කළුබෝවිලදී තිදෙනකුට කඩු පොලුවලින් පහරදීලා කඩු පොලු සහ තියුණු ආයුධ රැගෙන පැමිණි විශාල පිරිසක් කළුබෝවිල සරණංකාර පාරේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට සිටි පිරිසකට පෙරේදා (20) රාත්‍රී සිදුකළ පහරදීමකින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කොහුවල පොලීසිය සඳහන් කරයි 21 September 2023
කුකුළු මස් 1,150 ට බසී කුකුළු මස් කිලෝවක මිල 100 කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (21) පැවසීය. 21 September 2023
ප්‍රතික්ෂේප කළ අක්ෂි කාච ගන්න තීරණය කරලා නිසි ආකාරයට ලංසු ඉදිරිපත් කර නොමැති බව පවසමින් අවලංගු කළ අක්ෂිකාච සැපයීමට ඉදිරිපත් වූ සමාගම්වලින් අක්ෂිකාච මිලදීගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරති. 21 September 2023
මහ මොළකරු හෙව්වොත් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙනවා පාර්ලිමේන්තුවේ විවාද කොට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා ගත්තොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 September 2023
පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගුයි පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය. 21 September 2023
මල්ලී මැරුවාට අයියා එල්ලුම්ගහට පවුල් ප්‍රශ්නයක් හේතූවෙන් එකකුස උපන් මල්ලීමට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු වු අයියා කෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (21) මරණ දඬුවම් නියම කළේය. 21 September 2023
මාතර රාහුල සිසුන් අඩු වියදමකින් මනාප සටහන් කළ හැකි ක්‍රමයක් හදලා අඩු විදමකින් ඕනෑම මැතිවරණය දී මාර්ගගත ක්‍රමයට මනාප සටහන් කිරීමේ හැකියාව ඇති තොරතුරු පද්ධතියක් මාතර රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම හඳුණ්වා දුන්හ. 21 September 2023
කෝටි 13ක කේරළ ගංජා මීගමුවෙන් අල්ලයි රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුව මංකුලිය කළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා පැවසීය. 21 September 2023
මැලේසියා රජුගෙන් ශ්‍රී ලංකා ජනපතිට ආරාධනයක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියා සමාගම් උනන්දු කරවන බව මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝක් නුවර දී පැවසීය. 21 September 2023
අමන්ගල්ල හෝටලයට ලෝකයෙන්ම ලොකු තැනක් මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත.අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි. 21 September 2023
පරිගණක ක්‍රීඩාවට වියදම් කළ මුදල් දෙන්න පොරොන්දු වෙයි සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාවක් වන ෆෝර්ට් නයිට් සෙල්ලම් කළ දරුවන් එම ක්‍රීඩාව තුළ අවසරයකින් තොරව වියදම් කළ මුදල ඔවුන්ගේ දෙමාපියන්ට නැවත ලබා ගැනීමට අවස්ථාවක් ඇමෙරිකානු එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කමිටුව ලබා දී ඇත. 21 September 2023
ජපානයේ බුලට් දුම්රියක රෙස්ලින්ග් තරඟයක් ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් තරඟයක් පවත්වා ඇත.එම දුම්රිය ටෝකියෝ සිට නගෝයා දක්වා ධාවනය වන අතරතුර මෙම තරඟය පැවැත්වීම විශේෂත්වයකි. 21 September 2023
විහිළුව දුරදිග ගිහින් බොතල් කටුවකින් ඇනලා පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙක් බෝතල් කටුවකින් එම විදුහලේම සිසුවෙකුගේ පාදයකට පහරදී කැපුම් තුවාල සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 21 September 2023
ඉල්ලූවේ වතුර ලැබුණේ මත්වතුර වාරියපොල මිනුවන්ගැටේ 20 හංදිය ප්‍රදේශයේ අලුතින් ආරම්භ කිරීමට යන රටබීම හලකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (21) දහවල් නිහඩ විරෝධතාවයක නිරත වූහ. 21 September 2023
ලක්ෂ 50 කට ගජමුතු විකුණන්න බැරිවෙයි දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීමට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. 21 September 2023
මෛත්‍රී - ෆොන්සේකා පැටළෙති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (21)පස්වරුවේ ඇතිවිය. 21 September 2023
