කහ ගෑස් නොදුන්නොත් රජයෙන් තද තීරණයක්
කහ පාට ගෑස් සිලින්ඩර ගත් පාරිභෝගිකයන්ට තවදුරටත් එම සමාගම ගෑස් නොදුන්නොත් කහ සිලින්ඩර නිල් පාට ගෑස් සිලින්ඩරයට මාරු කිරීම සඳහා රජයට තීරණයක් ගන්නට සිදුවේවි යැයි වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.