෙනවා නම් ලෝකයේ තියන එකම දුපත ඕක වෙන්න ඇති.
අපට නම් මේ එක්කෙනෙක්වත් ඕනේ නැහැ.
මේ වහල්ලුන්ට තේරෙන්නේ නැහැනේ, රට බේරා ගන්න යුද්ධ කලේ, ජීවිත පුජා කලේ, අත පය අහිමි කර ගත්තේ අපේ දරුවෝ, අපේ සහෝදරයෝ මිසක් රාජපක්ෂලා නොවන බව.
නායකයාව පක්ෂය තේරුවාම ජය තේරීම මහජනයා අත තියෙන්නේ.
අපිත් ඉන්නේ ගමට එනකම් ආදරය කරලා පෙන්නන්න
අපොයි ඔව් අපේ ගම් වල එහෙම පිරිලා ඡන්දෙකට ඇවිල්ලා බලන්නකෝ මහත්තයෝ
වසර හත්තෑවක් අපේ ඡන්දය අරගෙන හාම්පුතලට කඩේ ගිය අයට සහ මේ රට මෙම තත්වයට පත්කරන්න තමුන්නාන්සේලා සියලුදෙනාම වගකිවයුතුය. එම නිසා මේ රටට ගැලපෙන නායකයෙක් ප්‍රධාන පක්ෂ වල නොවන කෙනෙකුට අපේ ඡන්දය, නැතිනම් අපි බහුතරයක් ඡන්දය නොදී ඉන්නවා, ඔය හැමෝම මේ රටේ වැඩකරන පන්තිය රවටපු උදවිය
මූ බයිලා ගහනවා ,අවුරුදු 4 ක් තිස්සේ කි.මි 16 දිග බණ්ඩාරවෙල -ඇටම්පිටිය පාර හදන්ඩ බැරි උන්, මූටත් හොම්බෙන් තමයි යන්ඩ වෙන්නේ ඡන්දේ කදී.
ඔව්. කොළඹ මිනිස්සු ඉන්නේ නෝනත් එක්ක
ඔය ගම්වල ඡන්දේ දෙන එවුන් තමා මේ රටේ දේශපාලනය නරක කරේ. ගම්වල ඉන්න සල්ලි කාරයෝ ටිකයි , බෝක්කු උඩ හිටපු රස්තියාදු කාරයෝ ටික රට පාලනයට එව්වේ ගම්වල ඉන්න මීහරක් තමා.
හිතුවේ මෙයා මිනිහෙක් කියල. එත් දැන් පේනවා මෙයත් එක වහලෙක් විතරයි කියලා. ජලනි ගේ කතාවෙන්ම පේනවා නේද මනුස්සයෝ මොකක්ද වෙන්න යන්නේ කියලා. දුප්පත් මිනිහට හොම්බෙන් යන්න වෙන්නේ. සජිත් නිදන් හාරන්න ගියෙත් ඔය තණ්හාව නිසාම තමයි.
සජිත් නින්දෙන් ඇහිරිලා වගේ හුන්ඩු ගෙවල් හද හද බෙදනවා නිකම් නොවෙයි ගෙවීමේ ක්‍රමයට. නිකම් නොදෙන එක හොඳි මොකද ඇත පය හයිය තියන අයට නිකම් දුන්නම මිනිස්සු නිකමෝ වෙනවා. සජිත් ගෙවල් හදවන ක්රමයේ වැරද්දක් තියනවා, ඔය හැම සංවර්ධන වැඩක්ම පාර්ලිමේන්තුවේ සහ විද්වතුන්ගේ කතිකාවතකින් පසුව තව අවුරුදු 50ක් වත් ඉදිරියට හිතල කල යුතු වැඩ, ලෝක ජනගහනය සීඝ්‍රෙයන් වැඩිවෙනවා, භූමිය අපිට රිසි ලෙස භාවිත කරන්න බැහැ. කැලයට අවම හානියක් වෙන ලෙස , කුඩා ඉඩකින් සියලුම මූලික අවශ්‍යතා ඉටුකරගත හැකි ආකාරයේ නිවාස. ග්‍රාමීය පරිසරයේ සියලුම ගෙවල් එක ස්ථානයකට කේන්ද්‍ර කර, භූමිය ඉතිරිවන ආකාරයට ගෙවල් සැදීම කල යුතුයි. සජිත් අහුවෙන හැම තැනකම කලේ එලිකරලා ගෙවල් හදනවා. ඔහුගේ ඇමති බලය මෙහෙයවල රජයේ පරිසර වාර්තා සහ අනුමැතිය ලබාගැන කරන මේ ජාතික විනාශය විපත්තු සංහාරයට වැඩ බරපතල බව බොහෝ දෙනෙකුට නොපෙනේ.
අනේ කව්ද දන්නේ නැහැ ඔය ගමේ මිනිස්සු?? අර බත් පැකට් එකට පෙළපාලි යන්න එන අය වෙන්න ඇති.
මුන් එකෙක් වත් සමගි නෑ..... එකාට එකා නෑ....... මම නම් තනි පුද්ගලයෙක් ට ඡන්දෙ දෙන්නේ නෑ..... දක්ෂ කණ්ඩායමක් වන ජනතා විමුක්ති පෙරමුණ තමයි හරි ලංකාව හදන්න හැකියාව තියෙන්නේ
ඔය ගැනත් මම දන්නේ ඔහේ වාචාල කතා කියවන්නෙක් කියලයි.ඔබ කොහොමද ගමේ මිනිස්සු ගැන දන්නේ. පාස්කු සිද්දියේදී තමුන් නිදගෙනද හිටියේ?දැන් කොහෙද අර බැලුම ?කට වාචාල කියවන්න කලින් කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න.මම දන්නවා තමුන් පුම්බන්න හදන මිනිහගේ සමහර කෙරුවාවන්.1984-86 අතර කාලයේ කිසිම නියගයක් නැතිව 'යාල අබය භූමිය 'වැහුවේ මොකක් හින්දද?පුළුවන් නම් කියනවා.
