(එෆ්.අස්ලම්)
දෙමළ ජනතාවට කෲර අන්දමින් සැළකූ පාලනයක් ගෙනගිය විනාශකරී ඒකාධිපති පාලනයකට නැවතත් ඉඩ තැබිය නොහැකි හෙයින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට සහාය වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට එරෙහිව දෙමළ ජාතික සන්ධානය එරෙහි වීමේ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සම්බන්ධන් මහතා මෙසේද කීය.
"විශ්වාසභංගයකින් එක් ආණ්ඩුවක් පරාජය කරන්නේ නම් තවත් ආණ්ඩුවක් බලයට පත්වෙනවා. එසේ වුණා නම් වත්මන් තත්වය මැද කොයි ආණ්ඩුව බලයට එනවද කියල අප හොදින් දන්නවා. ඒ ආණ්ඩුව තමයි කලින් රට පාලනය කළෙත්. ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනයාට හොඳක් සිදුවුණාද ? කියල අප විමසා බැලිය යුතුයි.
පසුගිය ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට වචනයෙන් කිව නොහැකි තරම් වේදනාවන් විදින්නට සිදුවුණා.දෙමළ ජනතාව යටපත් කරගනිමින් ඉතා කෲර අන්දමින් දෙමළ ජාතිය විනාශ කළ පිරිසකට නැවතත් බලයට පැමිණීමට ඉඩ දිය හැකිද ? නැවතත් ඒකාධිපති විනාශකාරී පාලනයක් අපට පිළිගත හැකිද ? මේ ගැන සැළකිල්ලට අරන් තමයි දෙමළ ජාතික සන්ධානය රජයට එරෙහි විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ. අපි එම උත්සහාය පරාජය කළා.
ඒ වගේම වත්මන් ආණ්ඩුව ගැන අපගේ ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ.මේ රජය ගැන විවේචන රැසක් එල්ල වී තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් යහපත් කාර්යන් කිහිපයක් හෝ සිදුකරො තියෙනවා.
දෙමළ ජනතාවගේ මූලික ගැටලු විසදන්න මේ ආණ්ඩුවේ නායකත්වය වගවීමෙන් සිටිනවා. ඇතැම් ගැටලු කඩිනමින් විසදලා දෙනවා කියලා ආණ්ඩුවේ නායකත්වය අපට පොරොන්දු වී තිබෙනවා. නමුත් තව වසරකින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. මේ ආණ්ඩුව මාර්ගයෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ගෙන එන්න ඕනෑ. මෙයද සැළකිල්ලට අරගෙන තමයි විශ්වාසභංගයට එරෙහිව කටයුතු කළේ "යැයි ද සම්බන්ධන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා තව මාස 6ක් රැක ගන්නකෝ. මහා ජනතාව ඡන්දෙදි ඉතුරු ටික බලා ගනීවී.
ඔය කතාව විගනේශ්වරණට කියන්න , මිනිස්සුන්ගේ ඉවසීම නිවට කමක් නොවේ වැඩිය උඩ පනින එපා , බඩු හම්බුවේවි කියල
මොහු මේ පැවති පාලනයට කෘෘර පාලනය යැයි කියන්නේ බෙදුම්වාදයට ඉඩ නොදී ත්‍රස්තවාදය පරාජය කරපු නිසයි. දැන් ත්රස්තයන්ටයි, බෙදුම්වාදයටයි පක්ෂපාතී පිරිස් ඉන්නේ එකම පාර්ශවයක් වෙලා එකට අත්වැල් බැඳගෙනයි. වෙන දේත් වෙන්න යන දේත් ගැන සිතා ගතහැකියි. අහෝ මේ විනාශයට පාර කපන්න ඡන්දය දීපු එවුන්ට ශාප වේවා.
අනේ ඒකමද හේතුව අහන්නත් සතුටුයි
ඔබතුමා හිතන විදිහ නිවැරැදි නම් ,ඔබතුමාල බලාපොරොත්තු වුණේ දෙමළ ජනතාව කියල ඔය කියන මිලේච්ඡ කොටි ලව්වා සිංහල ජනසංහාරය කරන්න .එහෙම වුණා නම් ඔබතුමාලට සතුටු වෙන්න තිබුණ .දෙමළ කොටි සිංහල අම්මලාගේ උදරය පලා නොදරුවන් කපලා කොටලා දැම්ම එක එතරම්ම ගනන් ගතයුතු කරුණක් නොවේ ඔබ හිතාගෙන ඉන්න විදිහට එහෙම නේද මහත්තයා .
