(මනෝප්‍රිය ගුණසේකර)
පවුල් ප්‍රශ්නයක් හේතූවෙන් එකකුස උපන් මල්ලීමට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු වු අයියා කෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (21) මරණ දඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විත්තිකරුට මරණීය දඬුවම නියම කරමින් විනිසුරුවරයා දැනුම් දුන්නේය”
මීට වසර 07කට පෙර මෙම ඝාතනය මෙම විත්තිකරු විසින්ම කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඬුවම් නියම කරන ලද්දේ වැල්ලම්පිටිය කැලණී නදීගම පදිංචි ධනුක චන්ද්‍රජිත් ගඟබඩආරච්චි නමැති 48 හැවරිදි පුද්ගලයකුටය”
2016 අගොස්තු මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලම්පිටිය කැලණී නදීගම ප්‍රදේශයේදී දිනුෂ රසාංග ගඟබඩආරච්චි නමැත්තාගේ මරණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පවුල් ප්‍රශ්නයක් මත අයියා-මලෝ දෙදෙනා මහමඟදී ආරඅවුලක් ඇතිකරගෙන ඇති බවත් ඒ අනුව විත්තිකරු විසින් මරණකරුට පිහියෙන් ඇණ මරා දමා ඇති බවත් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය”
ඒ අනුව අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු බව තීරණයය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම පැමිණවීය”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු අයියා.
මට සහොඩර සහොඩරියො අවාසනාවකට නැැ. සහෝදර සහෝදරියන් ඉන්න සමහර අයට එ අයගෙ අගයක් නැහැ.
ආගම ධරමානුකූලව ජීවත් වෙනවා නම් මෙවැනි ආරවුල් ඇතිවෙන්නේ නැහැ
අපි සහෝදර සහෝදරියන් 10යි, කිසිඳු අසමගියක් නැත... සාමකාමීව බුදුදහමට අනුව ජීවිතය සතුටින්ම හුඟක් දුරට අවසාන වෙමින් තිබේ...