රුසියාව අවසන් වරට පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වූයේ දැයි තමන් කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් කොංග්‍රසය ඉදිරියේ ප්‍රසිද්ධියේ පාපෝච්චාරණය කිරීමට හිටපු විශේෂ නීතීඥ රොබට් එස්. මුලර් එකඟතාව පළ කර ඇත.
2016 වසරේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම රුසියාව මැදිහත් වූයේ චෝදනා එල්ල වූ අතර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයී ආයතනයේ හිටපු ප්‍රධානියකු වන විශේෂ නීතිඥ රොබට් එස් මුලර් පත් කරන ලදි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම විමර්ශන කටයුතුවලට බාධා එල්ල කළ බවට ද චෝදනා එල්ල වූ අතර සිය පාපොච්චරණයේ දී ඔහු ඒ බව ද සඳහන් කිරීමට නියමිත යැයි වාර්තා වේ.
රොබට් මුලර් රුසියාවේ මැදිහත් වීම් සම්බන්ධයෙන් මාස 22 ක් මුළුල්ලේ විමර්ශන පවත්වමින් ඇමෙරිකානු කොංග්‍රසයට වාර්තාවක් ද ඉදිරිපත් කළේය.
රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ ප්‍රසිද්ධ පාපොච්චාරණයක් කරන බව නිවේදනය කරන ලද්දේ ඇමෙරිකානු කොංග්‍රසයේ අධිකරණ සහ බුද්ධි කමිටුය. ඔහු එම කමිටු දෙක ඉදිරියේදී අදහස් දැක්වීමට නියමිත යැයි ද පැවසේ.
“ඇමෙරිකාවේ ජනතාවට රොබට් මුලර් මහතාගෙන් මේ දේවල් අහන්න ලැබෙනවා. එය සතුටට කරුණක්. අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වුණා. ඇමෙරිකාවේ ජනතාවට උත්තර ලැබෙන්න ඕනේ” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ කතානායිකා නැන්සි පොලිසි පැවැසුවාය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභිගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 80 දෙනෙකු මේ වනවිටත් පියවර ගෙන ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී පොරොන්දු දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇති බවත් කොංග්‍රසයේ මූලිකත්වයෙන් කෙරෙන විමර්ශනවලට සහාය දීම ඔහු ප්‍රතික්ෂේප කළ බවත් ඩිමොක්‍රටික්වරුන්ගේ ප්‍රධාන චෝදනා වී තිබේ.
රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ කිරීමට නියමිත පාපොච්චාරණය ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික්වරුන් ගෙන ඒමට සූදානම් වන දෝෂාභියෝගයට මහජනතාවගේ සහයෝගය වැඩි කිරීමට හේතුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
රොබට් මුලර් අප්‍රේල් 18 වැනිදා සිය විමර්ශනයට අදාළව සකසන ලද වාර්තාව පිටු 448කින් සමන්විතය.
(වොෂින්ටන් පෝස්ට් සහ ඒ.එෆ්.පී. ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ පාපොච්චාරණයට සැරසෙයි
රවින් Thursday, 27 June 2019 10:32 AM
එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි.
රවින් Thursday, 27 June 2019 10:38 AM
ඉක්මනටම ගෙදර යැවුවොත් තමා හොඳ.