උණ්ඩු ගොඩක් එක්ක පාතාල ගෝලයෝ දෙන්නෙක් මාට්ටු විදේශ රටක සැඟව මෙරට පාතාල මෙහෙයවන පැට්ටා මංජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 250 ක්, සමග ජාඇළ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 21 September 2023
අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධයේ 2008 වසරේදී තරුණයන් 11 ක් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට වසර 15 ක් ගත වුවද තවමත් සාධාරණය ඉටු වී නැතැයි චෝදනා කරමින් එම තරුණයන්ගේ මව්පියෝ සහ අතුරුදහන් වූවන්ගේ සංගමයේ පිරිසක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් අද (21) පෙරවරුවේ පැවැත්වූහ. 21 September 2023
ගුණතිලකගේ නඩුවේ අවසන් තීන්දුව 28 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පැමිණිලිකාරිය හඳුනා ගැනීමෙන් පසු ඇය සමඟ සම්බන්ධය දිගටම පවත්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් පැමිණිලිකාරිය සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ ලබා ගැනීමට බලාපොරොත්තු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඇයට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අද(21) අධිකරණයේදී ප්‍රකාශ කර ඇත. 21 September 2023
තේ අරමුදලේ කෝටි 987ක් වියදම් කරලා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ රුපියල් කෝටි 987 ක මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) අප්‍රසාදය පළවිය. 21 September 2023
නවගමුවේ පිංකැටවලට මුද්‍රා තබයි වංචා සහගත මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදු කරන ලද පරික්ෂණ අනුව ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇතැයි නවගමුව ශ්‍රි සුගතබිම්බාරාම රාජමහා විහාරය සහ ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසයි. 21 September 2023
මෛත්‍රීගේ චෝදනා පත්‍රයට අධිකරණයෙන් වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපියට අනුව කටයුතු කිරීමෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (21) වාරණ නියෝගයක් නිකුත් කළේය. 21 September 2023
පී.සී පොලිසියේ දී බිරියට පිහියෙන් අනින්න ගිහින් පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට කැඳවූ පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිය පොලිසිය තුළදී ද බහින් බස් වී පසුව බිරියට පිහියෙන් අනින්න ගිය කොස්තාපල් සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 September 2023
නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ් නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 28 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය. 21 September 2023
පාස්කු සිද්ධියේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත. 21 September 2023
ජනපති අද එජා මහ සමුළුව අමතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද(21) අමතයි. 21 September 2023
ජාතික රෝහලේ ශල්‍යාගාර - දැඩි සත්කාර සෞඛ්‍ය සේවකයන් පිරිසිදු කළ යුතුයි කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පිරිසිදු කිරීම සෞඛ්‍ය සේවකයන් ඉටුකළ යුතු යැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පත්කළ කමිටුවකින් නිර්දෙශ කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති. 21 September 2023
පාස්කු ප්‍රහාරය ගැන විදෙස් පරීක්ෂණයක් ඉල්ලයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයක් අවශ්‍ය බව සමගි ජන බලවෙිගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (21)පැවසීය. 21 September 2023
’’වචනයෙන් දෙන සහය ක්‍රියාවෙනුත් අවශ්‍යයි’’ මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 21 September 2023
ජනපති කාර්යාලයේ වාහන ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක් ජනාධිපති කාර්යාලය යන පුවරුව ප්‍රදර්ශනය කරමින් යම් වාහනයක් ධාවනය කරන්නේ නම් එම වාහන ජනතාව රැවටීම සඳහා එසේ කරන බව වැඩ බලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය පවසයි. 21 September 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026