IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘කොංග්‍රසයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවෙයි‘‘ - ප්‍රියංකා ගාන්ධි වද්‍රා

කොංග්‍රස් පක්ෂයට ඉදිරියේදී දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන බවත් පක්ෂය එය කරන බවත් එම පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි වද්‍රා පැවැසුවාය.

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ප්‍රියංකා ගාන්ධි වද්‍රා ඒ බව කීවාය.

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වරණාසී ගුවන් තොටුපොළ ආසන්නයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය ඒ බව දඳහන් කළාය.

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල අඟහරුවාදා නිකුත් කෙරුණි.

භාරතීය ජනතා පක්ෂය ගෙනා පුරවැසිභාවය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව වරණාසීවලද විරෝධතා පැවැත්වෙයි. ප්‍රියංකා ගාන්ධි එම විරෝධතාකරුවන් මුණ ගැසීමට වරණාසී වෙත පැමිණියාය. ඔවුන් මුණ ගැසීමෙන් අනතුරුව ඇය නැවත දිල්ලි බලා ගමන් කිරීමට නියමිතය.

“මහජනතාව කරන්නේ මොකක් වුණත් හරි. එහෙත් මේ වෙලාවේ අපිට අරගල කරන්න වෙලා තියෙනවා.වෙහෙසෙන්න වෙලා තියෙනවා. අපි ඒ දේ කරනවා” යැයි ප්‍රියංකා ගාන්ධි වාර්තාකරුවන්ට කීවාය.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට අයත් දිල්ලියේ ප්‍රාන්ත මැතිවරණය පසුගියදා (8) පැවැත්විණි. දිල්ලි ප්‍රාන්ත සභාව ආසන 70කින් සමන්විතය. එම ආසන 70න් 63කම ඇප මුදල් ආරක්ෂා ගැනීමට කොංග්‍රස් පක්ෂය අසමත් විය. ආසන 70න් එකදු ආසනයක් හෝ දිනාගැනීමට කොංග්‍රස් පක්ෂයට නොහැකි විය. ප්‍රාන්ත මැතිවරණයකදී එකදු ආසනයක් හෝ දිනාගැනීමට කොංග්‍රස් පක්ෂය අඛණ්ඩව අසමත් වූ දෙවැනි අවස්ථාව මෙය විය.

එන්.ඩී.ටීවි 

055

 



අදහස් (0)

‘‘කොංග්‍රසයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවෙයි‘‘ - ප්‍රියංකා ගාන්ධි වද්‍රා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site