(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (15) පැවසීය.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටු 29 ක් විසින් තම පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කරමින් සිටින බවත් මේ මස අවසන් වනවිට ප්‍රතිපත්ති ප්රකාශනය සකස්කර අවසන් කරන බවත් ඔහු කීය.
පසුව ලබන මස මුල් සති දෙක තුළ මහජන සංවාදය සදහා එය ඉදිරිපත් කරන බවද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ උන්නහලගේ ප්‍රතිපත්ති. අපි 2010-2015 කලේ හොදටම දැක්ක . නිතිය අතට අරන් මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට මර මර පවුල් පිටින් එකතු වෙලා හොරා කාපු විදිය අපිට හොදට මතකයි.
මහාචාර්ය තුමා නමට සභාපති. සුක්කානම තියෙන්නේ පක්ෂයේ සාමාජිකත්වය වත් ගත්තේ නැති වෙන කෙනෙක් අතේ නේද?
ඔය ප්‍රතිපත්තිය එළි දක්වන්න තව මාස 3 විතර යනවද ? එතකොට ඕව ක්‍රියාත්මක කරන්න අවරුදු 7-8 වත් යාවි..... ඕව කෙරෙන වැඩ නොවේ , ඉස්සෙල්ල ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න , එතකොට අපි දන්නවනේ එයාගේ ප්‍රතිපත්ති
ඕවා ඉතින් කොලේට විතරක් සීමා වෙන දේවල්නේ. අවුරුදු ගානක් කලෙත් ඒකමනේ.
අසංක කියන්නකෝ බලන්න 2015 -2019 ගැනත් මොනාහරි ඔයාගෙ වයසත් එක්කම
ඉල්ලන එකා ගැන තාම තීරණයක් නැ. හැබයි ප්‍රතිපත්ති ප්රකාශනය එලියට දානවා . එකෙන්ම තේරෙනවා නේද මේ ලියවිල්ලේ පොරොන්දු වල කිසිම වැදගත් බවක් නැති බොරු තියෙන්නේ කියල . ඕකෙන් 10% සම්පුර්ණ කරොත් ඇති
2020 ජනාධිපති වූ පසු අගමැතිව තෝරද්දී ආණ්ඩුවට පක්ෂ සුළු පක්ෂයක මන්ත්‍රී කෙනක්ව හෝ ජාතික ලැයිසුතුවෙන් එන පුද්ගලයෙක්වයි තෝරන්නේ කියල ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මොත් හොඳයි. 19ට අනුව ජනාධිපතිගේ බලතල ගොඩක් අඩුවෙලාලුනේ. එකම පක්ෂයෙන් දෙන්නම ආවත් එකිනෙකට විශ්වාසයක් ගොඩනැගීමට පුළුවන් වෙතැයි මම හිතන්නේ නැත. එකම පක්ෂයකින් හෝ එකම සංධානයකින් පැමිණියද එකිනෙකාගේ කකුලෙන් ඇද ගැනීමෙන් රටට කරදර ගොඩක් වෙතැයි සිතමි. මොකද ජනාධිපතිගේ බලය අඩුවුවත් ජනධිපති පත්වෙන්නේ මහජන ඡන්දයෙන් බැවින් අගමැතිට දෙවැනි විය නොහැකියි කියා ඔහු සිතනු ඇත. ව්‍යවස්ථාවේ කොහෙවත් වැඩිම ආසන හිමි පක්ෂයේ නායකයා අගමැති කල යුතුයි කියා නැති බැවින් ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ලබා ගත හැකි මන්ත්‍රීව තෝරාගන්නව කියල දැම්මොත් හොඳයි. උපරිම විශ්වාසය කියන්නේ වැඩිම ආසන ගණනද?
අපිට ඕව තේරෙන්නෙත් නැහැ. මේ කපේ දී කෙරෙන්නේත් නැහැ. දැන්ම නොකියන එක හොඳයි.