(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ජනාධිපති සමාව ප්රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ ප්‍රධාන චුදිතයාව සිටි ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නිකුත් කළේය.
විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට නියෝග කරන්නැයි ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීමෙන් පසු මෙම නියෝග නිකුත් කෙරිණි.
බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ලොක්කා කිව්වනේ රතන හාමුදුරුවන්ගේ ඉල්ලීමටයි. මෙයාව නිදහස් කලේ කියලා. රතන හාමුදුරුවෝ මොකද දන්නේ නෑ... මේ ගැන වදාරන්නේ?
කොරහ බිඳගෙන යනවා කියන්නේ මේවට තමයි
වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන් වෛරය සංසිඳේ. මිය ගිය ඇයටත් ජිවත් වෙන ඔහුටත් සත්‍ය අවබෝධ වේවා ද්වේශයෙන් දිනූ කෙනෙක් නෑ.තෙරුවන් සරණයි !!!
පැනලා ගියොත් හිටපු ජනාධිපතිතුමාව අැතුලට දාමු.. වැඩේ ඉවරයි.
සිරාට ගත්ත සල්ලි ටික ආයි දෙන්න වෙයිද මන්දා...
අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ නඩුව වගේම තාජුදීන්ගේ නඩුවත් අසලා වැරදිකරුවන් සිර ගත කරන්න. මගුල් කමින් ලස්සනට එළියට වෙලා ඉන්නේ... අධිකරණයේ කොන්ද පණනැති කමින්, නීතිය සැමට පොදු කරනවා කියපු කතාව ජනපති, අධිකරණයට... අැහුණා නම් වැඩ පටන් ගන්න, ලොක්කන්ගෙන් උසස් තනතුරු බලාගෙන නඩු කල් දමන්න එපා... ලැජ්ජයි.
සමාව දුන්නු මිනීමරුවන් බාරගන්න රටවල් ලෝකේ තිබෙනවද?
ඉතාම සැක සහිත නිදහස් කිරීමකි. මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත අනුගමනය කළාද? හිටපු ජනාධිපති විශ්‍රාම යාමට අසන්නයේ මේ අය නිදහස් කිරීමට හේතු වූ කරුණු ඔහු ජනතාවට ඉදිරිපත් කළ යුතුයි.
සැකකරු නෙවෙයි වැරදිකරු. උසාවියෙන් වැරැදිකරු ලෙස ඔප්පු වී මරණ දඬුවම හිමිවූ අයෙකි...
ඔය හාදය රටේ තියාගන්න නෙමෙයි මේ ලෝකෙනුත් පන්නන්න ඕනේ කරපු අපරාධයට...
ගුරු හාමුදුරුවෝ බලාගෙන ඉන්නේ මොකද මෙච්චර කල් විනය නීති අනුව කටයුතු නොකර...?
කලොත් කලේ ඔය වගේ අනවශ්‍ය වැඩක් පමණි, අත්‍යවශ්‍ය කිසිම දෙයක් කලේ නැහැ, අරයා හින්දා මේක බැහැ, මෙයා හින්දා අරක බැහැ වැනි දේවල් කියමින් නිකරුනේ කාලය ගත කිරීම පමණි එයා කළේ