IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පසුගිය දශක තුනේ කාශ්මීරයේ ජනයා දුක් විඳි බවට වාර්තාවක්

ඉන්දීය කාශ්මීරයේ දහස් ගණනක් ජනතාව පසුගිය දශක තුනේදී වදහිංසාවලට මුහුණ දී ඇතැයි ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන නිකුත් කළ වාර්තාවක දැක්වේ.
 
මේ අනුව ඉන්දීය කාශ්මීරයේ ජනතාව මුහුණ දුන් වදහිංසා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂණයක් කළ යුතු යැයි ද එම සංවිධාන දෙක පවසා ඇත. 

අවස්ථා 432 දී වදහිංසා නිසා ඇති වූ තුවාලවල ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන් 40 දෙනකු මියගිය බව ද එම වාර්තාවේ සඳහන්ව තිබේ. 

අතුරුදන් වූවන්ගේ දෙමාපිය සන්ධානය (ඒ.පී.ඩී.පී) සහ ජම්මු කාශ්මීර සිවිල් සමාජ සන්ධානය (ජේ.කේ.සී.සී.එස්) එක්ව එම වාර්තාව සකස් කර තිබේ. කෙසේ නමුත් එම සංවිධාන දෙක කරන ප්‍රකාශ හා චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. මුලින්ම චෝදනා අධ්‍යයනය කළ යුතු යැයි බලධාරීහු කීහ. 

කාශ්මීර කැරැල්ලේ 30 වැනි සැමරුම මේ වසරට යෙදී තිබේ. වසර 1989 ඇති වූ එම කැරැල්ල නිසා දහස් ගණනකට ජීවිත අහිමි වූ එයින් බොහෝ දෙනා සිවිල් වැසියෝ වූහ. 

මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන හිමාල කඳුකර ප්‍රදේශයට අයත් කාශ්මීරයේ කොටසකට ඉන්දියාව අයිතිවාසිකම් කියන අතර තවත් කොටසකට පාකිස්තානය අයිතිවාසිකම් කියයි.
 
වසර 1947 දී කාශ්මීරය එලෙස දෙකට බෙදුණි. ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකට ඊට සම්පූර්ණයෙන් අයිතිවාසිකම් කියති. 

කාශ්මීර වැසියන් ඔවුන්ට විරුද්ධ වීම පාලනය කිරීම සඳහා ඉන්දියාව ජනතාවට වදහිංසා පුමුණුවන බව එම වාර්තාව අවධාරණය කර ඇත. වදහිංසා පැමිණවීම ඉන්දීය පාලනය පවතින ජම්මු හා කාශ්මීර ප්‍රදේශයේ පාලනය පවත්වාගෙන යෑම උපකරණයක් බවට පත්ව ඇතැයි යනුවෙන් එම වාර්තාව නම් කර තිබේ. 

 


ඒ.එෆ්.පී. ඇසුරිනි
 
- 055



අදහස් (0)

පසුගිය දශක තුනේ කාශ්මීරයේ ජනයා දුක් විඳි බවට වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site