
(ජේ. පී. ආරච්චිගේ)
අඩු විදමකින් ඕනෑම මැතිවරණය දී මාර්ගගත ක්‍රමයට මනාප සටහන් කිරීමේ හැකියාව ඇති තොරතුරු පද්ධතියක් මාතර රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම හඳුණ්වා දුන්හ.
මතර රාහුල විද්‍යාලයේදී අද පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවණයේදී එය හඳන්වාදෙනු ලැබීය. වියදම් හා කාලය ඉතිරි කර ගනිමින් මාර්ගගත ක්‍රමයට මනාප සටහන් කිරීමේ පද්ධතියක් භාවිත කරමින් ඡන්දය පැවැත්වීමේ හැකියාව මෙමගින් ඇත.
සිසුන් හා ගුරුභවතුන් 3000ට ආසන්න සංඛ්‍යාවක් මෙම ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කළ අතර එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පැය තුනහමාරක කාලයක් ගත වීම ද විශේෂත්වයකි.
විදුහල්පතිනී සමිත කුරුකුලසූරිය මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයීය වෙබ් කණ්ඩායම භාර ආචාර්‍යවරුන් වන ලලනිකා රංගොඩගේ, නුවන් රත්නායක, සජිත් චතුරංග මහත්ම මහත්මීන්ගේ මගපෙන්වීමෙන් මෙම අඟානා නිමණය සිදුකර ඇත්තේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක නදීජ කල්හාර ලියනාරච්චි විසිනි.
තම ලැප්ටොප් පරිගණකය භාවිතයෙන් පැය 04 ක් තුල මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබීම තවත් විශේෂ අවස්ථාවකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පවතින ආර්ථික ප්‍රශ්න එක්ක රාහුලයන් ඉදිරිපත් කළ මේ විසදුම රටට ආදර්ශයක් ජයවේවා!
ඇත්තටම හරිම සතුටුයි. වසර කීපයකට පසු ව විද්‍යාලයේ දරුවන්ට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ක අත්දැකීම ලැබුණා එය අලුත් ආකාරයෙන් කර ගන්න ලැබීම එම මැතිවරණය අගය තවත් වැඩි කළා.. මාධ්‍ය ආවරණය ලබාදුන් ඔබ ආයතනයටත් සියලු දෙනාටමත් jayasiri පේදුරු ආරච්චි මා දිවි පියාටද විශේෂ ස්තුතිය පිරිනමමි. රහල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය රාහුල විද්‍යාලය මාතර
සතුටුදායක පුවතක්.මහ මැතවරණ සඳහා භාවිතා කල හැකි යන්ත්‍රතා නිර්මාණය කරන්න.කණ්ඩායමට මගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි