ගෙදරට එවූ ඖෂධ වැරදී දෑස් අන්ධ වූ සිසුවාට මුල්‍ය පරිත්‍යාගයක්
කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16 හැවිරිදි දරුවාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරිණි.