‘ආත්මයේ කැඩපත’රැකගමු
ජපන් කියනමනකට අනුව මුහුණ, ‘ආත්මයේ කැඩපත’ ලෙස හඳුන්වයි. එය සනාථ කරමින් අප ශරීරයේ සහ මනසේ බොහෝ රහස් මුහුණින් පෙන්නුම් කරන බව නොරහසකි. එපමණක් නොව හුස්ම ගැනීම, කතා කිරීම, නොයෙකුත් සංවේදීතා දැනීම, රූප අලංකරණය සඳහා මුහුණ සහ මුඛය ඉතා අගනා කාර්යභාරයක් ඉටුකරයි. එබැවින් සමාජයේ බොහෝ දෙනා මුහුණ සහ මුඛය නිරෝගිමත්ව අලංකාරව පවත්වාගෙන යාමට විශේෂ උනන්දුවක් දක්වති. එහෙත් අවාසනාවකට මුඛය සහ මුහුණ ප්රදේශය රෝගාබාධ හා අනතුරු විශාල ප්රමාණයකට ලක්වීමේ අවදානමක් පවතී.