‘‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම නෙවෙයි‘‘
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම හෝ තමන් අකමැති නිලධාරීන් ඉවත් කර හෝ වෙනත් ස්ථානවලට මාරු කර තමන් කැමති පුද්ගලයන් ළඟට ගැනීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (29) පැවසීය.