IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘ආත්මයේ කැඩපත’රැකගමු

ජපන් කියනමනකට අනුව මුහුණ, ‘ආත්මයේ කැඩපත’ ලෙස හඳුන්වයි. එය සනාථ කරමින් අප ශරීරයේ සහ මනසේ බොහෝ රහස් මුහුණින් පෙන්නුම් කරන බව නොරහසකි. එපමණක් නොව හුස්ම ගැනීම, කතා කිරීම, නොයෙකුත් සංවේදීතා දැනීම, රූප අලංකරණය සඳහා මුහුණ සහ මුඛය ඉතා අගනා කාර්යභාරයක් ඉටුකරයි. එබැවින් සමාජයේ බොහෝ දෙනා මුහුණ සහ මුඛය නිරෝගිමත්ව අලංකාරව පවත්වාගෙන යාමට විශේෂ උනන්දුවක් දක්වති. එහෙත් අවාසනාවකට මුඛය සහ මුහුණ ප්‍රදේශය රෝගාබාධ හා අනතුරු විශාල ප්‍රමාණයකට ලක්වීමේ අවදානමක් පවතී.

මුඛ, හුණු සහ මුහුණ පිළිබඳව ශල්‍ය වෛද්‍යවේදය එස්සේ මුහුණේ සහ මුඛයේ ඇති වන රෝගාබාධ සඳහා ශල්‍ය කර්ම හා වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබන සුවිශේෂී අංශයක් ලෙස හැඳින්විය හැකිය.

මුඛ පිළිකාව

වර්තමාන සමාජය මුහුණ පා තිබෙන ඉතාම බරපතළ සෞඛ්‍ය තත්ත්වයක ලෙස මුඛ පිළිකාව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශවය අතර දක්නට ලැබෙන පිළිකා වර්ග අතරින් බහුලව දක්නට ලැබෙන පිළිකාව මුඛ පිළිකාව වන අතර පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ.

මුඛ පිළිකාවලට ප්‍රධාන හේතු කාරක ලෙස අයහපත් පුරුදු එනම්, බුලත්විට කෑම, මත්පැන් හා දුම්පානය පෙන්වා දිය හැකිය. අප සමාජයේ මුල් බැසගෙන ඇති මෙම අයහපත් චර්යා හේතුවෙන් වසරකට විශාල රෝගීන් සංඛ්‍යාවකට මුහුණේ ආබාධ තත්ත්වලට මුහුණදී විරූපීවීමට සිදුවන අතර විශාල සංඛ්‍යාවකට ජීවිතවලින් වන්දි ගෙවීමටද සිදුවේ.

මුඛ පිළිකාව ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක් වන නමුදු ජනතාව අතර ඇති නොසැලකිල්ල හා නොදැනුවත්කම හේතුවෙන් මෙම තත්ත්වය ඔඩුදිවීමට හේතු සාධකවී තිබේ. මුඛ පිළිකා මාරයාගේ ගොදුරක් බවට පත් නොවීමට නම් අහිතකරු පුරුදුවලින් ඈත්වීම අනිවාර්්‍යය කරුණකි. එසේම මාස තුනකට වරක් වත් ස්වයං මුඛ පරීක්‍ෂාවක් සිදුකර ගැනීම, සැක කටයුතු සුදු, රතු පැහැති ලප, තුවාල හෝ වෙනත් රෝගී ලක්‍ෂණ දක්නට ලැබුණ හොත් වහාම දන්ත වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබා ගැනීම අනිවර්්‍යයෙන් සිදුකළ යුතුය.

මුඛ පිළිකා සඳහා ඇති ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය වනුයේ ශල්‍යකර්මයයි. ඊට අමතරව විකිරණ හා ඖෂධ ප්‍රතිකාර ද සිදු කෙරේ. ශල්‍යකර්ම මගින් පිළිකා සහිත කොටස කපා ඉවත් කළ පසු එම කොටස වෙනුවට ශරීරයේ වෙනත් කොටසක් වෙන්කර ගෙන නැවත සකස් කිරීම සිදුකෙරන අතර එය ඉතා සංකීර්ණ කර්තව්‍යයකි.  දිවයින පුරා රෝහල්වල ස්ථාපිත මුඛ හණු සහ මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍ය සායන සහ පිළිකා පිළිබඳ ශල්‍ය වෛද්‍ය සායනවලින් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීමට පිළිවන.

