
(අංජුල මහික වීරරත්න)
කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP) ඔක්තෝබර් 03 වනදා සිට 6 වැනිදා දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය.
එහි ප්‍රධාන සැසිය ඔක්තෝබර් 5 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන මෙම සැසියේ දී කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට ඉඩ සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙවර සැසිවාරය සඳහා ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 41 ක අමාත්‍යවරුන්, විදේශීය නියෝජිතයින් 300 කට අධික පිරිසක් සහ වෘත්තිකයන් 100 කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්, 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ (UNEA) හයවන සැසිවාරයට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටවල් 41ක් එන පරිසරය සැසියක් ලංකාවේ
Bamunuarachchi Monday, 25 September 2023 05:59 PM
රටට තවත් අනවශ්‍ය වියදමක්. ඊළඟට විගණකාධිපති වාර්තාව කියයි කෝටි මෙපමණ වියදම් උනා කියලා. නමුත් රටට උන සෙතක් නැහැ කියලා. ඔය වැඩේ දන්න නිසයි ඔයවගේ වැඩකට නැති සම්මෙලන මෙරටට තල්ලු කරලා ඒකට්ටිය මෙහෙ ඇවිත් කාලා බීල ගිහිල්ලා අපි මානව හිමිකම් කඩනවා කියලා අනික් පැත්තට චෝදනා කරන්නේ.