ගම්මන්පිලට එරෙහි මුදල් නඩුව මාර්තු 22දා කැඳවයි රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 22 කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (18) නියම කළේය. 18 February 2021
වතු අධිකාරීවරුන්ට පහරදී ගොම වතුරින් නාවති මස්කෙළිය පොලිස් වසමේ වතුයායේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී එම දෙදෙනා ගොම වතුර වලින් නැව්වේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතු යායේ වතු කම්කරුවන් 8 දෙනෙකු සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පවසයි. 18 February 2021
“හොඳ හිත නෙළුම් බුදු කුලුන” අගමැති සුරතින් විවෘත කෙරේ තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (18) විවෘත විය. 18 February 2021
කළුතර සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ 20 කට කොරෝනා කළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ 20 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය. 18 February 2021
කාදිනල්තුමන්ගේ පෙත්සම ගැන කරුණු දක්වන්න පොලිස්පති -ආරක්ෂක ලේකම් 5වැනිදා කැඳවයි පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවලින් සොයා ගත් 6000 කට ආසන්න කඩු තොගයක් මෙරටට ආනයනය කර බෙදා හැරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට අද (18) නොතීසි නිකුත් කළේය. 18 February 2021
‘2025 දී ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 50ක් සපයනවා’ ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් 2025 වනවිට සැපයීමටත්, 2030 වනවිට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමටත් සහතික වන බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. 18 February 2021
රන්ජන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි දිලිප් කියයි සිවු අවුරුදු සිරදඬුවමකට යටත්ව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා රඳවා ඇති අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඔහුට ජීවිත තර්ජනයක් ඇතැයි හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 18 February 2021
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකයට වවුනියාව, නෙඩුන්කේනි, සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ ළඟ තබාගෙන සිටි සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙතට බාර දීමට පොලීසිය විසින් පියවර ගනු ලැබීය. 18 February 2021
යාල කැලේ ගල් ලෙණක කෝටියක ගංජා යාල කලාප අංක 03 ප්‍රදේශයේ ගල් ලෙණක සඟවා තිබු වියළි ගංජා ගෝනි 25ක් සොයා ගැනීමට කතරගම වනජීවි කාර්යාලයේ නිගධාරිහු පිරිසක් අද(18) සමත් වුහ. 18 February 2021
‘නිරෝධායන’ දැන්වීම ඉවත්කරනතෙක් නිවාසවලින් බැහැරයාම තහනම් නිවෙස්වල නිරෝධායන සහ ස්වයං නිරෝධායන සඳහා යොමුව සිටින පිරිස, සෞඛ්‍ය බලධාරීන් විසින් එම නිවසේ අලවා ඇති දැන්වීම ඉවත් කරන තෙක් ම එම නිවෙස් වලින් බැහැර යාම සම්පුර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 18 February 2021
වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොරාගත් තිදෙනෙක් දැලේ පාදුක්ක මීපේ දෙකදවල නුරා නියාවත්ත වත්ත ප්‍රදේශයේ ගල් වලක් පිහිටි භූමියේ කන්ටේනර පෙට්ටියක ගබඩා කර තිබූ වෙඩිබෙහෙත් ඇතුළු රසායනික ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අද( 18) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි. 18 February 2021
නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් මන්ත්‍රීවරියෝ සටනට බසිති ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි. 18 February 2021
පොලිස් කණ්ඩායම්වලින් හැඳුනුම්පත් ඉල්ලන්න කිසියම් පුද්ගල කණඩායමක් විමර්ශන සඳහා යැයි නිවසකට හෝ ස්ථානයකට පැමිණයහොත් ඔවුන්ගේ පොලිස් හැඳුනුම්පත පරීක්ෂා කිරීමට ජනතාවට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රේහණ මහතා පැවසීය. 18 February 2021
ඉතිහාසය නිවැරදි කරන්න විද්වත් කමිටුවක් ඕනෑ බුදු දහම විකෘති කරන අවස්ථාවල දී සහ ඉතිහාසය හෝ පුරාවිද්‍යා ස්ථානයන් පිළිබඳ වැරදි අර්ථකතන දෙන අවස්ථාවන් හිදී ඒවා නිවැරදි කිරීම් ඇතුළු කටයුතු සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කළහ. 18 February 2021
රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු උවිදු කුරුකුලසූරිය ඇතුළු දෙදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 30, 000/- බැගින් වන්දි මුදල් ගෙවන්නැයි රජයට නියෝග කරන ලදී. 18 February 2021
