(අංජුල මහික වීරරත්න)
ඊළඟ වසර දෙක ඇතුළත ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) යාපනයේ දී පැවසීය.
තමාගේ මෙන්ම තමා නියෝජනය කරන පක්ෂයේද අරමුණ වන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම බව කී අග්‍රාමාත්‍යවරයා දැන් ඒ දේශපාලන විසඳුමේ ආසන්නයටම පැමිණ තිබෙන බවද සඳහන් කළේය.
පළාත් පාලන මට්ටමින් බලය බෙදීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙන බවද සඳහන් කළේය.
යාපනයේ චුන්නාකම් ස්කන්දවරෝදය විදුහලේ 125 වන සංවත්සරය සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
"සියලු දෙනාම එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹන්නට ඇති. එංගලන්තයේ බොහෝ මිනිසුන් පිරිසක් වෙනත් රටවලින් පැමිණ දැන් ස්වදේශිකයන් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු දහසක පමණ සිට ජාතීන් සුහදත්වයෙන් කටයුතු කළා. අප අපේ ජාතිය ගැන ආඩම්බර වන අතරම ශ්‍රී ලාංකික ජාතිය ගැන සිතා කටයුතු කළ යුතු යුගය එළැඹ තිබෙනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි එත් මොකක්ද ජාතික ප්‍රශ්නේ ?
මේ නොකිය කියන්නේ තව අවුරුදු දෙකකට වැඩියෙන් බලයේ ඉන්න කොහොම හරි දඟලනවා කියලද
නිදහස ලබුනුදා සිට හරි හමන් දේශපාලන විසදුම් සේවුවානම් අද වෙනකොට තිබෙන තත්වය? තුවාල වලට බෙහෙත් නොදා උඩින් පැලැස්තර ඇලෙවුවහම තුවාලේ ඔඩු දිවූ තිතිය දන්නේ කලක් ගිය පසුවයි. නැද්ද?
කරුනාකර මෙතේක් නොතේරෙන සුලු ජාතිකයන්ට පමණක් ඇති ජාතික ප්රශ්නය අපටත් කියාදෙන්නකෝ ! අපටනම් තවම ඇත්තේ දේශපාලකයන්ගෙන් රට බේරාගැනීමේ ප්රශ්නය පමනයි.
ජාතික ප්‍රශ්න එකද තියෙන්නෙ ? ඔබ කියන ජාතික ප්රශ්නය කුමක්ද?
අවුරදු 2ක් ඉන්න ලැබෙයිද?
රට කාලා කාලා තවත් කන්නද යන්නේ...
යන්න ඉස්සෙල්ලා කෑල්ල දීල යන්නද යන්නේ..? කැල්ලක් ඇමෙරිකාවට ,කැල්ලක් කොටියාට දීලා බලන්නකෝ ඔයාට මොකද වෙන්නේ කියලා..
කවදාවත් පිළිතුරු නුදුන්, දෙන්න පිළිතුරකුත් නැති එකම ප්‍රශ්ණය තමයි ඔබ ඇසුවේ. ඒකට එකම හේතුව තමයි දුප්පත් පොහොසත් භේදය මත මිසක් ජාති භේදය මත හෝ ආගම් භේදය මත හෝ කිසිදු ප්‍රශ්ණයක් මේ පුංචි රටේ නොමැති වීම. ඒක දේශපාලනය කරන අය පිළිගන්නේ නැහැ. දේශපාලකයො පිළිගන්නේ නැති බව ඒ අයට ඡන්දය දෙන මෝඩයන්ට තේරෙන්නෙත් නැහැ. පැය 12 කින් දිගම දෙකලවරට යන්න පුළුවන් තරම් මේ පුංචි රට ඊට හාත්පසින්ම වෙනස් රටවල් එක්ක සැසඳීම තමයි ලොකුම මෝඩකම. හරියට අර පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ලංකාවට ගේනවා වගේ.
කොහෙද හලෝ අවරුදු 1000 සුහදත්වයෙන් සිටියේ? 1983 නේ මතක නැද්ද? ක්‍රිස්තු පූර්ව 300 සිට අපි දෙමළුන්ට ගහනවා. රිදෙන්න ගැහැව්වේ 1983. දුවන්න ගැහැව්වේ 2009. ඒ සිංහල අපි.
එංගලන්තයෙන් නවසීලන්තයට ගිහිල්ල ස්වදේශිකයින් වෙලා " අපි බ්‍රිටිෂ්" කියන්නෙත් නැහැ නවසීලන්තයේ කෑලි ඉලන්නෙත් නැහැ කෑල්ල එංගලතෙට යාකොරන්න හදන්නෙත් නැත. එකට දෙමළ අය මෙහෙ ස්වාදෙශිකයොත් නොවෙයි, කෑල්ලකුත් ඉල්ලනවා, ඉන්දියාවට යාකොරන්නත් හදනවා. මුසල්මානුවෝ දැනට නැගෙනහිර අරාබියක් කර හමාරයි. දැන් රට මැදත් දෙමල පළාතක්. දැන් අර 62 ට හොඳට නින්දයනවා ඇති.
තව අවුරුදු කීයක් ඕන වේවිද ඔය කියන ජාතික ප්‍රශ්නෙට විසදුම දෙන්න? 2015 දී කිව්වෙත් ඔය කතාවම නේද? තාමත් කියන්නේ ඒකම නේද?
අපිට නම් ජාතික ප්‍රස්නයක් අපේ රටේ දකින්න නැහැ,
මේ රටේ අනිත් ජාතීන්ට නැති දෙමල ජනයාට පමණක් ඇතැයි කියන ප්රශ්නය සදහන් කර වටිනා ත්‍යාගයක් ලබාගන්න
වසර 30ක් යුද්ද කරලා නන්දිකදවාල් වලදී දුන්නේ ඔය තියනවයි කියන ජාතික ප්‍රශ්නයට ගැලපෙන දේශපාලන විසඳුම තමයි. යුද්දය යනු තවත් දේශපාලන විසදුමක්ම තමයි.
යාපනයේදී කියල තියන්නේ. මේ පාර ජාතික ප්‍රශ්න කියමින් උතුරේ ජනතාව රැවට්ටන්න බැරි වේවි.
රැවැට්ටුවාට සිංහල අපිට කමක් නැත.
අපෝ මෙය තවත් අවුරුදු 2 ක හිටියොත් මිනිස්සු එක්කලම බෝතල් කාරයෙකුට හරි රට විකුණයි.