පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් කරච්චි නුවරදී අනතුරට ලක්වී ඇතැයි වාර්තා වේ. මගීන් 99 දෙනකු රැගත් මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 8 දෙනෙකි. ගුවන් යානය පකිස්ථානයේ ලාහෝර් නුවරින් ගුවන්ගතවී ඇත.
පකිස්ථානයේ කාර්යබහුලම ගුවන්තොටුපලක් වන ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පියාසර කරමින් තිබියදී යානය අනතුරට පත්වී තිබේ.
යානය කරච්චි නගරයේ මිනිසුන් වාසය කරන ප්‍රදේශයක් වෙත කඩා වැටී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලය මනුෂ්‍ය ලෝකයට හොඳ කාලයක් නොවන බවයි සිදුවෙන දේවල් වලින් පෙනෙන්නේ... අනේ මන්දා...?
ඇහැටවත් පෙනෙන්නේ වත් නැති, භයානක සතුරෙකුට බයේ ජීවත්වෙන ගමන්..., සතර අතින්ම අසන්නට ලැබෙන්නේ දුක්මුසු පුවත්... ඉස්සර අපි විඳි ඒ සතුට, සැනසුම ආයෙත් කවදා අප වෙත ලඟා වෙයිද? සියල්ලෝම දුකින් මිදෙත්වා කියා සෙත්පැතීම හැර වෙන කුමක් කරමුද?