IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ක්‍රිකට් ටිකට් සෙල්ලමක් ගැන විගණනයෙන් එළියට

(මුදිතා දයානන්ද)

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹිමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලංකාවට ලැබුණ ටිකට් පත් 164ක් විනාශ කර, රුපියල් ලක්ෂ අසූහතකට වැඩි මුදලක් වැය කරමින් තවත් ටිකට් පත් 150ක් මිලදී ගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම විශේෂ විගණන වාර්තාවකින් අනාවරණ්‍ය වේ.

මිලදි ගත් ටිකට් පත් 150න් රුපියල් ලක්ෂ තිස්හයකට ආසන්න මුදලක් වැයකරමින් ලබාගත් ටිකට් පත් 76ක් ඉතිරි වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මිලදි ගත් ටිකට් පත්වලින් භාවිතා කළ ටිකට් පත් 74න් ලක්ෂ තිස්හයකට ආසන්න වටිනාකමින් යුත් ටිකට් පත් 54ක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ලබාදී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම තරගාවලියේදී මූලික තරගවට පහ සඳහා තරග වදින කණ්ඩායම්වලට අදාල රට වෙනුවෙන් එක් තරගයකට ටිකට් පත් 125 බැගින් ටිකට් පත් 625ක්ද ක්‍රීඩකයින් වෙනුවෙන් සුඛෝපභෝගී කාණ්ඩයේ ටිකට් පත් විස්ස බැගින් 100 ක්ද ලෙස ටිකට් පත් 725ක් ලබාදීමට නියමිත විය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලබාදුන් සාමාන්‍ය ටිකට් පත් 625න් 434ක් මෙරට ක්‍රිකට් ආයතනයෙන් භාවිතයට ගෙන ඇති බවද තවත් තිස්පහක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුට ලබාදී ඉතිරි 155 විනාශ කර ඇති බවද එම විගණන වාර්තාවේ දැක්වේ.

 



අදහස් (1)

ක්‍රිකට් ටිකට් සෙල්ලමක් ගැන විගණනයෙන් එළියට

Bunny Preena Wednesday, 27 September 2023 01:50 PM

හරිම ලොකු අපරාධයක් කරලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site