මරණ දඬුවම ක්‍රියාත්මක කරන හෝ වදහිංසා කරන කිසිදු රටකට ජුලියන් අසාන්ජ් නොයවන බව ඉක්වදෝර ජනාධිපතිවරයා අද (11) ප්‍රකාශ කළේය.
“ජූලියන් අසාන්ජ්ට වදහිංසාවලට හෝ මරණ දඬුවමට හෝ මුහුණ දීමට සිදුවන රටකට ඔහු නොයවන ලෙස මම මහ බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියා. ඒ වෙනුවෙන් මම ඔවුන්ගෙන් සහතිකයක් ඉල්ලා සිටියා” යැයි ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනෝ සමාජ මාධ්‍ය ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“ස්ථීරවම එම අවශ්‍යතාව සපුරන බව බ්‍රිතාන්‍ය රජය මට දන්වා සිටියා. ඔවුන් ඒ බව මට ලිඛිතව දැන්වුවා” මොරේනෝ පැවැසීය.
ජූලියන් අසාන්ජ් අද (11) ලන්ඩන් පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වරෙන්තුවකට යැයි ද ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්විණි. ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව 2010 වසරේදී එරටට අයත් ආරක්ෂක අංශවලට අයත් තොරතුරු සහ බුද්ධි තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් අසාන්ජ්ට චෝදනා එල්ල වී තිබේ.
කෙසේ නමුත් එම චෝදනාවලට වරදකරු වුවහොත් අසාන්ජ ට මරණ දඬුවම හිමි නොවන නමුත් ඔහුට වසර පහක සිර දඬුවමක් හිමිවනු ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මරණ දඬුවමට මුහුණ දෙන්නවෙන රටකට අසාන්ජ් යවන්නේ නෑ
Daham Friday, 12 April 2019 07:45 AM
පේනවනේ කවුරු වුනත් කමක් නැහැ එක්සත් ජනපදයෙන් වරෙන්තු නිකුත් කලොත් ලෝකේ කොහේ හැංගුනත් පන පිටින් හරි පන නැතුව හරි අල්ලනවා , ඕක පටන් ගන්නේ සිතාසියක් බාරදීමෙන්
ruwan Friday, 12 April 2019 08:20 AM
ඔබට සතුටුයිද දැන්?
anura Saturday, 13 April 2019 02:39 PM
අපේ රටත් මහ ලොකුවට අදහන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථිය යටින් හිලක් හැදිලා දැන් ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා.