සිතුල්පව්ව පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය සහ පෙරහර මංගල්‍ය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි. 05 March 2026
චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹේ දාහතරවැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද (5) ඇරඹුණි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්රමුඛ පක්ෂ සහ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේදී කොංග්‍රසයේ ආරම්භ කළේය. 05 March 2026
ලොරි අනතුරින් සිසුහුදෙදෙනෙක් මරුට මදුරන්කුලිය කඩයමෝට්ටේ කිලාමඩුචේන ප්‍රදේශයේ පාසල් දරුවන් දෙදෙනකු ලොරි රථයක ගැටිමේන් මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 05 March 2026
වාහන දුම් පරීක්ෂණ කොට උඩ: පරිසරයට දැඩි හානි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ ව්‍යවස්ථාපිත අරමුදලක් කිරීමේ ප්‍රමාදයෙන් මාස තුනකට ආසන්න කාලයක් වාහනවල දුම් පරීක්ෂණ ක්‍රියාවලිය අක්‍රීයවීමෙන් පරිසරයට දැඩි හානියක් වියහැකි බව පරිසර විද්‍යාඥයෝ පවසති. 05 March 2026
එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනයක් නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කරයි. 05 March 2026
කොළඹ - ලන්ඩන් නුවර අතර අතිරේක ගුවන් ගමන් කොළඹ සහ ලන්ඩන් නුවර අතර ලබන 08 වන දින අතිරේක ගුවත් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. 05 March 2026
ඉරාන නෞකාව ගැන නාමල්ගෙන් එක්ස් පනිවිඩයක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ඇති බවට වාර්තා වන තවත් ඉරාන නෞකාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වහාම පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටී. 05 March 2026
ලංකා මුහුදු සීමාවෙන් පිටට යන්න එපා: ධීවරයන්ට දැනුම් දීමක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතු වල නිරත නොවන ලෙස තමා සියලුම ධීවරයන්ගෙන් ඉල්ලීමක් කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 March 2026
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - මාර්තු 10 සිට ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - 2026 මාර්තු 10 වන දින සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 March 2026
සුරේෂ් සලේගේ ආයුධ ලයිස්තුව මැතිසබයට සුරේෂ් සලේට බාර දුන්න අවි ආයුධ සහ ඔහු නැවත බාර දුන්න අවි ආයුධ ගැන ලැයිස්තුවක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවට අද (5) ඉදිරිපත් කළේය. 05 March 2026
‘පොඩි ලැසීගේ‘නිවසක් පරිහරණය තහනම් කරයි ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් දින 90 ක රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මධුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නැමැත්තාට අයත් බව කියන හෝමගම මායා මාවත පිහිටි සිව් මහල් නිවසක් පරිහරණය තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශණ ඒකකය විසින් අද (05) දින කටයුතු කළේය. 05 March 2026
ඇමෙරිකාවෙන් පළිගන්නවා - ඉරානය අයිරිස් ඩේනා නමැති යුද නෞකාවට පහර දී එහි නාවික භටයන් මරා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළිගන්නා බවත් ඇමෙරිකාවට පසුතැවීමට සිදුවනු ඇති බවත් ඉරානය අනතුරු ඇඟවීමක් කළේය. ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරගාචි මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ එරට මාධ්‍ය හමුවේ පෙනී සිටිමිනි. 05 March 2026
’’අගනගරය’’ සුවපත් කරන්න සායනයක් මෙරට පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් ව ’’ආරෝග්‍යා’’ ජංගම සුව සායනයක් පැවැත්විණි. 05 March 2026
ඉරාන ඇමෙරිකා යුද්ධයට කැනඩාවත් හවුල් වන ලකුණු ඉරානය සමඟ සටනේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් උදවු ඉල්ලන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උදවු ලබා දීමට පියවර ගන්නා බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නේ පවසා ඇත. 05 March 2026