මළසිරුරකට පී.සී.ආර්. කරන්න ඉල්ලූ පෙත්සම වීසිකරයි මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය තැනැත්තාගේ පියා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද ( 18) තීන්දු කළේය. 18 February 2021
කතරගම අනවසර වෙළඳසැල් කඩා ඉවත් කෙරේ කතරගම නගරයේ අක්‍රමවත් අයුරින් අනවසර ලෙස ඉදිකරන ලද වෙළඳසැල් රැසක් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් අද(18) කඩා බවත් කරනු ලැබිය. 18 February 2021
ලක්ෂ 8කට ගජමුතු විකුණන්න යද්දී අල්ලයි අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර රුපියල් ලක්ෂ 8ක මුදලකට ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ පුද්ගලයකු අද(18) මුලතිව් නගරයේදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි. 18 February 2021
සාදයෙන් දුම්රිය පමාකළේ රටේ සංවර්ධනය කියාපෑමටද? චීන වරායේ සිට සීදුවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙළෙහි නියාමන ගමන් වාරය ඇරැඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට පිටත්වූ පිටි රැගත් දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. අදාළ දුම්රිය රියැදුරා සාදයකට සහභාගිවීමට ගොස් සිටි නිසා මෙම ප්‍රමාදය සිදුවී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් දැක්වේ. 18 February 2021
බෝපත් ඇල්ලත් ජල යෝජනාවකට බිලිදෙන්න යයි කුරු ගඟේ කුරුවිට පිහිටි දර්ශනීය බෝපත් ඇල්ලේ ඇලි කට මුදුනෙන් ජලය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත පානීය ජල යෝජනා ක්‍රමය වහා වෙනස් කර ඇල්ලට පහළින් ඊට ජලය ලබාගෙන ක්‍රියාත්මක කරන්නැයි මහා සංඝරත්නය සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළේය. 18 February 2021
අද කොරෝනා මරණ 13 යි : ආසාදිතයන් 713 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17 වැනිදා) තහවුරු කරයි. 17 February 2021
පුරාවස්තු විනාශ කිරීමේ නඩු 10 කට වඩා දවසකට අත්සන් කරන්න වෙලා පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු දහයකට පමණ දිනපතා අස්සන් කිරීමට සිදුව ඇතැයි පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය. 17 February 2021
ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 51ක් අල්ලයි කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා අද (17) පැවසීය. 17 February 2021
පිලිප් කුමරු රෝහල්ගත කරයි අසනීප තත්ත්වයක් හේතුවෙන් එංගලන්තයේ පිලිප් කුමරු රෝහල් ගත කළ බව බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයෙක් පැවසී යයි එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පත වාර්තා කරයි. 17 February 2021
බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තහනම ඉවත් කරන්න යයි බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 17 February 2021
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් වව්නියාවෙන් වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් අද (17) සවස හමුවී ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 17 February 2021
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය මහ ඉහළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු 2 වැනිදා පැවැත්වේ. 17 February 2021
රැස්වීම පැය 5 ක් වුණැයි ගීතා කුමාරසිංහට දොස් ඇල්පිටිය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පවත්වාගෙන යාම ගැන එහි සභාපතිනියට දොස් කියා රාජ්‍ය නිලධාරියෙක් අද (17) ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමෙන් පිටව ගියේය. 17 February 2021
වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් වවුනියාව, නෙඩුන්කේනි, සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුල තිබී ටී.එන්.ටී. පුද්ගල නාශක බිම්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අද (17) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙදුන්කේනි පොලිසිය කියයි. 17 February 2021
මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 05 දාට ගනී නාවික හමුදා බාරයේ සිටි තරුණයින් 11 දෙනෙකු අතුරුදන් වීම සිද්ධිය පිළිබද නඩුව ඇතුළු නඩු කිහිපයක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැයි සදහන් කරමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා මැයි 05 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළේය. 17 February 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026