IMG-LOGO

සමේ තරුණකම රැක ගන්න හොඳින් වතුර බොන්න

දෛනිකව පිරිසුදු ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීම හොඳ සෞඛ්‍යය පුරුද්දකි. සෛලවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සේම ඔක්සිජන් රැගෙන යාමද ජලය මගින් ඉටු වේ. මළ බද්ධය, වකුගඩු අමාරුව, විජලනය, රුධිර පීඩනය අඩු කිරීම වැනි රෝගාබාධ බොහොමයක්ම සමනය කිරීමේ විස්මිත හැකියාව ජලයෙහි අඩංගුය. නිසි කලට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන අයුරු අද ලිපියෙන් සලකා බැලේ.

01)  පිපාසය ඇති වන තෙක් නොසිටින්න.

පිපාසය නිවීම උදෙසා ජලය පානය කිරීමත්, පිපාසය දැනෙන තුරු නොසිට වතුර ප්‍රමාණවත් පරිදි පානය කිරීමත් වැදගත්ය.

02)  පිරිසුදු ජලයම පානය කළ යුතුයි.

හොඳින් නටවා උණු කර ගත් ජලය නිවෙන්නට හැර පෙරා පානය කිරීම සදුසුයි.

03)  ප්‍රමාණවත් පරිදි ජලය පෙවී ඇත්දැයි බැලීම

පුද්ගලයකුගේ මුත්‍රා තද පැහැයට හුරු නම් පානය කරන ජල ප්‍රමාණය අඩු බව සරලව නිගමනය කළ හැකි වේ.

04)  තම භාවිතයට වෙනම ජල බෝතලයක්, කෝප්පයක් තබා ගන්න.

තම ජල අවශ්‍යතාවට සරිලන පරිදි සුදුසු බෝතලයක්, කෝප්පයක් පෞද්ගලික පරිහරණය සඳහා වෙන් කර ගැබීම සුදුසුය. එය මෙවන් වසංගත තත්ත්වයකට වුවද මනාව ගැලපේ.

05)  කෙටි වේලාවක් තුළ ජලය ගැලුම් ගණනින් පානය කිරීම ඉතා අහිතකරයි.

පිපාසය දැඩිව දැණුනු වේලාවකදී එය සංසිඳවනු වස් වතුර විශාල ප්‍රමාණයක් එකවර පානය කිරීම ඉතාම අහිතකර විය හැකිය. එය Hypernatremia තත්ත්වයටද හේතු විය හැකිය.

06)  නින්දට යන විටදී ජලය පානය කිරීමන් වලකින්න.

රාත්‍රියේදී අපි ජලය පානය කළ යුත්තේ නින්දට සූදානම් වීමට පෙරාතුවයි. නින්දට සූදානම් වන මොහොතේ සිට අපි ජලය පානය කළ හොත් වරින් වර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව මතුවීමෙන් සුව නින්ද අහිමි වනු ඇත.

07)  ජලය පානය කිරීම නිසා අපට ලැබෙන වාසි

සම පැහැදිලි වේ. සුදුමැලි ගතිය අඩුවේ. තරුණ භාවය රැකදේ. සමේ බොහොමයක්ම ගැටලුවලින් නිදහස් වීම වැනි සිතේ සතුට දනවන කාරණා බොහොමයකින්ම ඔබ නිදහස් වනු ඇති.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

සමේ තරුණකම රැක ගන්න හොඳින් වතුර බොන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site