(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විවාද කොට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා ගත්තොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දෙදිනක් තිස්සේ පාර්ලිමේන්තුවේදී කරන විවාදය අවසන් වන්නේ හිතේ තියෙන මහ මොළකරුවන් නම් කර මිස සැබෑ මහ මොල කරුවා හොයාගෙන නොවේ යැයි මන්ත්‍රීවරයා කීය.
මෙවැනි විවාදවලින් වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් වලට යුක්තිය සාධාරණත්වය ඉටු වෙනවා ද කියා සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය .
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් මුසම්මිල් මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවට හෝ චීනයට විමර්ශණය කරන්න දුන්නොත් මහ මොලකරුවෝ හොයාගන්න පුළුවන්... අප ජාත්‍යන්තර පරීක්ෂණ කියලා කරේ හොරාගේ අම්මාගෙන් පේන අහපු එක විතරයි...
විවාද කරකර කාලය කන්න එපා. ඕවා බොරු වැඩ. ඔය වෙලාවේ කුණු එකතු කරපල්ලා.
ගරු කටයුතු මහත්මයෙක්... ඇත්තම කියලා තියෙනවා. නිකම් බොරුවට පාර්ලිමේන්තුව ඇතුලේ කාලේ කනවා විතරක් නෙවෙයි, ඔය කාලයට ලැබෙන සැප, කෑම බීම සේරම මහජන මුදල්වලින්...
මහ මොලකරු මැරිලා අවුරුදු 1400 වැඩී. ඒ කියමන් පසුපස යන මෝඩයෝ ඉන්නවා.
ඔයා අස්වෙන කතාව බන්දුලද කියලා දුන්නේ...?
මේ වගේ අය නම් මන්ත්‍රී කමෙන් නෙවෙයි, ජීවිතයෙන් අයින් වුණත් රටට පාඩුවක් නැහැ...