
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මැද පෙරදිග කලාපය තුළ ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ගණන් ඉහළ යාම මත මහජනතාවගේ එදිනෙදා ජිවිතයටත්, සමස්ත ආර්ථිකයටත් ඇති වී තිබෙන බලපෑම අවම කිරීම පිණිස පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20/- ක් දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/- ක් දක්වාත් වන පරිදි සහන සැලසීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
පොදුවේ ලබා දුන් එම සහනයට අමතරව, බලශක්ති මිල ඉහළ යාම හේතුවෙන් සෘජුවම බලපෑමට ලක් ව ඇති අඩු ආදායම් ලාභීන්, විදුලි පාරිභෝගිකයින්, ගොවීන්, ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් හා කුඩා තේ වගාකරුවන් වෙත පහත පරිදි සහන සැලසීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(i) අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දීම:
* රුපියල් 7,500/- ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම.
*රුපියල් 5,000/- ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම.
*රුපියල් 2,500/- ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දීම.
(ii) ඉන්ධන මිල ඉහළ යාමත්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදු වන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03 ක කාලයක් සඳහා රජය විසින් දැරීම.
(iii) දැනට හෙක්ටයාරයකට රුපියල් 25,000/- ක් වශයෙන් ලබා දෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30,000/-ක් දක්වා ඉහළ නැංවීම සහ කුඹුරුවල වගා කරනු ලබන අතිරේක භෝග සඳහා දැනට ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් 15,000/- ක් වන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 18,000/-ක් දක්වා ඉහළ නැංවීම.
(iv) යල කන්නය සඳහා අවශ්‍ය වන යූරියා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 10,200/-ක් බැගින් වූ ස්ථාවර මිලකට ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දීමට පහසුකම් සැලසීම.
(v) ධීවර කර්මාන්තයේ යෙදෙන එක් දින ධීවර යාත්‍රාවක් වෙනුවෙන් දිනකට ඉන්ධන ලීටර 25ක් බැගින් මසකට උපරිම දින 25 ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50/- බැගින් වූ සහනාධාරයක් මාස 03 ක කාලයක් සඳහා ලබා දීම.
(vi) ඉදිරි මාස 03 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150,000/- ක එකවර ගෙවනු ලබන දීමනාවක් ලබා දීම.
(vii) දැනට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් 4,000/- ක පොහොර සහනාධාරයක් ලබා දෙනු ලබන කුඩා තේ වගා කරුවන් සඳහා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් සඳහා රු පියල් 5,000/- ක එක් වරක් පමණක් ගෙවනු ලබන අමතර පොහොර දීමනාවක් ලබා දීම.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd