ට්‍රම්ප් අමු තිත්ත කුණුහරුපෙන් බැණලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට අමු තිත්ත කුණු හරපයෙන් බැණ වදිමින් තර්ජනය කර ඇත. ඒ, හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර නොගන්නේ නම්, ඉරානයට පහර දෙන බව පවසමිනි. 06 April 2026
‘කුෂ්‘ සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(06) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 April 2026
විදුලි රැහැනක පැටැලි තරුණයෙක් මරුට දිවුලපැලස්ස තෙල්දෙණියාය 16ඇළ ප්‍රාදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි බව කියන විසිතුන් හැවිරිදි තරුණයෙකු ඊයේ (5) සවස එම කුඹුරට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිවුලපැලස්ස පොලීසිය පැවසීය. 06 April 2026
අද වහින තැන් මෙන්න උතුරු ,නැගෙනහිර, උතුරු - මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසුව තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 April 2026
හෑෂ් සමග අයෙක් මාට්ටු මෝදර බ්ලුමැන්ඩල් තෙල් සංකීර්ණය ආසන්නයේ නිවසක තිබී රුපියල් ලක්ෂ පණහකට ආසන්න වටිනා හෑෂ් මත්දුව්‍ය කිලෝ 1 ග්‍රෑම් 600 ක් සහ රුපියල් හැට දෙලක්ෂ තිස්තුන්දහසක මුදලක් සමගින් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 06 April 2026
කොළඹ අද වතුර කපන පළාත් මෙන්න පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදු කරන ජල සැපයුම් කළමනාකරණ කටයුතු වලට අනුව අප්‍රේල් අද (06 ) සඳුදා පෙරවරු 8.00 සිට හෝමාගම කලාප අංක සහ අවට ප්‍රදේශවල පැය 12 ක කාලයක් ජලය අත්හිටවනු ඇති බව ජාතික ජලසම්පාදන මණ්ඩලය පවසයි. 06 April 2026
නාසා යානය සඳ වටා යන්නේ අද ගගනගාමීන්සිවු දෙනකු ද රැගෙන චන්ද්‍ර මෙහෙයුමක නියැළී සිටින ආටිමිස් 2 ඔරායන් චන්ද්‍ර යානය අද (6) සඳ වටා ගමන් කරනු ඇතැයි නාසා ආයතනය පවසයි. යානය සඳ වටා යන්නේ, සඳුගේ ඈත කක්ෂයකට පිවිසෙමිනි. 06 April 2026
ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානයෙන් පිළිතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවත් ඉරානය ’අපායක්’ බවට පත් කරන බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට ඉරානය ප්‍රතිචාර දක්වා ඇත. 06 April 2026
ලාෆ් ගෑස් රුපියල් 1,070 කින් ඉහළ යයි ‘ලාෆ්’ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ දමන බව එම සමාගම අද (5) පස්වරුවේ පැවසීය. 05 April 2026
ලිට්රෝ ගෑස් මිල ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ දැමූ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (5) නිවේදනය කළේය. 05 April 2026
ප්‍රංශ නැව් හෝමුස් හරහා යයි ප්‍රංශය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉරානයට සහාය පළකිරීමත් සමග ප්‍රංශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කර ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 05 April 2026
ජවිපෙ බලයට ආවේ පොදු අරමුණු නිසයි ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලයට පැමිණීමට හැකි වූයේ ජ.වි.පෙ අතීත විරුවන්ගේ පොදු අරමුණු දිගටම ඉදිරියට රැගෙන ආ නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 55 වැනි අප්‍රේල් විරු සමරුව අමතමින් වවුනියාවේදී අද (5) පැවසීය. 05 April 2026
ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලෙන් ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීමත් සමඟ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් දැඩි කනස්සල්ල පළ කර තිබේ. 05 April 2026
ඇමෙරිකානු C-130 යානයක් බිම දමයි ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130 ආධාරක ගුවන් යානයක් ඉරානයේ දකුණු දිග ඉස්ෆහාන් ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙළු බව ඉරාන විප්ලවීය හමුදාව පවසා ඇත. 05 April 2026
ත්‍රිරෝද රථ විකිණිමේ ජාවාරමක නිරත වු දෙන්නෙක් අල්ලයි ත්‍රිරෝද රථයක් විකිණීමට ඇති බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පලකර පොලිස් සැරයන්වරයකු සහ ගුවන් හමුදා සෙබළෙකු ලෙස පෙනී සිටිමින් දිවයින පුරා විවිධ පුද්ගලයන්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. 05 April 2026
