ක්‍රිකට් ටිකට් සෙල්ලමක් ගැන විගණනයෙන් එළියට
ඕස්ට්‍රේලියාවේ පැවති 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹිමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලංකාවට ලැබුණ ටිකට් පත් 164ක් විනාශ කර, රුපියල් ලක්ෂ අසූහතකට වැඩි මුදලක් වැය කරමින් තවත් ටිකට් පත් 150ක් මිලදී ගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම විශේෂ විගණන වාර්තාවකින් අනාවරණ්ය වේ.