දැන්නම් ලොසින්ජර කතා එමටයි. අනේ මිනිසුනේ දැන්වත් ඇහැ කන ඇරගෙන වටපිට බලාපියව්
මොකා ආවත් මේ අය ඉන්නකම් ආය වෙන අයට නො චාන්ස්. මේ පාර නම් අපි අහූවෙන්නෙ නෑ. මේ පාර අපේ එකම බලාපොරොත්තුව නාගානන්ද විතරයි.
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා.හරේන්, කණගාටුවෙන් උනත් කියන්න වෙනවා තමුන් ඉන්නේ කොහෙද?ඔය බෙලෙක් (බෝක්කු කටවල්වලට) ලගදීම පිළිතුරු ලැබෙයි.
කොයි ගමේද?ලංකාවේ වෙන්න බැහැ..... මොකද තවත් ඒජාෙපට ඡන්දය දෙන්න ගොන්නු ඉන්නවද ලංකාවේ?මේ පාලනය කර කාලේ රටට කොපමණ විනාශයක් කලද මුන් ටික???
ගමේ මිනිස්සුන්ට තියන ආදරයක්
ගෙයක් දෙන කල් විතරයි
හරින් ඔයාලගේ නියම තත්වය ජනතාව හොදින් අවබෝධ කරගෙන ඉන්නේ. නියම පිළිතුර තව මාස 6කින් බලාගන්න පුළුවන්.
ඇත්ත ඇත්ත සර්
නෑ නෑ රනිල් එක්ක
කවුරු දැම්මත් පවතින රජයට ගමේ මනාපය අහිමි වෙලා ගොඩක් කල්.
ගමේ මිනිස්සුන්ගෙන් විතරක් ආණ්ඩුවක් හදන්න බැහැ. සුළු ජාතීන්ගේ විස්වාසය දිනා ගත අයෙක් විය යුතුය. රටේ උගත් බුද්ධිමතුන්ගේ පිළිගැනීමට ලක් විය යුතුය. ආණ්ඩුවක් ගත්තත් එය සාර්ථකව පවත්වාගෙන යාමට බුද්ධිමත් පරිනත නායකයෙක් විය යුතුය. එමෙන්ම නුතනයේ ජාත්‍යන්තරය සමග හොදින් ගනුදෙනු කල හැකි නායකයෙක් විය යුතු. මගේ මතය නම් මේ කිසිදු සුදුසුකමක් ඔහු සතු නොවේ.
ලංකාවේ මුළු ජනගහනය 22,579,592, ඉන් 74.9% ක් සිංහල,11.2% ක් දෙමළ, 4.2% ඉන්දියන් දෙමළ, 9.2%ක් මුස්ලිම්, 0.5% ක් වෙනත් අය. යමකුට දිනාගන්න පුලුවන්නම් සිංහල 74.9% ම සුළු ජාතින් කේවල් කරයි ද? අඩුම තරමේ සිංහල බෞද්ධ 70.2% දිනාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? සිංහලයෝ ලෑස්තිද එහෙම එකතුවෙන්න. එහෙම එකතුවෙන්න බැරිනම් සිංහල කම ගැන කතාකරල වැඩක් වෙයිද? එවිට මෙරටේ ඉන්න සියලු මිනිසුන් ලාංකිකයින් ලෙස හදුන්වමින්. ලාංකිකයින්ගෙන් සිංහල ඇතුළු සියලු ජාතීන්ගේ ප්‍රතිශත ඉහත දැක්වූ විදිහට දක්වනවා හැර වෙන කළහැකි දෙයක් තිබේද? සුළු ජාතීන්ගේ පක්ෂවල කේවල් කිරීමෙන් තොරව රජයන් පිහිටුවිය හැකිද? සුළුජාතික චන්ද ජේවීපි චන්ද යුඇන්පි චන්ද ඇතුළු සියලු චන්ද ලබා 2015 දී ජනපතිවරණයෙන් දිනුවේ 62% කින් බව කවුරුත් දනිති. මෙවරත් සුළු ජාතික චන්ද ගන්න කෙනා තමයි දින්නේ. සජිත් හෝ වෙන කෙනෙක් නිසා නොවන බව වටහා ගන්න. සජිත් මෛත්‍රී සම්භන්ධය වැලගිය මුලගිය තැන් අද මුළු රටම දන්නා නිසා එජාප බහුතරය සජිත් කෙරෙහි මනාප නැති බව දැනගන්න. ජේආර් ට කරන්න නොදී බල ලෝභය නිසා ආර්.ප්‍රේමදාස අරන් ජීවිතෙත් නැතිකරගත්තා වගේ සජිත් දැනටම අනාගන.
කොයි ගමේ කට්ටියද
සජිත් එක්ක ඇති සජිත්ගේ ගමේ මිනිස්සු. අපේ ගම්වල මොලේ තියෙන, ඇස් පෙනෙන, කන් ඇහෙන මිනිස්සු නම් සජිත් එක්ක නෑ. ඔහු මේ රටේ නායකයා වුණොත් මෑත කාලයේ ලෝකයේ බිහිවෙන නරකම ඒකාධිපතියා ලංකාවෙන් බිහිවෙනවා. (මෙය කිසිඳු දේශපාලන පක්ෂයකට කඩේ නොයන ස්වාධීන ඡන්ද දායකයෙකුගේ ප්‍රකාශයකි..)