හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ද ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ද ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි අගනුවරදී අද (29) පැවැසීය.
ශක්තිමත් රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇති බව කී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඉන්දියාවේ පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ද බලාපොරොත්තු යැයි ද කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම කරුණු කීය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘රාශ්ඨපති භවන්’ හිදී ත්‍රිවිධ හමුදා ආචාර ද ඇතිව උත්සවාකාරයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබීය.
සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් හමුවී අද (29) ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
ඉන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘හයිද්‍රාබාද් හවුස්’ නිල නිවස්නයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වූහ.
අපගේ ‘අසල්වැසියා පළමුවෙන්’ යන විදේශ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාවලට ප්‍රමුඛත්වය දෙන බව ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් සබඳතාවක් තිබෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම මාධ්‍ය හමුවේදී කීය.
ඉන්දියාව සෑම විටම ත්‍රස්තවාදය එරෙහිව සටන් කරමින් ත්රස්තවාදීන්ට දඬුවම් කළ බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමටත් බුද්ධි අංශ ශක්තිමත් කරමින් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
ඉන්දීය නිවාස ව්‍යාපෘතීය යටතේ ශ්‍රී ලංකාව තුළ දැනටමත් නිවාස 46,000ක් ඉදිකර ඇති බවත් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශවල තවත් නිවාස 14,000ක් ඉදිකරන බවත් හෙතෙම කීය. සූර්ය බල ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් දෙන බව ද අගමැති මෝදි මහතා පැවැසීය.
ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවාලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ජාතීන් හා වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔහුගේ දේශපාලන දැක්ම තමන්ට පැහැදිලි කළ බව ද හෙතෙම කීය.
දෙමළ ජනතාවට ගෞරවය ඇතිව සාමය, සමානාත්මතාව සහ සංවර්ධනය ඇතුළු සියලු පරමාර්ථ සහ අභිලාෂ ඉටු කරගනිමින් ශ්‍රී ලංකාව සංහිඳියා ක්‍රියාවලිය තුළ ඉදිරියට යනු ඇතැයි තමන්ට විශ්වාස බව ද ඉන්දීය අගමැතිවරයා කීවේය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමද සංහිඳියා ක්‍රියාවලියට ඇතුළත් යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඔබ වටා එක් රොක් වේවි.
මොනවා උනත් නියම සරල ජනාධිපතිවරයෙක් අපට ලැබුණා.
මොනවද මේ ඇඳගෙන යන ඇඳුම්... හරියට තෙල් බෙහෙත් විකුණන්න යනවා වගේ... රටක නායකයා අඳින්න ඕනේ ඒ රටේ ජාතික ඇදුම්...
ඇමෙරිකන් කොරිඩෝවක් හදන්න පසුගිය හයපාලන අනුවණයින් ගත් තීරණයේ සෘජු බලපෑම ඉන්දියාවට එල්ලවන බවත් ඔවුන් දැන සිටියා. ඩොලර් මිලියන 480 කට පෙරේතකමට මේ රට ඇමෙරිකාවට ක්‍රීඩා පිටියක් කරන්න නොදෙන බව වත්මන් ජනපති ගෝඨාභය මහත්මයා ප්‍රකාශ කළ නිසා ඊට ඉන්දියාවේත්, චීනයේත් විශේෂ සැලකිල්ලක් ලැබුනා. පේනවා නේද රටක නායකයා තමා තුලින් තම රටේ ජනතාවගේ අභිලාෂයන් ඉස්මතු කරන විට ලෝකයේ අනෙක් රටවල් ඒ නායකත්වයට ගරු කරන හැටි. ගෝඨාභය මහත්මයා අපේ රට වෙනුවෙන්ම ඉදිරියටත් මේ අකාරයෙන්ම එකම ස්ථාවරයක සිටීවි කියා අපි විශ්වාස කරනවා.
මේක ඇමරිකන් ගිවිසුම් ප්‍රදානයට විකල්පයක්ද ? තවත් එවැනිම උප්පරවැට්ටියක්ද?
ඕක නං ගන්න එක සුදුසුයි කියලා මම හිතන්නේ නෑ ජනාධිපතිතුමනි. ඒ හරහා ලංකාවට එන්නේ ඉන්දියන් බාල ද්‍රව්‍ය
MCC අවසානය.
හොඳ මනුස්සයෙක්. තමන්ගේ වැසියන්ට වැසිකිළියක්වත් නැති එකේ අනිත් අයට උදව් කරනවා.