ෆින්ලන්ත ජනාධිපති මෝදි හමුවන්න දිල්ලියට ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණ සිටී. ෆින්ලන්ත ජනාධිපතිවරයා ලබන 7 වැනිදා තෙක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇතැයි ද පැවැසෙයි. 05 March 2026
වයස 60 වැඩි ජනගහණය සියයට 18ක් වෙලා ජනගහනයෙන් සියයට 18 කට ආසන්න ප්‍රතිශතයක් වයස අවුරුදු 60 සහ ඊට ඉහළ වයස් කාණ්ඩයට අයත් වන බවත් එයින් ජනගහනය වයස්ගතවීමේ පැහැදිලි ප්‍රවණතාවයක් පෙන්වන බවත් ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපතිනී මහාචාර්ය මනෝරි වීරතුංග මහත්මිය පැවසුවාය. 05 March 2026
ඉරාන යුද්ධය අවසන් වෙන්න සති අටක් යාවි සති 4 ක් හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, යුද්ධය අවසන් වීමට සති අටක් ගත වේවි යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවැසීය. 05 March 2026
හෝමූස් හරහා යන්න අවසර චීන නැව්වලට පමණයි - ඉරානය ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවරගෙන ඇති බැවින්, ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබේ. 05 March 2026
ට්‍රම්ප්ගේ යුද බලතල කප්පාදුව අසාර්ථකයි ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් යෝජනාව ඇමෙරිකන් සනෙට් මණ්ඩලය හමුවේ පරාජය විය. 05 March 2026
මත් සැකකරුවෝ 1092ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1092 ක් ඊයේ (04) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 05 March 2026
මාංචු සමඟ රැඳවියා පැන ගිහින් ඇලදූවේ අංකුට්ටා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන බන්ධනාගාර රැදවියා අත් මාංචු සමඟ බන්ධනාගාර නිළධාරින් ගෙන් මිදී පලාගොස් ඇති බව කළුතර පොලිසිය සඳහන් කරයි. 05 March 2026
රනිල් - ඉරාන අධ්‍යාත්මික නායකයාට සොව පළ කරයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජය වෙත ඉරාන තානාපති කාර්යාලයේ දී අද ශෝකය ප්‍රකාශ කළේය. 05 March 2026
ඉරානයේ තවත් නැවක්: ජීවිත ගලවාගන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක් ඉරානයට අයිති තවත් නැවක් ශ්‍රී ලංකා ජල තීරයට ආසන්න විශේෂ ආර්ථික ජල තීරයේ පවතින හෙයින් ඒ ජීවිත ආරක්ෂා කිරීමට රජය උපරිම ලෙස මැදිහත්වී සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 March 2026
’’දිට්වා’’ අඩුපාඩු හොයන්න මැතිසබා කමිටුවක් දිට්වා සුළි කුණාටුව සඳහා පූර්ණ සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීමට සහ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ 05 March 2026
දුම්රියෙන් වැටි තොරතුරු තාක්ෂණ විශේෂඥයා මරුට ගමන් කරන දුම්රියට ගොඩවීමට උත්සාහ කළ තොරතුරු තාක්ෂණ පද්ධති විශේෂඥ නිලධාරියකු පය ලිස්සා දුම්රියෙන් ඇද වැටීමෙන් මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 05 March 2026
ඉරාන නැවේ මළ සිරුරු 84ක් සොයා ගනී අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ඊයේ (04) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 05 March 2026
පාසල් දැරියන්ගේ වතුර බෝතයේ පෙති වර්ගයක් වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්කරයි 05 March 2026
අද කාලගුණය ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද් 05 March 2026
ගල් අඟුරු පාඩුව කෝටි 848 යි මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ. 05 March 2026
පීඩිත සංචාරක-ශ්‍රමික උදවියට රජයෙන් නොනිදන සේවයක් මැද පෙරදිග යුද තත්ත්වය නිසා පීඩිත සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවාව සාර්ථකව ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍යාංශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය. 05 March 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026