IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉසුරු සොයා ගිය කතට කොන්ක්‍රිට් ඇණ ගිල්ලවලා

(කාංචන කුමාර ආරියදාස)

සෞදි අරාබියේ ගෘහ සේවයේ සිටීයදී ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කර ගන්නා යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ගිල්ලූ බව මාතලේ ඇල්කඩුවේ කාන්තාවත් වත්තේගම පොලිසියට පැමිණිල්ලක් කරමින් පැවසුවාය.

මෙම ගෘහ සේවිකාව සෞදි රෝහලක වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් තානාපති කාර්යාලය හරහා මීට දින කිහිපයකට ඉහත දී ලංකාවට ගෙන්වා ගනු ලැබුවාය.

ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ ගිල්ලවා ඇත්තේ සෞදි අරාබියේ තායිඩ් ප්‍රදේශයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි මාතලේ ඇල්කඩුව තේවත්තක ජීවත් වූ එම්.එස්. ත්යාගා සෙල්වි නැමැති විසි එක් හැවිරිදි එක් දරු මවකටය.

තම දියණියට සිදු වූවූ මෙම අපරාධය පිළිබඳව ඇයගේ මව තයාගු කුමාරි මහත්මියද වත්තේගම පොලිසියට පැමිණිල්ලක් කළාය.

තමා කොළඹ පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් ජුනි මාසයේදී ගෘහ සේවය සඳහා ගිය බවත් එහිදී ආහාර පාන නොදී දැඩි පීඩනයකට පත්ව සිටින අවස්ථාවක තමා දුරකථනය හරහා ආහාර නොමැති බව පැවසීමෙන් හා රැකියා නියෝජිත ආයතනයට ඒ බව දැන්වීම නිසා උරණ වූ නිවසේ හිමිකාරිය සහ ඇයගේ මව එක්ව ඉතා අමානුෂික අන්දමින් පහර දී කොන්ක්‍රීට් සඳහා ගසන සුදු පැහැති ඇණ පහක් ගිල දමන ලෙස බල කරමින් පහර දුන් බව ඇය සඳහන් කළාය.

කම්බි ගිලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී පහරදී ගිල්ලූ බවද ඇය කීවාය.

පසුව රෙදි වියලීම සඳහා උපයෝගී කරගන්න සුදු යකඩ වලින් නිෂ්පාදිත ස්ප්‍රින් එකක් ගිල්ල වූ බවත් එම යකඩ කැබැල්ල උගුරේ සිරවූ බව ද ඇය හැඬු කඳුළින් සඳහන් කළාය.

දින කිහිපයක් මේ ආකාරයෙන් පසුවෙද්දී එකවරම තමන්ගේ උදරයෙන් මුඛයෙන් ලේ වහනය වන්නට වූ අවස්ථාවේ එම නිවැසියන් තමන්ව එරට රෝහලකට රැගෙන ගිය බව සෙල්වී මහත්මිය පැවසුවාය.

වෛද්‍යවරුන් තමා පරික්ෂා කළ අවස්ථාවේදී උදරයේ යකඩ ඇණ පහක් දැක ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වූ බව ඇය සඳහන් කළාය.

ලංකාවට පැමිණ මහනුවර රෝහලේ දී පරික්ෂා කිරීමේදී තවත් ඇණ දෙකක් තම කුස තුළ තිබෙන බව එක්ස්රේ වලින් පෙනී ගිය බවද ඇය සඳහන් කළාය.

එක ඇණයක් දින දෙකකට ඉහතදී වෛද්‍යවරුන් එළියට ගත් බවත් තවත් යකඩ ඇණයක් තමන්ගේ උදරයේ පිට කොන්ද ප්‍රදේශයේ රැඳී තිබෙන බවද ඇය සඳහන් කරන්නට වූවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා ආයතනය දැනුවත් කළ ද ඔවුන් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බවද එම කාන්තාවගේ මව කීවාය.

සැමියාගෙන් වෙන්වී දරුවෙකු සමග තනිව ජීවත්වන තම දියණිය දරුවාගේ අනාගතය සඳහා විදේශගත වූ බව ඇද ඇය හැඬු කඳුළින් කීවාය. මෙවැනි දෙයක් කිසිදු අයකුට සිදුවන්නට ඉඩ නොතබන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් පැවසුවාය.

වත්තේගම පොලිසියේ නිලධාරීන් පැය හතරක පමණ කාලයක් මෙම ගෘහ සේවිකාවගේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදුකරයි.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වත්තේගම පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.



අදහස් (4)

ඉසුරු සොයා ගිය කතට කොන්ක්‍රිට් ඇණ ගිල්ලවලා

Perera Tuesday, 26 September 2023 08:02 AM

දැන් ලංකාවේ කම්කරු ඇමැති, විදේශ කටයුතු ඇමැති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ... මොනවද මේ ගැන කරන්නේ? මුකුත් නැහැ? ලබන පාරත් පෝලිමේ ගිහින් මොවුන්ටම ඡන්දෙ දෙන්න.

:       0       1

කිරිපුතා Tuesday, 26 September 2023 09:28 AM

අහිංසක කාන්තාවන් ගෘහ සේවයට එන්න එපා ! එවන්නත් එපා ! මේ එකම හෝ අවසාන සිද්ධිය නෙවෙයි... මහන්සිවෙලා වැඩ කරනවා නම් ලංකාවේ ඕනෑතරම් රැකියා තියෙනවා. රට යනවා නම් පිළිගත් රැකියාවකට යා යුතුයි..

:       0       0

Nihal Tuesday, 26 September 2023 02:01 PM

සුලු වැටුපකට යන ඔවුන්ට "ඉසුරු සොයා යන" ගැලපෙන්නේ නෑ

:       1       5

sumanasiri Tuesday, 26 September 2023 09:17 PM

මේ අහිංසකයින්ට එරට ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලයේ පිහිට ලැබිය යුතුයි,මේ සම්බන්ධයෙන් රෝහල් ගතවුණු අවස්ථාවේ තානාතිපති කාර්යාලයේ නිලධාරීන්ට නීති මගින් කටයුතු කල හැකියි,ලංකාවේ ඒජන්සි කාරයන් මිනිසුන් විකුනනවා හැරෙන්න කරන දෙයක් නැත ,විදේශ සේවා එකද ඒජන්සි කරුවන්ගේ කප්පම් වලින් යැපෙන බැවින් කිසිවක් කල නොහැක

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site