මාස ගණනාවකට ඕන තරම් ඖෂධ - ආහාර පාන - ඉන්ධන තියෙනවා
කොරෝනා වසංගතයෙන් ගැලවීම සඳහා රටටම ඇඳිරි නීතිය දමා තිබුණත් ඖෂධ, ආහාර පාන ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ ශ්‍රී ලංකාව සතුව ඇති බවත් පමණට වඩා ආහාර හෝ ඉන්ධන රැස්කරගැනීමට අනවශ්‍ය කලබලයක් ඇති කර ගන්න උවමණා නැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. අගමැතිවරයා මේ බව පැවසුවේ අද දින ජාතිය අමතා කතා කරමිනි.