ගාල්ල කාන්තා රැඳවි අංශයෙන් උණ්ඩ හමු වේ ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැදවි අංශයේ තිබි එම්.එම්.09 වර්ගයේ ජීව උණ්ඩ පහක් හමුවු බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 07 April 2026
ක්‍රීඩා තරුවලට රජයේ රැකියා ජාතික මට්ටමේ ක්‍රීඩා කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 April 2026
රජයේ සහන පැකේජය මෙන්න මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 April 2026
ඉරාන වැසියන්ගෙන් මිනිස් පළිහක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින්, එරට න්‍යෂ්ටික බලාගාර සහ විදුලි බලාගාරවලට පහර දීමට අනතුරු ඇගවීමත් සමග ඉරාන වැසියෝ මිනිස් පළිහක් ලෙස එම බලාගාර අසලට එක් රොක් ව සිටින බව පැවැසෙයි. 07 April 2026
එකතු කළ අගය මත බදු පනත සංශෝධනයට එකතු කළ අගය මත බදු පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 April 2026
පු.ලි.කොමසාරිස් පත් කරයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 April 2026
නුවරඑළිය ප්‍රා.සභාවේ සභාපති අත්අඩංගුවට ජාතික රාජ්‍ය සභාවේ සංවර්ධන අධිකාරිය පනත උල්ලංඝනය කර රජයට අයත් ඉඩමක් සදහා ඉදි කිරීමේ සැලසුමක් අනුමත කල බව කියන නුවරඑළිය ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා අද (7) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 07 April 2026
ඉරාන වැසියන්ට ඊශ්‍රායලෙයන් අනතුරු හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්, තමන් සමග පැහැදිලි එකගතාවක් ඇති කර ගැනීමට ඉරානයට නොහැකි වුවහොත්, දිගට හරහට පහර දී ඉරානය එක රැයින් විනාශ කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇගවීමක් කළේය. 07 April 2026
නව නායක මොජ්ටාබා සිහිසුන් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනී බරපතල ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිහිසුන්ව සිටින බවත්, ඔහුට තීන්දු තීරණ ගැනීමේ හැකියාව නොමැති බවත්, ඔහු ඉරානයේ කොම් ශුද්ධ නගරයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කළේය. 07 April 2026
තෙල් සොරකම් කළැයි බවුසරයේ රියදුරු අත්අඩංගුවට ඛනිජතෙල් සංස්ථාවේ කොන්ත්‍රාත් පදනම මත ධාවනයේ යොදවා ඇති තෙල් බවුසරයකින් රුපියල් 50000 කට ආසන්න වටිනා ඉන්ධන සොරාගත් එම බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය සඳහන්කරයි. 07 April 2026
කෝටි 4ක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් කොටුවෙයි විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන් යන අයගේ මෙහෙයවීම මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබු ඔවුන්ගේ අනුගාමිකයෙකු වන හෑදල වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකු හා කාන්තාවක් රුපියල් කෝටි 04 කට ආසන්න වටිනා හැෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි 07 April 2026
පාර්ලිමේන්තුව හෙටත් රැස් වෙයි පාර්ලිමේන්තුව හෙට(8) දිනයේද රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 07 April 2026
යතුරුපැදිය මතට අත්තක් වැටි පියා-දියණිය රෝහලේ අයගම ඈගල්ඔය මාර්ගයේ පල්ලෙකඩ ගසක අත්තක් අද (06) කඩා වැටීම හේතුවෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි පියෙකු සහා පාසල් දියණියක් තුවාල ලබා අයගම රෝහල වෙත ඇතුලත් කර ඇති බව අයගම පොලිසිය පැවසීය . 07 April 2026
මැයි අග තෙක් අඛණ්ඩව තෙල් දෙන්න පුළුවන් මැයි මස අග තෙක් අඛණ්ඩව ඉන්ධන ලබාදීමට හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 April 2026
අප්‍රේල් මාසයේ අස්වැසුම දීමනාව වැඩි කරයි අප්‍රේල් මාසයේදී පමණක් අස්වැසුම දීමනාව 7500කින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 April 2026
බහු දින යාත්‍රාවකට ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක් බහු දින යාත්‍රා සඳහා රුපියල් ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 April 2026
