පාකිස්තානයට සමෘද්ධිය ගෙන එන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ ඉම්රාන් ඛාන් මේ වනවිට එරට සමාජ මාධ්‍යය තුළ දැඩි විරෝධයකට හා විවේචනයකට ලක්ව සිටී.
ඉම්රාන් ඛාන් තම පෞද්ගලික නිවසේ සිට නිල නිවස දක්වා හෙලිකොප්ටරයකින් ගමන් කළ බවට මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන අතර පෞද්ගලික නිවසේ සිට ඉම්රාන් ඛාන්ගේ නිල නිවස දක්වා ඇති දුර සැතපුම් 9.3 (කිලෝමීටර 15) ක් බව පැවසේ.
නව අගමැති ඉම්රාන් ඛාන් මෙලෙස තම නිල නිවෙස වෙත යෑම සඳහා හෙලිකොප්ටරයක් භාවිත කිරීම පාකිස්තාන සමාජ මාධ්‍යයේ මේ සතියේ ප්‍රධානතම මාතෘකාව බවට ද පත්ව ඇත.
වියදම් කප්පාදු කරන බවටත්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අනෙක් මැති ඇමැතිවරුන් සහ සියලු නිලධාරීන් පළමු පන්තියේ ගුවන් ගමන් යෑම තහනම් කිරීම, වියදම් කප්පාදු කිරීම යනාදි පියවර ගන්නා බව පැවැසීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් මෙසේ හෙලිකොප්ටරයෙන් දෛනිකව ගමන් බිමන් යෑම බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
ආරක්ෂක පියවරක් ලෙස අගමැති ඉම්රාන් ඛාන් මෙසේ හෙලිකොප්ටරයෙන් තම නිල නිවස වෙත ගමන් ගත් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානයේ ජනමාධ්‍ය අමාත්‍ය ෆවාද් චෞද්රි පැවැසීය.
පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවැසීය. හෙලිකොප්ටරයකින් කිලෝමීටරයක දුරක් යෑම සඳහා වැය වන්නේ පාකිස්තාන රුපියල් 55ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 73කට ආසන්න මුදලක්) යැයි ද හෙතෙම කීය.
“මම දැක්කා ඔය විස්තර අන්තර්ජාලයේ තියෙනවා” දැක්කා යැයි ද ඔහු කීවේය.
ඔහුගේ එම ප්‍රකාශය ද දැඩි විවේචනයකට මෙන්ම උපහාසයකට ද ලක්ව තිබේ. එතරම් අඩු මුදලකට හෙලිකොප්ටරයෙන් ගමන් බිමන් යෑමට හැකිවීම සම්බන්ධයෙන් පාකිස්තාන ජනතාව සැක උපදවාගෙන සිටිති.
හෙලිකොප්ටරය යන වචන යොදමින් ට්විටර් සමාජ ජාලය තුළ ට්විටර පණිවුඩ 16,000කට වැඩි සංඛ්‍යාවක් නිකුත්ව තිබීමද විශේෂත්වයකි. ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් හාස්‍ය ජනනය කරන ඡායාරූප, චිත්‍ර ආදී බොහෝමයක් ද හෙලිකොප්ටර යන වචනය යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළහ.
බී.බී.සී ඇසුරිනි
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අපේ රටේ ගුරාලා වගේ "කටින් බතල කොළ හිටවන කෙනෙක්" වගෙයි ! මෙයාගේ ගණිත ක්‍රම හැටියට හෙලිකොප්ටරයෙන් ගමන් යන එක ලාභ නම්, ළඟදීම පාකිස්තාන් ගුවනේ චොපර් පිරිලා තියේවි. එහෙම වුණත් එහේ දුම්රිය මැදිරි වහලෙත් ගමන් යන අයට, චොපර් එකේ නම් එවැනි සෙල්ලම දාන්න බැරි වෙයි..
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කිව්වේ කටකහනවට නෙවෙයිනේ. ඔය කතාව ඡන්දය දෙන මිනිස්සුන්ට මතක නැහැ.
