මොස්කව්හිදීය (රොයිටර්)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවේදී ක්‍රිමියා අර්ධද්වීපය සම්බන්ධයෙන් සාකච්ඡා නොකෙරන බව ක්‍රෙම්ලීනය අද (2) සඳහන් කළේය.
රුසියාව 2014 වසරේදී යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියා අර්ධද්වීපය පවරා ගත් එය රුසියාවට අයත් වෙන් කළ නොහැකි කොටසක් යැයි ද ක්‍රෙම්ලීනය සඳහන් කර තිබේ. එබැවින් පුටින් හා ට්‍රම්ප් හමුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් සිදු නොවන බව ක්‍රෙම්ලීනය සඳහන් කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මේ මාසයේ දිනකදී ෆින්ලන්තයේ හෙල්සින්කිහිදී පැවැත්වීමට නියමිතය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd