කාදර් නානා වත්තෙන් කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග 23 හැවිරිදි පුද්ගලයකු බොරැල්ල වනාතමුල්ල කාදර් නානා වත්තේ දෙමහල් නිවසක දී අද (22) අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා දූෂණ මර්ධන අංශය කියයි . 22 May 2020
පූජාපිටියේ එජාපයේ පිරිසක් පොහොට්ටුවට පූජාපිටිය වටගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද (22) වනදා මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වූහ. 22 May 2020
විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන් මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (22) පැවැසීය. 22 May 2020
මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (22) පැවැසීය. 22 May 2020
නිල්වලා විද්‍යාපීඨයේ පරිගණක හොරු අල්ලති නිල්වලා විද්‍යා පිඨයේ පරිගණක කාමරය බිඳ රුපියල් 475,000ක් පමණ වටිනා පරිගණක 6ක් සහ උපාංග සොරකම් කරන ලද සැකකරුවන් හතර දෙනෙකු සොරකම් කරන ලද පරිගණකද සමඟ අද(22) අත් අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පවසයි. 22 May 2020
ලක්ෂ 4 ක හෙරොයින් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රදේශ රැසකට හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (22) අත්අඩංගුවට ගත්බව ආණමඩුව පොලිසිය පැවසීය. 22 May 2020
රන්ජන්ගෙන් පැය පහක් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 22 May 2020
රත්නපුර පවුල් 5032 ක් ආපදාවට රත්නපුර දිස්ත්‍රික්කයේ මේවන විට පවුල් 5032 ක පුද්ගලයන් 19,074 ක් ආපදාවට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය අද (22) ප්‍රකාශ කළාය. 22 May 2020
මාලිගාවත්තේදී තෙරපීමෙන් තුවාල ලැබූ 5 ක් තවමත් රෝහලේ මාලිගාවත්ත ප්‍රදේශයේ මුදල් බෙදාදීමේ සිද්ධියේදී තෙරපීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනෙකු අද (22) මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. 22 May 2020
ජනාධිපති විමර්ශන කොමිෂන් කාර්යාලය හදිසියේම විෂබීජ හරණය කරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලය අද (22) පෙරවරුවේ විෂබීජ හරණය කොට ඇත. 22 May 2020
වැලිකන්දේ ගොවියෝ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගනිති පොළොන්නරුව වැලිකන්ද මුතුගල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කුඹුරු ඉඩම් වල සී සාමින් සිටි ගොවින් කිහිප දෙනෙකු අද (22 ) පෙරවරුවේ පොළොන්නරුව සහ වැලිකන් වනජිවි නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනිමට ගිය විටදි ඊට විරෝධය පලවිමත් සමඟ ගම්මුන් විසින් එම වනජිවි නිලධාරින් පැය හයක පමණ කාලයක් කොටුකරගෙන සිටියදි දැඩි පරිශ්‍රමයක් යොදා ගොවින්ගේ අඩස්සියෙන් නිදහස් කරගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 22 May 2020
මගීන් 99ක් රැගත් පකිස්ථානු ගුවන් යානයක් කඩා වැටෙයි පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් කරච්චි නුවරදී අනතුරට ලක්වී ඇතැයි වාර්තා වේ. මගීන් 99 දෙනකු රැගත් මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 8 දෙනෙකි. ගුවන් යානය පකිස්ථානයේ ලාහෝර් නුවරින් ගුවන්ගතවී ඇත. 22 May 2020
විභාගයට නොගත් නඩු කිහිපයක් සෙනසුරාදා කැඳවයි කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් ඉදිරි සෙනසුරාදා දිනවලදී යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 22 May 2020
පෞද්ගලික ඉඩමක සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට ගිය තිදෙනකු අත්අඩංගුවට පල්ලම නාගවිල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට නීති විරෝධි ලෙස සායනික අප ද්‍රව්‍ය රැගෙන විත් පිලිස්සිමේ චෝදනාවට වතු හිමිකරු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි. 22 May 2020
මුහමාලේ කෑලෑවකින් මිනිස් අස්ථි කොටස් -ගිනි අවි -කොටි ඇඳුම් හමුවෙයි පලෙයි මුහමාලේ ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක තිබී දිරාගිය මිනිස් අස්ථි කොටස් කිහිපයක්, ටී 56 ගිනි අවි 3ක් සහ එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයින්ගේ නිළ ඇදුම් කිහිපයක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 22 May 2020
මූල්‍ය ආයතනයක බදුල්ලේ ශාඛාවට සීල් තියයි මේ වන විට මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති මූල්‍ය සමාගමක බදුල්ල ශාඛාවටද අද (22)මහ බැංකුව විසින් සීල් තබන ලදි. පසුව ගනුදෙනුකරුවෝ එම ස්ථානයට පැමිණ නොසන්සුන් ලෙස හැසිරෙමින් තමන්ගේ තැන්පතු මුදල් හා ගිවිසගත් පොලිසිය ඉල්ලා හඬ නැගූහ . 22 May 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අඟහරුවාදාත් කැඳවයි ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 වැනි දිනයටත් වැඩිදුර සලකා බැලීම ලබන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 22 May 2020
