(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියා සමාගම් උනන්දු කරවන බව මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝක් නුවර දී පැවසීය.
මැලේසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනිමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව ද මැලේසියා අග්‍රාමාත්‍යවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී සිදු විය.
මැලේසියාවේ සංචාරයක නිරතවන ලෙස මැලේසියාවේ රජතුමා කළ ආරාධනය ද මැලේසියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී දැනුම් දුන්නේය. එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ මැලේසියාවේ සංචාරය සඳහා පැමිණෙන බව ද තහවුරු කර සිටියේය.
එසේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කර තිබෙන ඉල්ලීමට සහය දැක්වීමට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එකඟ විය. ලබන මාසයේ දී කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) කලාපීය සමුළුව සඳහා මැලේසියා විදේශ අමාත්‍යවරයා සහභාගී කරවන බවද මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් බින් ඊබ්‍රහීම් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේසියා රජුගෙන් ශ්‍රී ලංකා ජනපතිට ආරාධනයක්
Aravinda Monarawila Thursday, 21 September 2023 04:37 PM
හිරේට යන්න කලින් ලෝකය වටේ රවුම් ගහන්න ඕන හින්දා වැඳ වැටිලා ආරාධනය කරන්න කියලා ඉල්ලන්න ඇති .මෙයා කොහොමටත් හර්ද ශාක්ෂියක් හෝ ලැජ්ජාවක් තියෙන මිනිහෙක් නෙමෙයි
Perera Friday, 22 September 2023 08:30 AM
ආරාදනාවක් සෙට් කරන් වරෙන් නවසීලන්තෙට සාදරෙන් පිලිගන්න.
Weerasumana Friday, 22 September 2023 11:05 AM
මැලේසියන් රජු ඉල්ලන් කන්නයි හදන්නේ...!
Nimesh Ariyarathne Friday, 22 September 2023 01:46 PM
පුළුවන් නම් මැලේසියාව තුළ ඉන්න ලාංකිකයින්‍ට වීසා ලබාදීලා වැඩ පිළිවෙලක් සකස් කරන්න...