බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සෙවීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් අද (9) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්රෝන් එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ද ඊට හිමි වේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුරෝපා සංගමයේ නායකයන් සහ චීනය, රුසියාව, ජෝර්දානය යන රටවල නායකයන් ද ඊට සහභාගී වීමට නියමිතව ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ලෙබනනයේ බේරූට් අගනුවර සංචාරයක නිරත විය. බේරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු ලෙබනනයේ සංචාරයක නිරත වූ පළමු ලෝක නායකයා වූයේ ද ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්රෝන් ය. ප්‍රංශ ජනාධිපතිවරයා ලෙබනන නායකයන්ට අනතුරු ඇඟවීමක් ද කර ඇත. ලෙබනනයට මේ අවස්ථාවේදී ආධාර ලබා දෙන්නේ රටේ අර්බුද විසඳා ගැනීමටත් රට තුළ වෙනසක් ඇති කිරීමටත් යැයි ප්‍රංශ ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේය.
ලෙබනන වරායේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් තොගයකට ගිනි ඇවිළීමෙන් මෙම මහා පිපිරුම සිදු වූ අතර පිපිරීමෙන් වරාය පමණක් නොව ලෙබනන අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්විය. ඇමෝනියම් නයිට්‍රේට් තොගය වරායේ ගබඩා කර තිබීම සහ ඉන් සිදුවිය හැකි දැවැන්ත අනතුර සම්බන්ධයෙන් නිලධාරීන් හොඳින් දැන සිටි බවත් නොසැලකිල්ල හේතුවෙන් පිපිරීම සිදු වූ බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.
පිපිරීව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලෙබනනයේ පාලක පන්තියට එරෙහිව එරට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ලෙබනන ජනතාව දැඩි කෝපයෙන් පසුවෙති. රට තුළ පවතින වංචා හා දූෂණ සම්බන්ධයෙන් මෙන්ම ගජමිතුරු පාලනය සම්බන්ධයෙන් ද නැවත කතාබහක් ඇති වී තිබේ. සිය හිතමිතුරන්, ඥාතීන් රටේ ඉහළ පෙළේ තනතුරුවලට පත් කිරීම සහ ඉහවහා ගොස් තිබෙන දූෂණයට එරෙහිව ද රට තුළ මේ වනවිට දැඩි විරෝධයක් ගොඩනැගෙමින් තිබේ.
ඒ.එෆ්.පී.
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ලෙබනනයට ආධාර සොයන්න ජාත්‍යන්තර සමුළුවක්
Asarana Kolla Sunday, 09 August 2020 02:28 PM
නියමයි... හොඳ නායකත්වයක්... හොඳ මුලපිරීමක්...
ප්‍රසන්න Monday, 10 August 2020 08:09 AM
මේකේ භාණ්ඩාගාරික තනතුරට අපි බැසිල් තුමාව යෝජනා කරමු