කොටි සංවිධානය විනාස කෙරුවා මිසක් දෙමල ජනතාවට කිසිම කරදරයක් හිටපු රජය කර නෑ මේ අය අමුකොටි එකයි හිතේ අමාරුව තව මාස ගණනකින් මොනවද වෙන්නේ කියල බලන් හිටපල්ලා දෙමල ජනතාවට කිසිම සේවයක් නොකරන මේ දේසපාලුවෝ එක එකාගේ ඩොලර් වලට අහිංසක දෙමල ජනතාවගේ ඡන්දය විකුණගෙන කනවා
තමුන්නාන්සේලාගේ ජනතාවට විතරද දුක් විඳින්න වුණේ.එතකොට අවුරුදු තිහක් යුද්ධයක් තිබුණා අනිත් ජාතීන් සතුටේන් හිටියා කියලා හිතන් ඉන්නෙ. තමුන්නාන්සේගෙ කතාව මැරිලා ඉපදිලා වගේ තමයි නේද? සම්බන්ධන් මහත්තයෝ නිකං කිඹුල් කඳුළු හලන්නෙ නැතුව ඉන්න. තමුන්නාන්සේලාට ඔය ජනතා දුක මතක් වෙන්නෙ ඡන්දයක් කිට්ටු වෙනකොට විතරයි. රටේ ජනතාව තමුන්නාන්සේලාට වගේ මෝඩයෝ නෙමෙයි.ජනතාව දැන් තමුන්නාන්සේලාට වඩා ගොඩක් බුද්දිමත් කියලා මතක තියාගත්තොත් හොඳයි.
අනේ ඔයලා ආණ්ඩුවට ගිහිල්ලා ඇමතිකම් අරගෙන උතුරු නැගෙනහිර ජනතාවට වැඩ කරන්නකෝ
මෙයාලට අමතකයි. ප්රභාරකරන්ගෙන් දෙමල ජනතාව මුදවා ගත්තේ රාජපක්ෂවරුන් කියල. එහෙම නොවෙන්න මෙයාටත් ප්රභාකරන් ඉස්සරහ වෙඩිකන්න වෙනව.
ඔවු ඔවු තුෂාර අපි සහෝදර සමාගමට දෙමු. දැන් ඒගොල්ලෝ රටට වැඩ කරන්න බලාගෙන දුකෙන් ඉන්නේ.
සහෝදර සමාගමද වෙන එකක්ද කියන එකද ප්‍රශ්නේ. වැඩ බැරි බව දින දිනම ඔප්පු වෙන මේ පිරිසම දිගටම තියාගන්නවද, නැතිනම් ඊළඟට ඉන්න කණ්ඩායම තෝර ගන්නවද.
rohana නැතුව මේගොල්ලෝ රටට කරපු සේවය මොකක්ද? නිකන් විහිලුවට වගේ කියන්න.
දෙමළ දේශපාලනඥයින් ඇතුළු තමන්ගෙම නායකත්වය පවා ඝාතනය කරපු පුංචි දරුවන් මරාගෙන මැරෙන්න පුරුදු කරපු කොටි සාධාරණීකරණය කරන මොවුන්ගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ සමස්ත සිංහල ජනතාවගේම සංහාරය කියල පේනවා
නේරු – කොතලාවල ගිවිසුමෙන් සිදු වූයේ කුමක් ද ? ඒ ගිවිසුම ඇති වූයේ මේ වතු කම්කරුවන් පිළිබඳ වයි. එහි දී තීරණය වූයේ 1966 වන තුරු ඔවුන් වෙන ම ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි කරවීමටත් ඔවුන් ගෙන් මන්ත්‍රීවරුන් පිරිසක් තෝරා ගැනීමටත් ය. පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් අනුව මේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 4 ලෙස තීරණය කෙරුණා. ඒ ඡන්ද ලැයිස්තුවල ලියාපදිංචි නොවන අය ඉන්දියාවේ පුරවැසියන් ලෙස බාර ගැනීමට ඉන්දියාව එකඟ වුණා. එමෙන් ම ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි වූ අය පවා, ඔවුන්ට ඉන්දියාවට යෑමට අවශ්‍ය වුණි නම්, ඉන්දියාව තම පුරවැසියන් ලෙස ලියාපදිංචි කරවීමට එකඟ වූවා. මෙම ගිවිසුමේ වැදගත් ම මූලධර්මය වූයේ 1954 දී පවා ඒ වතු කම්කරුවන් සියලූ දෙනා ම වුවත් ඉන්දීය පුරවැසියන් ලෙස බාරගැනීමට ඉන්දියාව එකඟ වීමයි. වතු කම්කරුවන් සියලූ දෙනාට ම ඉන්දියාවට යෑමට අවශ්‍ය වුණි නම් ඔවුන් තම පුරවැසියන් ලෙස බාර ගැනීමට ඉන්දියාව එකඟ වී සිටියා. එයින් තහවුරු වන්නේ 1948 දී ඔවුන්ට ලංකාවේ පුරවැසිභාවය දීමට එකඟ නොවීම අසාධාරණයක් නොවන බවයි. ඇත්තෙන් ම මේ ප්රශ්නය 1948 දී ම ඉන්දියාව සමග සාකච්ඡුා කළා නම් පහසුවෙන් ම විසඳාගන්න තිබුණා. 1948 දී වතු කම්කරුවන්