විදුහල්පති සිසුන් 40ක් එළියට දමා පාසලේ ගේට්ටුවට ඉබ්බා දමයි
මැදිරිගිරියේ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කළ එක් ගුරුවරිය වෙනත් පන්තියකට මාරු කිරීම සම්බන්ධයෙන් මව්පියන් කළ විරෝධතාවයකට උරණ වූ පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස්ද නොතකා සිසුන් 40 දෙනෙකු පමණ පාසලින් එළියට දමා ගේට්ටුවට ඉබි යතුරු දමා වසා අද(16) කටයුතු කර තිබේ.