IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු රැසක්

(සුජිත් හේවාජුලිගේ සහ කේ.එල් චාමින්ද)

සෞඛ්‍ය සේවයේ  වෛද්‍ය නිලධාරීන්  1331 දෙනකුගේද හෙද නිලධාරින් 1756 දෙනකුගේ සහ   උපස්ථායකයන් 2268 දෙනකුගේද  හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑමට මේ තත්වය බාධාවක් බව එම කාර්යාලය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විගණනය සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මස 31 දිනට  දී ඇති තොරතුරුවලට අනුව,රෝහල් 23ක විශේෂඥ වෛද්‍යවරුන්  146ක් අතිරික්තව සිටියදී රෝහල් 38ක විශේෂඥ වෛද්‍යවරුන් 156  දෙනකුගේ ඌනතාවයක් පැවතුණු  බව  දැක්වේ.

රෝහල් හා ආයතන 21 ක  වෛද්‍ය නිලධාරින් 282 ක් අතිරික්තව සිටියදී රෝහල් හා ආයතන 89 ක වෛද්‍ය නිලධාරින්  1613 දෙනකුගේ ඌනතාවක් පැවතුණ  බව සඳහන් කරන විගණන වාර්තාව රෝහල් 13ක විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විස්සක් අතිරික්තව සිටියදී රෝහල් 24ක විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 97දෙනකුගේ  ඌනතාවයක් පැවතුණු  බවද  වාර්තාවේ  සඳහන් වේ.

මේ අතර කොළඹ  රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ  වෛද්‍යවරුන් විසි දෙනකුද  මහනුවර ජාතික රෝහලේ 15 දෙනකු ද  කොළඹ ජාතික රෝහලේ 14 දෙනකු ද  කුරුණෑගල ශික්ෂණ රෝහලේ 16 දෙනකුද  අතිරික්තව සේවයේ යොදවා ඇති බව විගණනයේදී  තොරතුරු අනාවරණයවී  ඇත.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ  විධායක මට්ටමේ තනතුරු 39 ක ට අදාළව  පුරප්පාඩු 1586ක් පවතින බවද විගණන වාර්තාව සඳහන් කරයි.
එසේම හෙද සොයුරු සොයුරියන් 275 දෙනකුගේද වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරුන් 136 දෙනකුගේද   වෘත්තීය චිකිත්සකවරුන් 68 දෙනකුගේද ඖෂධවේදීන් 126  දෙනකුගේද  විකිරණ ශිල්පින් 270 දෙනකුගේද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 37 දෙනකුගේද විකිරණ ශිල්පින් ශිල්පින් දෙසිය හැත්තෑ දෙනකුගේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිස් හත් දෙනකු ගේද  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හාරසිය පනස් එක් දෙනෙකුගේද පුරප්පාඩු පැවතුණු බව  ජාතික විගණන කාර්යාලය
පවසයි.

තවද  භෞතික විද්‍යාඥ තනතුරු 59න්  21 ක්ද  පර්යේෂණ නිලධාරි තනතුරු 29න් විස්සක්ද පුරප්පාඩුවී පැවතුණු  බව  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.



 

 



අදහස් (2)

සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු රැසක්

අනුරාධ Monday, 25 September 2023 05:14 PM

ඇයි අර සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් අමාත්‍යාංශය වල අයි. ටී, පරිපාලන, ටොයිලට් හෝදන්නත් දාලා තියනවද දන්නේ නෑ හෙම එකට වෛද්‍යවරු දාගෙන 2000-3000ක් විතර. වෙන වෘතිකයන් දාන්න ඕන ඒවට මෙච්චර වියදම් කරලා හදන වෛද්‍යවරු පුරවගෙන බලය රැකගන්න. ඕනම ටික ටියාගෙන අනිත් අය රෝහල් වලට දැම්ම නම් පුරප්ප්පඩු නෑ.

:       0       0

ටි.ජි.මදුවන්ති නදිශානි රංගජීව Friday, 15 March 2024 11:38 AM

හෙද සහායක රැකියා පුරප්පාඩු සඳහා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site