ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්
ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත් ප්රජාතන්ත්රවාදී ආයතනවල කොදුනාරටිය ව්‍යවස්ථා සභාව බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (11) පැවසීය.