
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන නිවස්නයේ ජීවත්වන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය අද (17) නිවේදනය කළේය.
එම පුද්ගලයා කවුරුන්දැයි තවමත් නිශ්චිතව නිවේදනය කර නොමැති අතර ඔහු ‘කෝවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැත. කෙසේවෙතත් ඔහු‘සැන්ටා මාර්තා’ නිවස්නයෙන් නික්ම ගොස් ඇති බව වාර්තා වේ.
ඔහු මුණගැසුණු හා ඔහුගේ සෘජු ආශ්‍රිතයන් සියලු දෙනා ද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
පාප් වහන්සේ අද (17) සිය සුපුරුදු රාජකාරිවල යෙදුණු අතර පුද්ගලයන් තිදෙනෙකු පෞද්ගලිකව මුණ ගැසී තිබේ. එමෙන්ම පාප්වහන්සේ විසින් ඉතාලි පොලිස් නිලධාරින් විශාල පිරිසක් ආමන්ත්‍රණය කළ බවත් වතිකානය සඳහන් කළේය.
පාප්තුමා නිරන්තරයෙන් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
පාප්තුමාට ඇත්තේ එක් පෙනහැල්ලක් පමණි. තරුණ වියේදී කරන ලද සැත්කමකදී පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කර ඇත.
වතිකානය යනු ඉතාලියේ රෝම නගරයෙන් වට වූ කුඩා නගර රාජ්‍යයකි. නව කොරෝනා වයිරසයෙන් වතිකාන නගරයට එල්ල වූයේ ඉතා සීමිත බලපෑමක් වන අතර වාර්තා වී ඇති වයිරස ආසාධිතයින්ගේ ගණනද 50කට අඩුය.
පසුගිය සතියක කාලයේදී වතිකානයෙන් කොරෝනා ආසාධිතයන් තිදෙනකු හඳුනා ගැණුනු අතර ඔවුන් තිදෙනා මේ වනවිට සුවය ලබා ඇත.
මේ අතර පාප්තුමාගේ ආරක්ෂාව යොදා සිටින ‘ස්විස් විශේෂිත ආරක්ෂිත බලකායේ’ 04 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සතියේදී වාර්තා විය.
රොයිටර් අනුග්‍රහයෙනි
- 055
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා
Afthar Sunday, 18 October 2020 03:11 AM
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ ඕක තමයි. සුදු පෙරවාගෙන ලෝකෙටම යුද්ධ බෙදබෙදා ගිහින් සොබාදහමට දඬුවම් දෙන්නයි හදන්නේ...
vidya Sunday, 18 October 2020 06:00 AM
දෙවියන්ට වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවීන් පේන්නේ නැතිව ඇති. දැන් ගොඩක් වයස ඇතිනේ. මනුස්සයන්ගේ ප්‍රශ්න විසඳන්නට ගිහින් එරිලා ඉන්න දෙවියෝත් බය ඇති..