මුහුණට සිදුවන හදිසි අනතුරු

රිය අනතුරු, පුද්ලයන් අතර ඇතිවන ගැටුම්, වැටීම්, ක්‍රීඩා අනතුරු සහ සත්වයන්ගෙන් සිදුවන පහරදීම් වැනි හේතු නිසා මුහුණට අනතුරු සිදුවිය හැකිය. මෙය මෘදු පටකවලට වන හානි, මුහුණේ අස්ථි බිඳීම් හෝ දත්වලට වන සිදුවන හානි ලෙස විවිධාකර විය හැකිය. මෙම කුමනාකාරයේ අනතුරකදී වුවද මුහුණේ සහ මුඛයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම මෙන්ම විරූපීවීම් අවම කිරීම මෙම ශල්‍ය වෛද්‍ය අංශය විසින් සිදුකරනු ලබයි. ප්‍රතිකාරයට වඩා එය වළක්වා ගැනීම වඩා යහපත් බැවින් මාර්ග නීති ගරු කිරීම, ආසන පටි, යතුරුපැදි හිස්වැසුම් පැළැඳීම වැනි කරුණු කෙරෙහි ජනතාව තම අවධානය යොමු කිරීම වැදගත් වේ.

විකෘති තොල්, තල්ල සහ වෙනත් ආබාධ

බෙදුණු තොල සහ තල්ල යන රෝගී තත්ත්වය ලෝකයේ දෙවනුවට බහුලව දක්නට ලැබෙන උප්පත්ති අබාධ වේ. මෙය සෑම සජීවී දරු උපත් 700 කින් එකකට ඇති වන තත්ත්වයක් බව ගණන් බලා තිබේ. මෙම විකෘතිතාව සහිත දරුවන්ට විශේෂිත ප්‍රතිකාර සිදුකිරීම අවශ්‍ය වන අතර නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශල්‍යකර්ම ගණනාවකට ලක්කිරීමට සිදුවේ.

පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්‍ෂණ රෝහල, කරාපිටිය ශික්‍ෂණ රෝහලෙහි මුඛ, හණු සහ මුහුණ ශල්‍ය වෛද්‍ය ඒකකය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහලෙහි දන්ත වෛද්‍ය අංශය මෙම තත්ත්වය සඳහා විශේෂිත ඒකක ලෙස ප්‍රතිකාර කිරීම සිදුකෙරේ. එමෙන්ම දිවයින පුරා රෝහල්වල ඇති මුඛ, හණු සහ මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒකකවලින්ද අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැකිය.

විකලාංග හණු ශල්‍යකර්ම

උපතින් හෝ ඉන්පසුව සිදුවන අනතුරු ආබාධ හේතුවෙන් විකෘතිවීමට හෝ ඇදවීමට ලක්වූ මුහුණේ අස්ථි ශල්‍යකර්ම හා විකලාංග දන්ත වෛද්‍ය ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කිරීමය. යටි හණුව හෝ උඩ හණුව හරි හැටි වර්ධනය නොවීම මුහුණේ අසමමිතික බව යනාදී විකෘතිතා මෙමගින් පහසුවෙන් යථා තත්ත්වයට පත්කර ගත හැකිය. එහෙත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ශල්‍යකර්මය හා විකලාංග දන්ත වෛද්‍ය ප්‍රතිකාර යන ප්‍රතිකාර ක්‍රම දෙකටම රෝගියාට ලක්වීමට සිදුවීමයි.

දත් හා හණු ආශ්‍රිත ශල්‍ය ප්‍රතිකාර

මෙහිදී දත් සහ ඒ ආශ්‍රිත පටකවල හට ගන්නා රෝගාබාධවලට ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදුකෙරේ. හණු, අස්ථි තුළ සිරවී ඇති දත් ඉවත් කිරීම එතුළින් හටගන්නා ගෙඩි වර්ග හා වර්ධිතයන් ඉවත් කිරීම මෙහිදී සිදුකෙරේ.

මුහුණ අලංකරණ ශල්‍යකර්ම හා වෙනත් ප්‍රතිකාර

මුහුණේ ඇතිවන විරූපීතා, කැලැල්, රැලි වැටීම් සහ වයස්ගතවීමේදී සිදුවන වෙනස්වීම්වලට ප්‍රතිකාර කර මුහුණේ අලංකාරය සහ තරුණ බව රැකගැනිමට හැකිවේ. මීට අමතරව ඛේට ග්‍රන්ථිවල හටගන්නා රෝගාබාධ මුහුණේ සන්ධිය ආශ්‍රිත ආබාධ සහ පූර්ව පිළිකා තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් මුඛ, හණු සහ මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍ය සායනවලදී ලබාගත හැකිය.

-සටහන- ගයාන් සූරියආරච්චි



අදහස් (0)

‘ආත්මයේ කැඩපත’රැකගමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 874 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site