මහා ණය කන්දක ගිලිලා ඉන්න ලංකාව තවත් ණය ගන්න එක සම්පූරණයෙන්ම හෙලා දකිනවා. ඉන්දියාවෙන් ගත්තත් වෙන මොන රටකින් ගත්තත් දෙකෙන්ම වෙන්නේ නූපන් දරුවන්වත් මහා ණයකාරයෝ කරන එක. පටන් ගන්නකොටම ණය ගැනීමෙන් පෙන්වන්නේ ගෝඨාභයගේ නොහැකියාව. දැක්මක් නැතිකම. ලංකාවේ ආර්ථිකය නංවන්න කියලා ඉන්දියාවෙන් විශාල ණය මුදලක් ගන්න එක මහා විහිළුවක්. තව එක ශතයක් ණය ගන්නේ නැතුව රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරිද? පුළුවන්. ගෝඨාභයගේ සහ පොහොට්ටුවේ නොදන්නාකම මේ විදිහට තව තව මහ ණය උගුලක ලංකාව හිර කරන්න හේතුවක් නොවිය යුතුයි. කබ්රාල් කිව්වා ලංකාව වට කරලා ඉලිප්සාකාර අධිවේගී මාර්ග පද්ධතියක් හදනවා කියලා. මේ ණය මුදල ඒකට වෙන්න ඕනේ. කලින් ආණ්ඩු දෙකම ණය අරන් අධිවේගී මාර්ග හදලා තියෙනවා. ලංකාවට තවත් පාරවල්වත් ගොඩනැගිලිවත් අවශ්‍ය නැහැ. වැඩ කරන රටක් කිව්වේ මේකටද? දැන් කරන්න ඕනේ තව තව ණය ගන්න එක නෙමෙයි, තියෙන සම්පත් ටික කළමනාකරණය කරගෙන ගත්ත ණය ගෙවන එක. පළාත් සහ ප්‍රාදේශීය දේශපාලකයෝ අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුව විතරක් ඇති. පාලකයෝ දන්නා එකම දේ තමයි ණය ගන්න එක. වැඩ දන්නවා නම් ණය ගන්න ඕනේ නැහැ. ණය ගන්නේ වැඩ දන්නේ නැති නිසා.
ඉන්දියාව දෙමල අයට විතරද ගෙවල් හදන්නේ?
ජයවේවා ඔබතුමා ඉන්දියාවත් ජයගත්තා
මේ මුදල් පොලියට මිසක් ණයට දුන්නේ නැහැ.., පොලී අනුපාතය කියාද? මේ මුදල්, මුදල් ලංකාවේ මුදල් ඇමති බාරගත් බවට සහතිකයක් ගන්න මම දන්නේ නැහැ කියන්න කලින්, පැරදිලා ගියෙත් මුදල් පරිහරණය දන්නේ නැති නිසා, නැවතත් ඒ තනතුරම අර ගත්තේ, මල්ලිට කියලා ශේප් වෙන්න පුළුවන් නිසාද? මේ රට මීට වැඩිය ලස්සනයි.., දේවාලේ කපු මහත්තයාව අයින් කෙරුවා නම් කකුලෙන් ඇදලා වෙට්ටු දමන්න කලින්...
ඉන්දියාව නම් එන්නේ හොඳ පොටකට නෙවෙයි .... පාලකයින්ට මෙය නොතේරීම කණගාටුවට කරුණක්... ජනපති ඔබ ශ්‍රී ලාංකික ජනතාව අතින් පත්වී ඔවුන් නියෝජනය කරන හෙයින් කරුණාකර ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ඇඳුමින් සැරසී ජාත්‍යන්තරය වෙත යන්න.
අර ණය එපා කියන උදවිය ඔවුන්ගේ ගෙවල්වලින් ගෙනත් භාණ්ඩාගාරය පුරවන්නේ නෑනේ...!
ඔබතුමා ඉන්දියාවත් ජයගත්තා... නැහැ. නැහැ. ඉන්දියාවෙන් ණය ගත්තා 13 දෙන්න පොරොන්දු වුණාද?
වත්මන් ජනාධිපතිතුමා අඳින ඇඳුම හොඳටම හොඳයි. සමහරු දේශපාලනයට ආවහම අඳින ඇඳුමක් තියෙනවා. ඒකට ජනතාව කියන්නේ කෛරාටික ඇඳුම කියා.
ඔක්කොම ඔටුවන් ටික අපේ කූඩාරමට සම්පූර්ණයෙන්ම රිංගන්නමයි ලැහැස්තිය. දැනටත් ඔලුව දාලා තියෙන්නේ. අපි සහ නූපන් දරුවන් එකට විඳවනවා. ඉතුරු ටිකත් දැම්මා නම් සනීපයි. මම මීට කලිනුත් අදහසක් දැම්මා කව්රුවත් පිනට දෙන්නේ නැහැ. එහෙම උණුවෙන හිත් දේශපාලනයේදී නැහැ. තමන්ගේ රටේ කොයිතරම් ප්‍රශ්න තියාගෙනද තව රටක ප්‍රශ්නයකට මැදිවෙන්නේ කියලා. කියනකොට මෙහෙමයි. කරනකොට මෙහෙමයි.
අනේ සර්, කැමති දෙයක් අඳින්න. කැමති විදිහට ඉන්න එ්ත් තවත් ණය නම් එපා...
වසර දහයක් තුළ, මහින්ද අයියා අපේ ශ්‍රී ලංකාව චීනාට උගස් කරලා ණය ගත්තා. මලයා ජනපතිවෙලා සති දෙකක් යන්න ඉස්සරවෙලාම ඉන්දියාවට අපේ රට උගස් කිරීමේ කර්තව්‍යයට අඩිතාලම දැම්මා..! ඔහොම ගියොත් ස්වාසිලන්තයෙන්, උගන්ඩාවෙන් සෝමාලියාවෙන් වගේ රටවලිනුත් ණය ගැනීමට බැරි කමක් නැහැ...
උතුරු නැගෙනහිරට 13 බලය දෙනවා කියලා පොරොන්දු වෙලා මිලියන 450 ක් අරන් එනවා. ඒකට අපේ රටේ හුරේ දාන කොටසකුත් ඉන්නවනේ.
මින්පසු හිඟාකෑමට අවසර ඇත්තේ රජයට පමණයි !!!