IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු රිදී පදක්කම දිනති

(යොහාන් භාසුර)

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) හිමිකර ගත්තේය.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහි රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැති අවසන් මහ තරගයෙන් ඉන්දීය ක්‍රීඩකඩිකාවෝ ලකුණු 19 කින් ජය ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලකක්ය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 97 ක් පමණි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 116 (ස්ම්රිටි මන්දානා 46, ජෙමීමා රොද්‍රිගුස් 42, උදේෂිකා ප්‍රබෝදනී 16/2, සුගන්දිකා කුමාරි 30/2, ඉනෝකා රණවීර 21/2) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 97 (චමරි අතපත්තු 12, හසිනි පෙරේරා 25, නිලක්‍ෂි ද සිල්වා 23, ඕෂදී රණසිංහ 19, ටිටාස් සධූ 6/3, රාජේෂ්වරී ගයක්වාඩ් 20/2) 



අදහස් (4)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු රිදී පදක්කම දිනති

යෝගා Monday, 25 September 2023 03:20 PM

තවත් ලේලන්ඩ් බස් 10 ක් විතර නිකම් ඉල්ලගන්න පුළුවන් වෙයි...

:       5       8

hemnathaMonday, 25 September 2023 04:23 PM

භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් පමණ ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

:       2       7

Pam Monday, 25 September 2023 04:32 PM

හොඳයි නෝනාවරුනි .විශිෂ්ට ජයග්‍රහණයක් සහ ඔබේ කණ්ඩායමට සුබ පතනවා .කරුණාකර මෙය දේශපාලන දෘෂ්ටියෙන් නොබලන්න .එය කණ්ඩායමේ සාමාජිකයින්ට කරන අගෞරවයක්,

:       1       13

fairoos Monday, 25 September 2023 07:06 PM

සුබ පැතුම්...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site