ගෙවන්න නියම කළ ලක්ෂ 10න් ගෙවා ඇත්තේ ලක්ෂයයි පාස්කු ඉරිදා ප්රහාරයන්ට ගොදුරුව මියගිය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 23 දෙනෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවමංගල්‍ය කටයුතු කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් දීමනා ලබා දී ඇතැත් ඔවුන්ට රුපියල් ලක්ෂ 10 බැගින් දීමනාවක් ලබා දීමට රජය තීරණය කළත් මෙතෙක් එම මුදල් ගෙවා නැති බවත් එම දීමනා ලබා දීමට අවශ්‍ය ලේඛන හානිපූර්ණ කාර්යාලයට ඉදිරිපත් කොට ඇති බවත් කොළඹ ප්‍රාදේශීය ලේකම් සුරංගි කාංචනා ගුණසේකර මහත්මිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා 22 May 2020
අත්අඩංගුවට ගත් රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියට ඇප ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් ආන්දෝලනාත්මක ලිපියක් සමාජ මාධ්‍ය ඡාලා මගින් ප්‍රචාරය වීමට සැලැස්වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියක රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 22 May 2020
තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත බලධාරීහු තීරණය කර තිබේ. 22 May 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය. 22 May 2020
කතුන් තිදෙනාගේ මරණය ශ්වසන පද්ධතිය සිරවීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල් දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස් මියගිය කාන්තාවන් තිදෙනාම මියගොස් ඇත්තේ තෙරපීම නිසා ශ්වසන පද්ධතිය සිර වීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී රාවුල් හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය කියයි . 22 May 2020
මුදල් බෙදන්න ගිය කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ් රාමසාන් උපවාසය නිමිත්තෙන් කෝටිපති ව්‍යාපාරිකයකු මාලිගාවත්ත ජුම්මා මස්හිද් පාරේ ගබඩා සංකීර්ණයක මුදල් බෙදා දීමට යාමේදී කාන්තාවන් තිදෙනෙක් තෙරපී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජි ද සිල්වා මහත්මිය නියෝග කළාය. 22 May 2020
මැතිවරණය තියන්න හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනපති ලේකම්ට දැනුම් දුන්නැයි උසාවියට කියයි රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තම සේවාදායක ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් කියා සිටියේය. 22 May 2020
මැයි 24-25 රටටම ඇඳිරි නීතිය මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 May 2020
ගත වූ පැය 24 දී ඇඳිරිය කඩ කළ 528 ක් අත්අඩංගුවට අද සිකුරාදා(22) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 528 ක් අත්අඩංගුවට ගෙන වාහන එකසිය පනහක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 22 May 2020
කොරෝනා නීති කඩා රෝන්දෙ යන අමනයෝ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි දෙකකින් කොළඹ සිට කතරගමට පැමිණ කතරගම ප්‍රදේශයේ සැරිසරමින් සිටිය දී කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිව්දෙනකු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 3000 බැගින් රුපියල් 12000ක දඩයක් නියම කළ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය කතරගම සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය මත දින 21 ක් නිරෝධායනයේ යෙදෙන ලෙසට ද නියම කළ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 22 May 2020
කොරෝනා ආසාදිතයින් 1055 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1055 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 22 May 2020
78 අම්මාත් - 60 පුතාත් වස බී මියයති කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මුසල්පිටිය ග්‍රාමයේ, මුස්ලිම් ජාතික 78 හැවිරිදි මවක හා ඇගේ 60 හැවිරිදි වැඩිමහල් පුතා අද (21 ) සන්ධ්‍යාවේ වස පානය කොට මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. මිය ගොස් ඇති පුතා මඩ කළපුවේ පදිංචි විවාහකයෙකු වන අතර,ඔහු අද දින (21)උදෑසන සිය මෑණියන් දකින්නට මුසල්පිටිය පැමිණ ඇත. 21 May 2020
ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම පරිපාලනය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් එරට සිවිල් හා දේශපාලන සහ වැසියෝ පිරිසක් එකතු වී ඊයේ (20) ධවල මන්දිරය ඉදිරියේදී විරෝධතාවක නිරත වූහ. 21 May 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026