(රංජන් කස්තුරි)
ලබන 2020 වසරෙන් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීපය‘ට පැවැසීය.
මේ වනවිට ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙන අතර ඒ පිළිබඳව ඉකුත් සිකුරාදා (12) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂනායකයින් දැනුම්වත් කිරීමක් සිදුකළ බවද ඔහු කීය.
ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පක්ෂ නායකයින් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි බවද ළඟ එන පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව ඊළඟ මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දිය යුතු බව එකඟතාවයකින් ප්‍රකාශ කළ බවද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොම්පියුටර් ජිල් මාර්ට් දාන්න හරි පහසුයි
දැන් නම් මිනිස්සුන්ට කොහොමටත් ඕක එපා වෙලා තියෙන නිසා එ්ක ඉලොක්ට්‍රොනික් කරලා හරි මිනිසුන්ව ගෙන්න ගන්න පිළිවන් වේවිද?
කන අත්සන හරි ගහන්නම් ඔබතුමා ඉස්සෙලම ඡන්දේ තියන්නකෝ.
ඒ කියන්නේ අන්තිම වතාවට මේ අවුරුද්දේ ජනතා කැමැත්ත බලන්න ඡන්දෙ තියන්නේ. 2021 පස්සේ එන්නේ ජිල්මාට් ඡන්ද. මේ පාර එන කෙනා රටේ යාවජීව අගමැති ජනාධිපති වෙනවා මාකෝස් වගේ නේද?
ඉලෙක්ට්‍රොනික් ක්‍රම එපා එතකොට හොර කරන්න ලේසිය. අනිත් එක ලංකාවේ මිනිස්සු විශාල කොට්ටශයකට ඕවා තේරෙන්නේ නැති නිසා ඡන්දෙ වත් හරියට දමාගන්න බැරිවේවි.
"ඉලොක්ට්‍රොනික්" වලින් හරි මැතිවරණයක් තියල පෙන්නන්නකෝ. කෝ අර පහුගිය ආණ්ඩුව කාලේ හිටපු මැතිවරණ සිංහයා? දේශපාලනේට කඩේ ගිහිල්ල දැන් සිංහයා "බලු" වෙලාද?
මහත්තයෝ.... ඔක්කොටම ඉස්සෙල්ලා පරක්කු කර කර ඉන්න ඡන්ද ටික තියන්න ක්‍රමයක් හොයන්න. ඊට පස්සෙ ඉලෙක්ට්‍රොනික බැරිනම් ඕන ක්‍රමයක් ගේන්න.
අපේක්ෂකයින් ඡන්දපොළ නියෝජිතයින් වැඩිකර ගැනීමට ස්වාධීන ලැයිස්තු ඉදිරිපත් කිරීම නිසා ගණන්කරන නිළධාරීන්ට සිදුවන දැඩි අපහසුව මෙයින් නතරකරන්න හැකිවේවි.
ඒ වගේම රොබෝල දෙන්නෙක් ජනාධිපති, අගමැති කරන්න බැරිද? ඒ අය මීට වඩා හොඳට කරයි.
මෙය තවත් උප්පරවැට්ටියක්.
ලංකාවේ තියෙන්නේ ඡන්දය දෙන ක්‍රමවේදයේ වරදක් නොවේ. ඡන්දයෙන් පත් කරන අයවලුන්ගේ වරදක්. හොරුන් , මත්ද්‍රව්‍ය විකුණන අයවලුන්, ස්ත්‍රී දුෂකයින්, වංචාකාරයින් වගේ ශිෂ්ට සමාජ විරෝධී අයවලුන් සැමදාම සිතන්නේ තම වැරදි සගවාගන්නා ක්‍රම වේදයන්.
ඉස්සෙල්ල මේ ඡන්ද ටික තියලා ඉන්නකෝ.
අනේ ඔය මොන ඉලෙක්ට්‍රෝනික ගෙනාවත් ජනතාවට වැඩක් නැහැ, මොකද ඔය 225 ඉන්නකන්?
තුමනි බොහෝම පරක්කුයි... ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයෙන් දැන් තියෙන ලියවිලි වලට යන වියදම හොඳටෝම අඩු කරගන්න පුළුවන්. නිරවද්‍යතාව ඉහලයි. ගණන් කරන්න පහසුයි.. හැබැයි තින්ත වේලිච්ච පෑන් වගේ නැතුව හොඳම ක්‍රියාකාරිත්වයෙන් යුතු උසස්ම තත්වයේ කිසිදු අයුරකින් වංචා කළ නොහැකි යන්ත්‍ර භාවිතයට ගත යුතුයි. ඡන්ද වැඩවලට ගීයාම පුරවන්න තියෙන (අනවශ්‍ය) ලේඛන රාශියක් තියෙනවා තුමනි ඒවත් අවම කරලා වියදමත් අඩු කරලා කාලයත් ඉතුරු කර ගන්න පුළුවන්.. කෙසේ හෝ අදහස ඉතාම කාලෝචිත හා අත්‍යාවශ්‍ය එකකි.. ස්තුතිය ඔබ තුමාට..