අපේ රටේ නම් එහෙම වෙන්නේ නැහැ 2015-01-08 න් පස්සේ. අපේ කට්ට්ටිය රට පාලනය කරන්නේ පොළොන්නරුවේ හිටන්... ළමයි හිටන් ගෙනියන්නේ නැහැ..
අපේ ලොක්කත් මුලින්ම අපු ගමන් කතාකලේ රජතුමාගේ වෙඩි නොවදින කාර් තොගය , කුමාරවරුන්ගේ ලම්බෝර්ගිනි , රත්‍රන් අශ්වයෝ සහ පරිවාර සෙනග සමග දඩුමොනරෙන් ගිය ගමන් ගැන , මේවා සියල්ල හොයනවා කියල තමා උඩ පැන පැන කිවේ. නමුත් මාස කීපයක් යනකොට එතුමත් වෙඩි නොවදින බෙන්ස් කීපයක් ගෙන්වාගෙන , හෙමින් සැරේ මාසෙකට දෙතුන් වතාවක් කරදිය වළල්ලෙන් එහා පැත්තට යන්න ගත්ත.
එහෙ අයියලා මේ අයියලා වගේම තමයි. කෙන්ද කන්ද කරනවා. සමහරවිට වෙනත් හේතුන් මත යා යුතුම නිසා වෙන්න ඇති හෙලිකොප්ටරයෙන් ගියේ... මඩගහන්න ඕනේ වුණාම හේතුව වුවමනා නැහැ... කළ කීදේ පමණි මඩ මාස්ටර්ලාට ඕනේ... මේ සිරි ලංකාවේ ඕවා කොපමණ වෙනවද? මෝඩ රැලකට ඕවා ඊළඟ ඡන්දෙදී සටන් පාඨ...
පාකිස්තානයේ ජනතාව දැන් ඉල්ලන් කනවා. හරියට අපිට හුටා වගේමයි.
ආරක්ෂා හේතුන් මත යන්නට ඇති සමහර විට.
දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍ර කියන්නෙම ප්‍රෝඩාකාරී දේශපාලන ක්‍රිඩාවක් පමණක් බව ඉම්රාන් ඛාන් කදිමට ඔප්පු කරමින් සිටින බවයි පෙනෙන්නේ.
ෂුවර් එකටම අපේ රටෙන් තමයි පුරුදු වෙන්න ඇත්තේ.
ලකාවේ, ඉන්දියාවේ, පකිස්ථානයේ , බන්ගලේ දේසේ, මියන්මාර් දේශපාලුවෝ ඔක්කොම එක වල්ලේ පොල් බව මුළු ලෝකෙම දන්නවා.
මේ මිනිස්සු පොතක පළමු පිටු දෙක තුන කියවා පොතට විවේචන ලියන මිනිස්සු. හලෝ අවුරුදු ගණනාවක් බලනවා මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද කියලා. සමහර විට බෙනාසීර් බූතොට කලදේ කරන්න සූදානමක් තිබුනානම්! ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා කියන්නේ ඕකයි. හෙලිකොප්ටරයේ ගියා කියලා පකිස්තානයේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැත. නමුත් පාකිස්තානයේත් මහබැංකුව කැඩුවොත් ආර්ථිකය කඩා වැටෙනවා ෂුවර්. රටේ පුරවැසිකමවත් නැති එකෙකුට මහබැංකුව බාර දෙන්න තරම් අමනයෙක් නොවෙයි ඉම්රාන් ඛාන් මහතා.
"ආරක්ෂක හේතුන් මත යන්නට ඇති සමහර විට." මෙන්න සුබවාදී සිතුවිල්ලක්. පත්වෙලා මසකින් කොහොමද ඉම්රාන් ඛාන් හොඳද නරකද කියන්නේ...? බෙනාසීර්ට වූ දේ දැක්කානේ....
හදිසි උවමනාවක් මත හෙලිකොප්ටරය පාවිච්චි කරන්නට ඇත . තම ප්‍රතිපත්ති පාවා දීමක් නොවෙනු ඇත .