
(විමුක්ති එස් රුද්‍රිගු)
සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාවක් වන ෆෝර්ට් නයිට් සෙල්ලම් කළ දරුවන් එම ක්‍රීඩාව තුළ අවසරයකින් තොරව වියදම් කළ මුදල ඔවුන්ගේ දෙමාපියන්ට නැවත ලබා ගැනීමට අවස්ථාවක් ඇමෙරිකානු එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කමිටුව ලබා දී ඇත.
ෆෝර්ට් නයිට් ක්‍රීඩාවේ නිර්මාතෘ එපික් ගේම්ස් සමාගම සහ ඇමෙරිකානු ෆෙඩරල් වෙළඳ කමිටුව අතර ඇති වූ එකඟතාවයක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 245 ක මුදලක් දෙමාපියන්ට නැවත ගෙවීමට එපික් ගේම්ස් සමාගම එකඟ වී තිබේ.එසේම දරුවන් ක්‍රීඩාව තුළ මුදල් වියදම් කිරීමට පොළඹවා ගැනීම සහ ක්‍රීඩකයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 275 ක දඩයක් ඇමෙරිකානු රජයට ගෙවීමට එපික් ගේම්ස් සමාගම කැමති වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd