(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු ආරක්ෂක අංශ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය.
සියලුම ආරක්ෂක තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය නම් කරනු ලබන එම මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යයට නිකුත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සියලු සේවා කටයුතු ඊයේ (27) සිට අත්හිටුවා ඇති අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය සම්බනධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙහෙමනේ. තමන්ට දේශපාලන වශයෙන් අවාසි නම්, මිනිස්සුන්ට හෙණ ගැහුවත් ඒ වැඩේ අපේ රටේ අනිත් උන් ඇවිත් නවත්තනවා. අපරාධ දූෂණ, හොයන එක හොඳයි. හැබැයි පහුගිය කාලේ පටන් ගත්ත ඒවත් වෙට්ටු නොදා හොයන්න ඕනේ. ස්විස් එම්බසියේ නිලධාරිනිය පැහැරගෙන ගිය අය අල්ලගන්න ඕනේ. සී.අයි.ඩී යේ කිසිම චෝදනාවක් නැති සියළුම නිලධාරීන්ට රට යන එක තහනම් කරන්න ඕනේ... ඔවුන්ට රට යන්ඩ දෙන එක නවත්තන්න ඕනේ.
නැවත පටන් ගත්තද? ජනාධිපති එනකම් ඉඳලා වැඩකරන්න. අහන්න බයයි, ළඟට යන්න බයයි, තමන්ට බාර දුන්නා නම් රාජකාරියක් එය අකුරට කරනවා මිසක් , මොකටද බලන් ඉන්නේ, බුද්ධිය, දැනුම, පළපුරුද්ද තියෙනවා නම්, ඒ කෙනාව පත්කරන්න. නැතිනම් ජනපතිඳුනි ඔබගේ, යාලු මිත්රාදියෙක් හෝ පවුලේ හෝ ඔබ කැමති කෙනෙක් ඉන්නවද? මේ තනතුරට ඒක අහන්නද එනකම් ඉන්නේ...? ඇත්තටම ලැජ්ජයි මේ පක්ෂේ ඇමතිලා කරපු කියපු දේවල් මතක් වෙනකොට... තනිතීරණ අරගෙන කොන්ද කෙලින් තියන් වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න.. බුද්ධියට වැඩිය වටිනවා හොඳ කොන්දක්.., මේ රට ගොඩගන්න සාමාන්‍ය දැනුම හොඳටම ඇති, මෙවර ඡන්දෙන් පේනවා රටේ ජනතාවගේ දැනුම, නැතිනම් නඩු කන්දරාවක් තියෙන... අයියා, මලෝව ජනපති අගමැති කරයිද? රටේ මිනිසුන්ගේ නූගත්කම දන්නා නිසානේ මහින්ද නාමල් බේබිව රජ කරන්නත්, විමලව ඉහළින් තියන්න දඟලන්නේ...
ඔබතුමා ඉන්නකන් කිව්වේ බොරු ගොඩක්. දැන් ඇවිල්ලාකරන්නෙත් ඔය ටිකම තමයි. ඔයගොල්ලන්ගේ වැඩකට නැති ප්‍රතිපත්ති ඔබතුමන්ලාට තම හොඳ මිසක් ජනතාවට නොවේ.
අපේ මහින්ද මහත්තයාගෙන් කිසිම උපදෙසක් ගන්නේ නැද්ද.?