ඔබතුමාට ලේසි වෙන්නේ නැහැ දේශපාලන පක්ෂ නායකයන් හා අනෙක් අයව මේ සදහා කැමති කර ගන්න
2020 වෙනකම් ඔයා මැකෝ හැටියට ඉන්නද කල්පනාව. පින් සිද්ධ වෙයි වහාම පිටවෙලා යන්න.
ගිය සතියේ මැකෝ කිව්වා විශ්‍රාම යන්න යනවා කියලා. දැන් මොනවාද කියන්නේ.
ක්‍රමය නම් හොඳයි. ඒත් ටිකෙන් ටික ඉලෙක්ට්‍රෝනික කරන්න බලන්න. නැතුව ලංකාව පුරාම එක දවසට ඕක කලොත් මහා අවුලක් වෙනවා. අධික වියදමකුත් යනවා. අපේ කොම්පියුටර් ජිල් මාල් කට්ටිය ගැනත් ටිකක් බලන්න.
ඕක අපිට අලුත් උනාට ඉන්දියාව මෙදා පාර ඡන්දෙ කටයුතුවලට යොදාගත්තේ ඔය කියන ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකම තමයි
අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ ළිං මැඩි, දූපත් මානසිකත්වය ඉව වහා ගිහිල්ලා, අලුත් දෙයට තාක්ෂණයට තියෙන බය දැක්කම ඒක හොඳට පෙනෙනවා, ඉන්දියාවේ අකුරු ලියන්නත් බැරි මිනිස්සු යස අපූරුවට ඉලෙක්ට්‍රොනික් ක්‍රමයෙන් ඡන්දය දෙනවා, එකට අපේ අය. පුදුමයි රට මෙහෙම හරි තියෙන එක.
2020න් පසුවත් ඉන්න බලාපොරොත්තුවෙනවා වගේ
ලංකාවේ ඡන්දයක් තියෙන දිනයට කලින් ඉඳන්ම ලංකාවේ පරිගණක විශේෂඥයො පිරිසක් එක්ක එකතුවෙලා ඒකට ඕන කරන යෙදවුම් සහ භාවිතයන් ගැන අධ්‍යයනයක් කරලා එදාටත් ඒ කට්ටිය එන දේකට සූදානමින් තියලා තියෙන්නේ. මේ කියන්නේ ඡන්දය දාන්න සහ ගණනය කිරීමේ ක්‍රමයක් ගැන. මෙවැනි දෙයක් ඉන්දියාවෙත් ක්‍රියාත්මක වෙනවා. දැනට තියෙන ක්‍රමයට වඩා වියදමත් අඩුයි වගේම නිරවද්‍යයි.
කලින් හොඳට පරිගණක මගින් ප්‍රතිපල නිකුත්කළ කොළඹ විශ්ව විද්‍යාලය ඉවත් කර කැළණි විශ්වවිද්‍යාලයට ප්‍රතිපල නිකුත් කරන්න දීලා පසුගිය පළාත් පාලන මැතිවරණය නම් අනාගත්තා. ඒ නිසා මේක නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම සමුපකාර ඡන්දයකට හරි කරන්න. මම දැක්ක පත්තරේ තියෙනවා පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවත් අනාරක්ෂිත තත්වයක තියෙන්නේ කියලා. ඒ නිසා බාගෙට දන්නා කොම්පුටර් අතපත ගාපු කට්ටියට නොදී මෙම ක්ෂේත්රයේ ප්‍රවීනයන්ගේ උපදෙස් ඇතිව කරන දෙයක් කරන්න.
කට විතරයි. විශ්‍රාම ගියානම් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව බල පෙරේත කමට ඇවිල්ල තරුණ කොල්ලන්ගේ අවස්ථාවත් නැති කරනවා
මෙයාගෙත් බොරු කතා විතරයි. තාම පළාත්සභා ඡන්දෙ තිබ්බෙත් නැහැ. මෙය යා ගිය ආණ්ඩුව කාලේනම් හරියට සද්දේ දැම්මා. ඒත් දැන් බොරුවට කියවනවා විතරයි. ඉලෙක්ට්‍රොනික ඡන්ද දාන්න ඉස්සෙල්ලා පහුවුන ඡන්ද ටික තියන්න. ඡන්ද කල් දාන එකට විරුද්ද වෙන්න.
පිටරට ඉන්න අයට ඡන්දේ දාන්න ක්‍රමයක් තවම නැහැ.මුන්ගේ බොරු සේරම.