වල්අලි ප්රහාරකින් ගොවීහු තුනක් මරුට අනුරාධපුර එප්පාවල හා ප්‍රියංකරගම ස්ථාන දෙකකදි වන අලි ප්‍රහාරයට ලක්වු පුද්ගලයන් තිදෙනකු මියගිය බව එම පොලිස් ස්ථානාධිපතිවරු පැවසුහ. 05 April 2026
පශ්වාත් සීමවාසික වෛද්‍යවරුන්ට අවුරුද්දට පෙර පත්වීම් පශ්වාත් සීමවාසික අවදියේ සිටි වෛද්‍යවරුන් 435 කුට පළමු පත්වීම සිංහල දෙමල අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා බණ්ඩාරගමදී අද පැවසීය. 05 April 2026
කිව්.ආර් ගෙවීම් හෙට සිට ඇරැඹෙයි මුල්‍ය ගනුදෙනු සඳහා ජාතික QR ගෙවීම් පද්ධතිය හඳුන්වාදීම හෙට (6) සිට ඇරැඹෙයි. 05 April 2026
අලුත් සහල් මංගල්‍ය බ්‍රහස්පතින්දා 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී බදාදා(8) සහ බ්‍රහස්පතින්දා(9) පැවැත්වේ. 05 April 2026
මත් සැකකරුවෝ 906 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 906 ක් ඊයේ (04) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 05 April 2026
බලු සුරතලා වෙනුවෙන් සාධාරණයක් විෂ මිශ්‍ර කළ කුකුළු මස් කැබලි ආහාරයට දීමෙන් ඝාතනය වූ සිය සුරතල් බල්ලා වෙනුවෙන් වසර තුනකට අධික කාලයක් තනිවම සටන් වැදුණු චීන ජාතික කාන්තාවක පිළිබඳ පුවතක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. 05 April 2026
එයාව බේරා ගත්තා ! ඉරානය විසින් බිම හෙළන ලද ඇමරිකානු එෆ් 15 ප්‍රහාරක යානයේ සිටි නියමුවා බේරා ගැනීමට ඇමෙරිකන් හමුදාව සමත් විය. ඒ ත්‍රාසජනක දිවි ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසුවය. 05 April 2026
කේරළ ගංජා සමඟ පොලීසියේ දෙන්නෙක් මාට්ටු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුත් කේරළ ගංජා ක් රැගෙනයමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (04) වවුනියාව ඊරට්පෙරියකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 05 April 2026
‘‘11 සිට දින හතරක් කොළඹට වතුර කපන්නේ නෑ‘‘ අප්‍රේල් 11, 12, 13, 14, යන දිනවල උත්සවය සමය නිසා කිසිදු බිඳ වැටීමකින් තොරව ජලය සපයන බව, ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසීය. 05 April 2026
එදිරිවාදය වෙනුවට සාමය පතමු එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 05 April 2026
අලුත් දොස්තරලාගෙන් 96%ක් පත්වීම් ගන්න සූදානම් මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනකු අතුරින් 435 දෙනකු හෙවත් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා සාර්ථකව අයැදුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 April 2026
කන්දකාඩුවෙන් රැඳවියෝ 4ක් පැන යති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සිව් දෙනෙකු පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 05 April 2026
යානයේ වැසිකිළි හුටපටය අවසන් ’ආටිමිස් 2’ ආරම්භවී පළමු දිනයේ ම, ගගනගාමීන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. එ්, ඔරායන් යානයේ ඇති වැසිකිළිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවිනි. වැසිකිළි යෑමට නොහැකි වී පැය ගණනාවක් තිස්සේ ඔවුන් අසරණ වුණු බව පැවැසෙයි. 05 April 2026
යානය සඳ වටා යන්න සූදානම් නාසා ආටිමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනා රැගත් ඔරායන් යානය, සඳ වටා ගමන් කිරීමට සූදානමින් සිටී. යානය සඳ දෙසට යන මාර්ගය වෙත යොමු වී ඇති බවත්, මෙය පෘථිවි ගගනගාමීන් පිරිසක් අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගමන් කනරන පළමු අවස්ථාව බවත් නාසා ආයතනය පැහැදිලි කර ඇත. 05 April 2026
තව තියෙන්නේ පැය 48 යි ඉරානයට ලබා දුන් දින 10 ක සහන කාලය අවසන් බවත්, ඉතිරිව ඇත්තේ පැය 48ක් පමණක් බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එම පැය 48 අවසන් වෙද්දී, ඉරානය ඇමෙරිකාව සමඟ පැහැදිලි එකඟතාවකට නොපැමිණෙන්නේ නම්, ඉරානය සුන්නද්ධූලි කර දමන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. 05 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026