හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (22) පැවැසීය.
‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔස්සේ වත්මන් ආර්ථික තත්ත්වයත් පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් සැලකිය යුතු ආර්ථික ක්‍රියාකාරකමක් හෝ සිදු නොවුණු බව සඳහන් කළ හෙතෙම මේ වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය වර්ධනය වනු ඇතැයි කීවේය.
මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 4කින් හෝ සියයට 4ට වඩා වැඩි අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ බව ද ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා කීය.
මේ වසර මැතිවරණ වසරක් යැයි මුලින් අපේක්ෂා කළ බවත් එබැවින් වසරේ මුල් අර්ධයේදී ද මැතිවරණයද ඉන්පසුව අයවැය ද ඉදිරිපත් වනු ඇතැයි ද ඒ තත්ත්වයත් සමඟ වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය සැලකිය යුතු වේගයකින් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ එතරම් ම සම්බන්ධ වී නැති බවත් හෙතෙම කීය.
පසුගිය වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් ඉන්පසුව පැවැති දේශපාලන අස්ථාවරභාවය බවත් ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් පසුගිය වසර පදනම් වසරක් කරගනිමින් මේ වසරේදී මෙරට ආර්ථිකය ඍණ අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර ආයතන කරන පුරෝකථන සාධාරණ නැති බව ද ඔහු කීය.
කෙසේ නමුත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී රටේ ආර්ථික වර්ධනය පහළ යනු ඇතැයි ද එහෙත් වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
කොවිඩ්-19 හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළ වැටෙනු ඇතැයි දැනටමත් තහවුරු වී ඇති බව කී හෙතෙම වසරේ දෙවැනි අර්ධයේදී දේශීය ආර්ථිකයේ ක්‍රියාකාරකම්වල වර්ධනයනක් සිදුවනු ඇතැයි ද කීවේය.
ඉදිරි කාලයේදී සෘජු විදෙස් ආයෝජන ආකර්ශනය කරගැනීම, අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ කෙරෙහි ක්‍රියාත්මක කිරීම සඳහාත් රටපුරා සමාජ ආරක්ෂණ දැල් ක්‍රියාත්මක කිරීම සඳහාත් ප්‍රමුඛත්වය දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ වසරේදී මෙරට ආර්ථිකය ‘‘වී’’ හැඩයේ වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ද හෙතෙම කීය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි
de silva Friday, 22 May 2020 02:47 PM
කොරෝනා සහ චන්ද නිසා ආයෝජකයින් ආයෝජනය කරන්නේ නැතිව බලාගෙන ඉන්නවා... මේ වසරේ ආර්ථික වර්ධනයක් සිදුවෙන්නේ නැහැ..
mihira Friday, 22 May 2020 03:24 PM
මාර කතාවක් එ්ක... රුපියල කඩාවැටෙන එකේ ආර්ථිකේ නගිනවාලු...
sam Friday, 22 May 2020 10:52 PM
දැන උගත් ආචාර්යතුමාගේ කරුණු දැක්වීමේ සමහර කොටස් බන්දුල ගුණවර්ධන ආචාර්යතුමාගේ ආර්ථික විවරනයන්ටත් වඩා ගැටළු සහගතයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ එතරම් ම සම්බන්ධ වී නැති බවත් හෙතෙම කීය. වාර්ෂික විදේශ ණය වාරික සහ පොලිය ගෙවීමටත් නැවතත් විදේශ ණය ලබාගන්නා, අපේ රට තරම් ජාත්‍යන්තරය මත යැපෙන වෙනත් රටවල් තියෙනවා නම් ඒ ඉතා අතලොස්සක්. එබැවින් පසුගිය වසර පදනම් වසරක් කරගනිමින් මේ වසරේදී මෙරට ආර්ථිකය ඍණ අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර ආයතන කරන පුරෝකථන සාධාරණ නැති බව ද ඔහු කීය. මේකෙන් කියැවෙන විදියට අඩු ආර්ථික වර්ධනයක් වුණු 2019 අවුරුද්ද අතහැර ඊට වඩා වර්ධනයක් වූ වසරවල් සමග සලකා බැලුවොත් ඒ ඍණඅගය තවත් වැඩි වෙනවා නේද? මේ වසරේදී මෙරට ආර්ථිකය ‘‘වී’’ හැඩයේ වර්ධනයක් අත්පත් කරගනු ඇතැයිද හෙතෙම කීය. මේ ව්‍යවසනය නිසා ලෝකයේ ඇතිවන ආර්ථික අවපාතයේ බැස්ම 2022, 2023 වර්ෂ දක්වා සිදුවෙන බව පුරෝකථනය කර තිබියදී, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, විදේශ රැකියා, ආදියේ ආදායමත් අතිවිශාල ලෙස පහල වැටෙන අවස්ථාවක, අපේ රට විතරක් මුළු ලෝකයම අභිබවමින් V හැඩයේ වර්ධනයක් මේ වසරේදී ලබා ගනීවිද?
Sunil Saturday, 23 May 2020 12:06 AM
සුරංගනා කතා තවත් නොකියනු මැන මට...
BamunuarachchiTuesday, 26 May 2020 04:33 AM
ඔහෙලා ආදරේ රටටද නැතිනම් තමන්ගේ පක්ෂයටද? 2015 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධනය 7.5 %යි. ඒ යුද්දයක් තිබෙන රටක් බාරගෙන. අර පාලකයෝ රට කාලා 2019 රට බාර දුන්නේ ආර්ථික වර්ධනය 1.5 % බස්සලා. එතකොට ඔහෙලා ඕවා සුරංගනා කතා කියා කීවේ නැහැ නේද ? ඔහෙලා වගේ මිනිසුන්ට තියෙන්න ඕනේ ජෝසප් ස්ටාලින්ගේ රජයක්.
mahinda Saturday, 23 May 2020 01:27 AM
විහිළු කතා...
rocky Saturday, 23 May 2020 07:14 AM
රටේ ආර්ථිකයද එහෙම නැති නම් දේශ පාලුවන්ගේ ආර්ථිකය ද?