දූෂණයට බරවූවන්ට ඇමැති පදවි දෙන්න එපා
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් ප්‍රකාශිත දේශහිතෛශී වැඩපිළිවෙළ බලගන්වා මහජනතාවගේ යහපත් අභිලාෂයන් සාක්ෂාත් කිරීමට නම් ආදර්ශවත් වියත්, බුද්ධිමත් රටට හා ජනතාවට අවංක දක්ෂ සුපිළිපන් පුද්ගලයන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත්විය යුතු යැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය.