IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උණ්ඩු ගොඩක් එක්ක පාතාල ගෝලයෝ දෙන්නෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

විදේශ රටක සැඟව  මෙරට පාතාල මෙහෙයවන පැට්ටා මංජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 250 ක්, සමග ජාඇළ  ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ ගමන් බෑගයක  උණ්ඩ 250ක් සහිත උණ්ඩ ඇසුරුම් පෙට්ටි 5ක් අයිස් මත්දුව්‍ය ග්‍රෑම් 112ක්, විද්‍යුත් තරාදියක්, එකම ඡායාරූප යෙදු ජාතික හැදුනුම්පත් 3ක්, ජංගම දුරකථන 3ක් සහ ව්‍යාජ මුදා 15 ක් තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව සහ ගනේමුල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31ක් පුද්ගලයන් ය.

සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

උණ්ඩු ගොඩක් එක්ක පාතාල ගෝලයෝ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site