(නාලක සංජීව දහනයක)
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප‍්‍රකාශයෙන් වැටහෙන්නේ ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට ඔහුත් උදව් කරන බව යැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පැවැසීය.
පවතින තත්වය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පුංචි බොරුකාරයාගේ චරිතය රඟපාන බවද ඔහු කීය.
අප රට විනාශයට ඇදී යද්දි අපි දියුණු රටවල් දෙස බලමින් සුසුම් හෙළන බවට ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශයෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ රටට සිදුව ඇති විපත්තිය පිළිබඳව ජනතාවට චිත‍්‍රයක් මවාගත හැකි බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා තමන්ගේ පාලන කාලය පිළිබඳව දැන්වත් ජනාධිපතිවරයාට අවබෝධයක් ලැබීම ගැන සතුටට පත්වන බවද කීය. වත්මන් පාලනය රටට සෑම අතින්ම හානිදායක බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා ඉතාම ඉක්මණින් මැතිවරණයක් ලබාගෙන ජනතාවාදී පාලන ක‍්‍රමයක් බිහිකරගත යුතු යැයිද කීය.
පසුගිය ආණ්ඩුව යටතේ රට කෘෂිකර්මාන්තයේන සශ්‍රීකව තිබූ බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා එහෙත් යහපාලන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තයේ සියලු අංශ කඩා වැටී තිබෙන බව කීය. මේ වනවිට තේ, ගම්මිරිස්, කුරුඳු වැනි වගාවලින් ගොවීන් ඉවත්වෙමින් සිටින බවත් මෙම තත්ත්වය වළක්වා ගෙන ගොවීන්ට සහන ලබාදීම සඳහා රජය ඉක්මණින් මැදිහත්විය යුතු බව මන්ත‍්‍රීවරයා පැවැසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ තැබුවාට කම් නැත ජනතාවට සෙතක් වෙනවානම්. ඒවායෙන් සෙත් වෙන්නේ දේශපාලකයන්ටම පමණයිනේ. කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරමින් කාටද කුමටද ඕනේ මේ දඩිබිඩියේ මැතිවරණ ?
එහෙම කියන්නේ වෙන දේකට නොවේ ජනාධිපති වරණයට පෙර පළාත්සභා මැතිවරණය පවත්වන්න බැරිවුනොත් ඉල්ලා අස්වෙනවා කියා ඇති ඔහුට නම්බුව බේරාගැනීමට ඉල්ලා අස්වීමට සිදුවන නිසයි. කොමිසමේ සභාපතිවරයා පොහොට්ටුවේ නැගීමට බලාපොරොත්තුව සිටිනවා යැයි පොහොට්ටුවේ ප්‍රභලයින් ප්‍රචාරය කරද්දී ඔහු රජයට උදව් කරනවා යයි කිව නොහැක
මැකෝ සමහරවිට කට අරිනවා වැඩියි තමයි. ඒ වුනාට මේ යක්කු තමන්ගේ උවමනාවට ඊට වඩා කට ඇරලා බෙරිහන් දෙන ගමන් අර ගොයියාවත් තමන්ගේ තර්ක විතර්ක හරි බව පෙන්වන්න ඇද ගන්නවා.
අපට ඇති ගැටලුව පළාත් සභා මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න නොවේ. මොක තිබ්බත් මේ කිලිටි සම්ප්‍රදායෙන් පත් වෙන එකෙකුගෙන්වත් රටට සුගතියක් නොවීමය. වර්තමාන රජය උසස් සම්මානද සහිතව අසමර්ථ බව හා ජනතා අභිලාශය තේරුම් නොගැනීම පිළිබඳ සහතික ලබා ඇත. රාජ්‍ය බලයට කෙල පෙරෙන අන් අය පත් උවද මේ රටට වන සුගතියක් නැති වගද පැහැදිලිය. ඡන්දය වර්තමාන රජයට පාඩමක් ඉගැන්වීමට හොදය නමුත් රටට නම් වෙන සුගතියක් නැත.