ගල් අඟුරු වාර්තාව මන්ත්රීලාට තවම නෑ: කතානායකට පැමිණිල්ලක් ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව මන්ත්‍රීවරුන්ට තවම ලබාදී නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අද කථානායකවරයාට පැමිණිලි කළහ. 07 April 2026
’’අපේ හොර සල්ලි - ඒ අයගේ ප්රාග්ධනය’’ මාලිමාවේ කියැවීම අනුව ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් යැයි ද විපක්ෂයේ හෝ රාජ්‍ය සේවයේ අයට වත්කම් තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 07 April 2026
විදුලිය කපා හැරීම පටන් ගෙන නෑ: දැන් සිද්ධ වන්නේ බිඳවැටීම් රට පුරා මේ දිනවල සිදුවන්නේ විදුලිය කපා හැරීම් නොව හදිසි විදුලිය බිඳ වැටීම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 April 2026
බලපෑමට ලක් වූ කණ්ඩායම්වලට සහන පැකේජයක් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්විය හැකි කාණ්ඩ සඳහා විශේෂ සහන පැකේජයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත්, ජනාධිපතිවරයා එය අද දහවල් මැතිසබයේදී ප්‍රකාශ කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවසීය. 07 April 2026
ඉරානයට දුන් කාලය අවසන් - ට්‍රම්ප් ඉරානයට ලබා දුන් කාලය අවසන් බවත්, රාත්‍රී 8 ට පෙර තමන් සමග ගිවිසුමක් ඇති කර නොගතහොත්, ඉරානයේ සියලු විදුලි බලාගාර සහ පාලම් විනාශ කිරීමට තමන් නියෝග නිකුත් කරන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 07 April 2026
ආපසු පෘථිවිය බලා එයි ‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ, ‘ඔරායන්’ චන්ද්‍ර යානය, සඳ වටා ගොස් සිය මෙහෙයුමෙන් අඩක් අවසන් කර යළි පෘථිවිය බලා ආපසු පැමිණීමේ ගමන ආරම්භ කළ බවත්, චන්ද්‍ර යානය ලබන 10 වැනිදා පෘථිවිය බලා පැමිණෙනු ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි. 07 April 2026
මියගිය බිරිඳ නමින් ආවාටයක් නාසා චන්ද්‍ර යානය, සඳේ අඳුරු පැත්තට යද්දී, සඳට පෘථිවිය මුවා විය. ඊට පෙර යානයේ සිටි ගගනගාමීන්ට සඳත්, පෘථිවියත් යන දෙකම එකට දැකගත හැකිවිය. සඳ අතරින් පෘථිවිය නැගෙන අයුරු දැක ගැනීමට ලැබීම ගගනගාමීන්ට සුවිශේෂී අත්දැකීමක් ද විය. 07 April 2026
දර ලොරියේ කොටයක් සිසුවාගේ ඇඟට වැටිලා හයිලෙවල් මාර්ගයේ දී අද දින උදෑසන අනාරක්ෂිත ලෙස දැව පටවාගෙන ධාවනය වූ ලොරි රථයකින් ලී කොටයක් ඇදවැටීමෙන් පාසල් දරුවෙකුගේ පාදයකට තුවාල සිදු වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව පාදුක්ක පොලිසිය කියයි. 07 April 2026
මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 April 2026
සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් තරුණිය සොයාගනී හැටන් සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා ඇතුලු එම අංශයේ පොලිස් නිළධරින් පිරිසක් එම තරුණිය නිරුපද්‍රිතව බේරා ගැනිමට සමත් වි ඇත. 07 April 2026
පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක් සොරකම් කරලා වැලිමඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ තිබූ රියදුරු බලපත්‍ර 41 ක් සොරා ගත් බව කියන සැකකරුවෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 07 April 2026
නිතී විරෝධිව ඖෂධ ගෙන ආ 4ක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් කෝටියක් වටිනා බටහිර ඖෂධ තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ‘ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 07 April 2026
ගිනිඅවි-උණ්ඩ සමඟ දෙන්නෙක් අත්අඩංගුවට පුද්ගලයින් පිරිසකට පහරදී පලායමින් තිබූ වෑන් රථයක් බිබිල මැදගම ඇස් ගෙඩි පාලම අසලදී නවතා පරීක්ෂා කිරීමේදී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව මැදගම පොලිසිය පවසයි. 07 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026