
(ඩයනා උදයංගනී)
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහන හා ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර කිසිම සම්බන්ධයක් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පසුගියදා පැවති සාකච්ඡාවේදී දෙරටටම වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ජනතාව රජයට විශාල ජනවරමක් ලබාදුන්නේ සියලු ජාතීන්ට සමානව සේවය කිරීමට බැවින් සියලු ජාතීන්ට සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනගන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පැවසූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ඒ සඳහා ඉන්දීය රජයේ සහයෝගය අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා කීවේ යැයි ද ඇමති රඹුක්වැල්ල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ බොරු කතන්දර අහලා ඒවා විශ්වාසකරන බයියෝ ඉන්නේ 69 ලක්ෂයක් විතරයි. උගත්, බුද්ධිමත් සිදුවන දේ ගැන හොඳටම දැනුවත් ලක්ෂ ගණනකුත් මේ රටේ ඉන්නවා. මෝඩි, මදි නොකියන්නම මහින්දට "තෝසේ" "චපාති" කැව්වා. ඉස්මුරුත්තාවට එන්නම... 13 ඉල්ලපුවාම, 13 ප්ලස් දෙන්නම්" කියලා එදා මන්මෝහන් සිං ළඟ බඩගාපු මහින්ද රාජපක්ෂ හිතුවේ මෝදී ඒවා දන්නේ නැහැ "මේ ඉස්සර කෝච්චියේ තේ විකුණපු කෙනානේ" කියලා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. අපේ රටේ නම් ලපයි-සිපයි, ගෝතයින් බයියන්, දුෂ්ඨයින්, නෂ්ඨයින්, බ්‍රෂ්ඨයින් කියන කියන විදිහට වෙනස් වන විදේශ ප්‍රතිපත්තියක් තියෙන්නේ. රටේ සල්ලි හොරාකාලා රට හිඟන ජාතියක් බවට පත්කරපු සක්කිලි දේශපාලුවන්ට වෙන රටවලින් සල්ලි හිඟාකනකොට ඒ ඒ රටට ඕනෑ විදිහට ප්‍රතිපත්ති වෙනස් කරනවා. මට සැකයි මේ අය මුළුරටම දැනටමත් කාට හරි විකුණලාද කියලා...
ඔව්, සියලු ජාතීන්ට සමානව සලකන්න කියලා සිංහල බෞද්ධයින් එකට එකතු වෙලා ඡන්දය දුන්නේ, දේශපාලකයන් සුළු ජාතීන්ගේ කේවල් කිරීම්වලට යටත්වෙලා රටේ මහ ජාතිය වන සිංහලයින්ට සහ ප්‍රධාන ආගම වන බුද්ධාගමට කරපු කෙනෙහිලි නතර කරන්න. හැබැයි වුනේ මොකක්ද? ආපහු සිංහලයන් සහ බුද්ධාගම දෙවෙනි තැනට වැටුණු එක. ආපහුත් වෙන්නේ රට පාවලා දීලා හරි ආණ්ඩුව පවත්වාගෙන යන්න ප්‍රදාන ලබාගන්න එක. 20 වෙනි සංශෝධනයෙන් රාජ්‍ය සමාගම් විගණනයෙන් මුදා හරිනවා කියන්නේ ඒ ආයතන තවදුරටත් ආණ්ඩුවට වග කියන්නේ නැහැ හෙවත් ඔවුන්ට අභිමත විදිහට වැඩ කරන්න පුළුවන් කියන එක. සිංහලයින්ට මෙතෙක් කල් මේ රටේ අයිතිය තීරණය කරපු එකම වගන්තිය වන ලංකාව ඒකීය රටක් කියන වගන්තිය නැති 20 වෙනි සංශෝධනය වෙනුවෙන් පෙනී හිටින්නේ සිංහලයින්ද? ප්‍රභාකරන් පෝෂණය කරපු කාලේ ඉඳලාම ඉන්දියාව මේ වගන්තිය වෙනස් කරලා ලංකාව ෆෙඩරල් කරන්න හැදුවා. අගමැතිතුමාට අමුතුවෙන් 13ට කැමති වෙන්න දෙයක් නැහැ. 20 වෙනි සංශෝධනයේ අවසාන ප්‍රතිඵලය ෆෙඩරල් රටක්. ඉතාම සූක්ෂම විදිහට ඒ බව සඟවලා තියෙනවා 20 වෙනි සංශෝධනයේ...
සාකච්ඡාවේ කරුණු ශුද්ධ පවිත්‍ර කෙරුවාට ඇත්තම කියනවා නම් මෝදි 13 ක්‍රියාත්මක කරන්න ලංකාවට බලකර තිබෙනවා. එහෙම නොකලොත් ඔය කියන ආධාර ලැබෙන්නේ නැහැ.
මේගොල්ලෝ කිවොත් දෙයක් ඒක කණපිට තමයි කරන්නේ.
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවට තමා.
මෙයා කට අරිනකොටම අපි දැන් දන්නවා මෝඩ කතාවක් තමයි කියන්නේ කියලා.
ඔව් පස්සේ කියන්න පුළුවන්නේ කලින් සම්බන්ධයක් තිබුනේ නෑ පසුව සම්බන්ධයක් ඇතිවුණා කියලා.
එහෙමනම් මොනවටද මෝඩි 13 ගැන තදින්ම කිව්වේ?
මට "චේතිය" කියන රජතුමාව මතක් වෙනවා. මුන්නැහේගේ කතා අහන කොට...