IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ලස්සන වෙන්න කැමැති ඔබට සරල පුරුදු කිහිපයක්

අපි හැමෝම ලස්සන වීමට කොතෙක් නම් උත්සාහ දරනවාද? නිරෝගීව මෙන්ම ලස්සනට සිටීමට අකමැති කවුද? අපේ බාහිර පෙනුම අලංකාර කර ගැනීමෙහිලා වැදගත්ම සාධකය සමයි. සමෙහි පිරිසුදුතාව මෙන්ම නිරෝගීකම රැක ගැනීම අපි හොයන පතන ලස්සන වීමේ ප්‍රධාන රහසයි. එබැවින් ලස්සන වීමට කැමැති අයට, ලස්සන වැඩි දියුණු කර ගැනීමට කැමැති ඔබට පහත පුරුදු අනුගමනය කළ හැකියි.

1)  අධික හිරු එළියට නිරාවරණය වීම සුදුසු නැත.

එනම් උදෑසන 10න් පසු සවස තුන, හතර වන තුරු පවතින දැඩි හිරු රශ්මිය සමට පීඩා ගෙන දේ.

2)  දේශගුණ තත්ත්වයට ඔබින ඇඳුම් පැළඳුම් භාවිතයට හුරු වන්න.

අපේ රට සමකයට ආසන්නව පිහිටීම නිසා උණුසුම් ගතිය වැඩිය. නිතර දහදිය දැමීම පවා සිදුවේ. එබැවින් කපු ඇඳුම් භාවිත කිරීම ඉතා යෝග්‍යයි. පහසුවෙන් ඇඳිය හැකි ඇඳුමක් සුදුසු අතර ලා පැහැති, සිරුරට තද නොවුණු ඇඳුමක් නොවිය යුතු වේ. අව් රශ්මියට යාමේදී කුඩයක්, අව් කණ්ණාඩි, හොඳ වර්ගයේ සන් ක්‍රීම් එකක් භාවිත කරන්න.

3)  සමේ තෙතමනය රැක ගත යුතුයි.

සම වියළි වුවහොත් බාහිරින් අවලස්සනක් එකතු වේ. තෙතමනය රැක ගැනීමටත් වියළි ගතිය දුරු කිරීමටත් දිනකට වතුර ලීටර් දෙකහමාරත් තුනක් පානය කරන්න.

4)  පී.එච්. අගයට ගැලපෙන සබන් වර්ගයක් තෝරා ගන්න.

සමේ ඇති කුණු, දුහුවිලි ඉවත් කිරීමට ඔබ සබන් භවිත කරනවා නම් රළු, ගොරෝසු ගතිය නැති සෞම්‍ය සබන් වර්ගයක් තෝරා ගන්න.

5)  සම අධිකව ඇතිල්ලීම, ඇදීම නොකරන්න.

ඇතැම් දෙනා කොහු ලණු, ගල් වර්ග භාවිත කරමින් සම තදින් අතුල්ලන ආකාරය දක්නට ලැබේ. මෙමගින් කුණු, දුහුවිලි යාම කෙසේ වෙතත් හිතාමතාම ඔබ සමට හානි කර ගනී.

6)  සමේ රෝම කූප ඉවත් කිරීමේදී ප්‍රවේශම් වන්න.

රෝම කූප යනු සමේ ආරක්ෂිත වැස්මකි. රේසර්, වැක්ස් වර්ග භාවිතයෙන් රෝම කූප ඉවත් කිරීම සිදු වේ. යම් හෙයකින් සම තුවාල වුව හොත් ඒ සීරුම දිගේ විසබීජ ශරීර ගත විය හැකියි. සියවැඩියා රෝගියකු නම් එම සුළු තුවාලය සුව වීමට කල් ගත වීමත්, තුවාලය වර්ධනය වීමටත් ඉතා ප්‍රමාණවත්ය.

7)  දෙපා පිරිසුදුව තබා ගැනීමෙන් ලස්සන වීම ඔප් නැංවේ.

මුහුණ පමණක් නොව දෙපාවල නිය, ඇඟිලි කරු අතර තෙතමනය නොතබා වියළිව තබා ගත යුතුයි. තෙතමනය නිරතුරුව රැඳී තිබීමෙන් විවිධ දිලීර ආසාදන මතු විය හැකියි.

8)  පෝෂ්‍යදායී ආහාර රටාවකට අනුගත වන්න.

මෙමගින් සම පැහැපත් වීමටත්, නිරෝගී භාවයටත් මෙන්ම හිසකෙස් වර්ධනයටත් මහෝපකාරී වේ. ගුණවත් එළවළු, පලතුරු මෙන්ම පළා වර්ගද තම ආහාර වේල්වලට එකතු කර ගැනීමෙන් කදිම පෝෂණයක් ලබා ගත හැකිය.

9)  දුම්පානය, මත්පැන් පානය නතර කරන්න.

සිරුරේ බාහිර පෙනුම සේම අභ්‍යන්තරයේ නිරෝගීතාව කෙරෙහිද සැලකිලිමත් වීම වටී.

10) ආතතිය පාලනය කර ගන්න.

අනවශ්‍ය ආකාරයට ප්‍රශ්න ගැන හිතමින් ලතැවීම, දුක් වීම හැකි උපරිමයෙන් අඩු කිරීමට ඔබට පුළුවනි.

11) දිනකට ඔබට අවැසි පැය 6ක අඛණ්ඩ නින්ද ලබා ගන්න.

ඔබ කලින් දිනයේදී හොඳ නින්දක් ලබා නැති බව පෙන්වන්නේ මුලින්ම ඔබේ දෙනෙතයි. දීප්තිය නැති දෙනෙත ඔබේ ලස්සන යටපත් කරන ප්‍රධාන සාධකයයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ලස්සන වෙන්න කැමැති ඔබට සරල පුරුදු කිහිපයක්

නෙතු පෙරේරා Sunday, 08 October 2023 03:48 PM

ඇඟ පාටවෙන්න ක්‍රමයක් කියන්න. මගේ ඇඟ සාමාන්‍යයෙන් උෂ්ණයි. අනේ විසඳුමක් කියන්න. මට 18යි. බ්ලීචින් ක්‍රීම් වර්ග එහෙම මන් ගාලාම නෑ.. නෝමල් ඉන්නේ. ක්‍රීම් ගාන්නේ නෑ.

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ත්‍රීරෝද රියට බහී
2024 මැයි මස 17 219 0

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


කෝටි 10ක අයිස් කටුනායක දී මාට්ටු
2024 මැයි මස 17 119 1

රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීද


හදිසියට ගෙනා බෙහෙත් තිස් අටෙන් දහයක්ම වැඩකට නැති ඒවා
2024 මැයි මස 17 167 0

උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය සැවොරයිට් සමාගමට ඇණවුම් ඉදිරිපත් කර ඇති ඖෂධ තිස් අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂ


විධායක කමිටු අනුමැතිය දෙන්න එකඟ නිර්දේශ ක්‍රියාත්මක කරන්න
2024 මැයි මස 17 359 0

දෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍


රතුපස්වල නඩුවෙන් හිටපු මේජර් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස්
2024 මැයි මස 17 539 2

වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර්


කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි
2024 මැයි මස 17 802 0

වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 756 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2295 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1967 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site